අළු බඳුන කුසලාන තරගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
00000000000005.JPG

අළු බදුන කුසලාන තරගය පවත්වන්නේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතරය. 1882 වසරේ දී ආරම්භ වූ වඩාම උත්සවශ්‍රීයෙන් පවත්වන්නා වූ ජාත්‍යන්තර තරගයයි. දෙවසරකට වරක් ඕස්ට්‍රේලියාවේ දී හෝ එංගලන්තයේ දී මෙම තරගය පවත්වයි. ක්‍රිකට් ග්‍රීස්ම සෘතුවේ කෙරෙන ක්‍රීඩාවක් බැවින් විරුද්ධ අර්ධ ගෝලයන්හි මාස 18 හෝ 30 කට සැරයක් පවත්වයි. වර්තමානයේ දී ටෙස්ට් තරග පහර සෑම තරගයක්ම ඉණිම දෙකකින් සමන්විත වන ලෙස පවත්වයි. ජය පරාජයෙන් තොර තරගයක් වූ විට අළු බඳුන එම තරගාවලිය පැවැත් වූ රටේම තබා ගනී.

තරගාවලියට නම ලැබුණු ආකාරය ඉතා අපූරුය. එනම් 1882 “The Sporting Times”, පුවත් පතේ ඵල වූ අපූරු මරණ දැන්වීමකට අනුවය. එම දැන්වීම මෙසේය. ප්‍රථමවරට එංගලන්තයේ “ඕවල්” ක්‍රීඩාංගනයේ දී එංගලන්තය ඕස්ට්‍රේලියාවට පරාජය වූ විට ඔවුන් පැවසුවේ, ඉංග්‍රීසි ක්‍රිකට් කළුරිය කර ඇති බවත් ආදාහනයෙන් පසු එහි අළු ඕස්ට්‍රේලියාවට රැගෙන යන බවත්ය. ඊළඟ ඕස්ට්‍රේලියානු සංචාරය සංවිධානය කෙරුණේ එම අළු නැවත ගෙන ඒමටයි.

මෙම සංචාරයේ දී එංගලන්ත කණ්ඩායමේ නායකයා වූ අයිවෝ බ්ලයිග්ට මෙල්බෝන් කාන්තා කණ්ඩායමක් විසින් (මෙරතොට) - මැටි මිග්‍ර පිඟන් ගඩොලින් තැනූ බඳුන් පිරිනමන ලදී. එහි අඩංගු දෑ ලෙස සැලකුවේ ක්‍රිකට් උප තරග දැවූ අළුය. විශේෂයෙන්ම බේල්ස් ආදි වාසීන් විශ්වාස කරනුයේ එම අළු කින්ග් කෝල් 1868 දී සංචාරය කළ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අළු බවයි. මේ අතර ඩාම්ලි ඩොවාජර් ආදිපාදවරිය පවසනුයේ ඇ‍යගේ නැන්දනිය වන ෆොලනස් මෝර්ෆ් පැවසූ පරිදි එම අළු ගැහැණියකගේ වේලයක අළු බවයි.

සමහරු මෙම බඳුන අළු බඳුන තරඟාවලියේ කුසලානය ලෙස වැරදි ලෙස විශ්වාස කළ ද අයිවෝ බ්ලයින් පවසනුයේ එය පෞද්ගලික තිළිණයක් බවයි. මෙම බඳුනේ අනුරුව බඳුන් සංකේතයක් ලෙස ජයග්‍රාහී කණ්ඩායමට තිළිණ කළ ද සැබෑ බඳුන කිසිවිටකත් ප්‍රදර්ශනය කිරීමවත්, තිළිණ කිරීමවත් නොකෙරුනි. කුමන කණ්ඩායම ජයග්‍රහනය කළත්, එම මුල් බඳුන ලෝඩ්ස්හි මෙල්බෝර්න් ක්‍රිකට් සමාජයේ කෞතුකාගාරයේ කෞතුක වස්තුවක් බිරිඳගේ අවසාන කැමැත්ත පරිදි ඔහුගේ මරණින් පසු මෙයට පරිත්‍යාග කරන ලද්දකි.

1998 – 1999 අළු බඳුන තරඟාවලියේ සිට කුසලානය ලෙස Waterford Crystal නියෝජනයෙන් ප්‍රදානය කරයි.

දැනට එම කුසලානය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව ඇත. එය 5 – 0 ජයක් වාර්තා කරමිනි. ඒ 2006 - 2007 වසරේදීය. මී ළඟ තරගය 2009 වසරේදී එංගලන්තයේ දී පැවැත්වේ.

"http://si.wikipedia.org/w/index.php?title=අළු_බඳුන_කුසලාන_තරගය&oldid=249521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි