විලියම් ෂේක්ස්පියර්
විලියම් ෂේක්ස්පියර් | |
---|---|
වෘත්තිය | නාට්‍ය රචක, කිවි, සහ නළු වෘත්තිය |
සාහිත්‍යමය සංවිධානය | ඉංග්‍රීසි පුනරුද රංගපීඨය |
කලත්‍රයා(යන්) | ඈන් හාතවේ (වි. 1582–1616) |
දරුවන් | සුසානා හෝල් හැම්නට් ෂේක්ස්පියර් ජුඩිත් කුයිනි |
අත්සන |
විලියම් ෂේක්ස්පියර් (බෞතිස්ම කරන ලද්දේ 1564 අප්‍රේල් 26 – 1616 අප්‍රේල් 23) යනු ඉංග්‍රිසි කවියෙකු සහ නාට්‍ය රචකයෙකු වේ. ඉංග්‍රිසි භාෂාවෙන් නාට්‍ය රචනා කළ ශ්‍රේෂ්ඨතම ලේඛකයෙකු ලෙස සහ නාට්‍යකරුවෙකු ලෙස ඔහුව සළකනු ලැබේ. ඔහු බොහෝ විට හඳුන්වනු ලැබුණේ ‘එංගලන්ත ජාතික කවියාවශයෙන් සහ ‘ඇවෝන්හි කවියා’ වශයෙනි. දැනට ඉතිරිව තිබෙන ඔහුගේ නාට්‍ය ගණන 37 කි. ලුහුඬු කෙටි රචනා 154 කි. දීර්ඝ කාව්‍යයන් දෙකකි. තවත් නාට්‍ය රචනා කිහිපයකි. ඔහුගේ නාට්‍ය ලෝකයේ ප්‍රධාන ජීව භාෂා හැම එකකටම පාහේ පරිවර්තන සිදු කර ඇත. වෙනත් කිසිදු නාට්‍ය රචකයෙකුගේ නාට්‍යවලට වඩා ඔහුගේ කෘතින් නාට්‍යාකාරයෙන් රඟ දක්වනු ලැබේ.
ෂෙක්ස්පියර් උපත ලැබුවේත් ළමා කාලය ගත කළේත් ස්ටැෆර්ඩ් - අපෝන් - ඇවෝන් පෙදෙසෙහිය. ඔහුට වයස 18 දී ඔහු ඈන් හැතවේ නැමැති කාන්තාව සමග විවාහ වූ අතර එම දෙපළට සුසානා සහ නිවුන් දරුවන් වූ හැමට් සහ ජුඩිත් යනුවෙන් දරුවන් තිදෙනෙකුද විය. 1585 සිට 1592 අතර කාලය තුළ ඔහු නළුවෙකු, ලේඛකයෙකු වශයෙන් මෙන්ම ද ලොර්ඩ් චැම්බර්ලේන් නම් නාට්‍ය සමාගමේ හවුල්කරුවෙකු වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කළේය. මෙම ලෝර්ඩ් චැම්ප්ලේන් සමාගම පසුව ‘කිංග්ස් මෙන්’ වශයෙන් හැඳින්වුණි. 1613 වර්ෂයේදි ඔහු ලේඛන කටයුතුවලින් විශ්‍රාාම ගත් අතර ඉන් අවුරුදු තුනකට පසුව ස්ටැෆර්ඩ් පෙදෙසෙහිදීම මිය ගියේය. ෂේක්ස්පියර්ගේ පෞද්ගලික ජීවිතය ගැන ඉතිරිව තිබෙන ලේඛන කිහිපයක ඔහුගේ ලිංගික ජීවිතය හා ආගමික විශ්වාසය ගැන තොරතුරු ඇතුළත් වන අතර වෙනත් අයගේ ලේඛන ඔහුගේ නමින් ලියු බවට සැක පහළ කරවන බව හෙළි කරයි.
ෂේක්ස්පියර් ඔහුගේ ප්‍රසිද්ධ කෘතින් 1590 සහ 1613 අතර කාලය තුළ දී කරන ලදී. ඔහුගේ මුල් කෘති ප්‍රහසන කෘති වුවද ඓතිහාසික ඒවා විය. අනතුරුව ඔහු ප්‍රධාන වශයෙන් 1608 දක්වා ඛේදාන්ත ලීවේය. ඒවාට හැම්ලට්, ලියර් රජ සහ මැක්බත් ඇතුලත් වේ. මේවා ඉංග්‍රිසි භාෂාවෙන් කරන ලද අගනා කෘති ලෙස සළකනු ලැබේ. ඔහුගේ අවසාන වකවානුවේ ඛේදාන්ත හා ප්‍රහසන එකට කැටි කරමින් ලීවේය. ඔහුගේ බොහෝ නාට්‍ය ඔහුගේ ජීවිත කාලය තුළදීම මුද්‍රණය කරන ලදී. 1623 දි ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ඔහුගේ නාට්‍ය රචනාවල සංස්කරණය කරන ලද එකතුවක් අඩංගු ප්‍රථම පොත ප්‍රකාශයට පත් කළහ. දැනට ෂේක්ස්පියර්ගේ කෘතින් ලෙස හඳුනාගන්නා ලද එම කෘතියෙහි නාට්‍ය දෙකක් හැර සියලුම කෘතින් අඩංගු වේ.
ෂේක්ස්පියර් ඔහුගේ කාලය තුළ දී ගෞරවනීය නාට්‍ය රචකයෙකු සහ කවියෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වී සිටි නමුදු 19 වෙනි ශත වර්ෂය දක්වා වර්තමානයේ ලබා තිබෙන උච්චස්ථානයට පත් නොවීය. නව සංවිධාන විසින් විසි වෙනි ශත වර්ෂයේදි අධ්‍යාපන කටයුතුවලදී මෙන්ම රඟපෑමේ කටයුතු සඳහා ඔහුගේ කෘතින් දිගින් දිගටම ප්‍රයෝජනයට ගනිමින් සිටි. අද ද ඔහුගේ නාට්‍ය, ලෝකය පුරා විවිධ සංස්කෘතින් තුළ ජනප්‍රියව පවතී.
නාට්‍ය
[සංස්කරණය]ෂේක්ස්පියර්ගේ ලේඛන ජිවිතයේ කාල වකවානු හතරක් ගැන විද්වත්හු බොහෝ විට මත ප්‍රකාශ කරති. 1590 මැද භාගය දක්වා රෝම සහ ඉතාලි ආකෘති සහ ජනප්‍රිය වංශ කථා සම්ප්‍රදායේ ඓතිහාසික නාට්‍ය ඇසුරින් ඔහු ප්‍රහසනයන් රචනා කළේය. ඔහුගේ දෙවැනි යුගය 1595 දී පමණ ආරම්භ වේ. එම යුගය ‘රෝමියෝ ජුලියට්’ ඛේදාන්තයෙන් ඇරඹේ. 1599 දී එය අවසාන වන්නේ ‘ජුලියස් සීසර්’ ඛේදාන්තයෙනි. ශ්‍රේෂ්ඨ ප්‍රහසන සහ ඓතිහාසික කථා යයි සැළකෙන කෘතින් මෙම යුගය තුළ ලියැවුණු බව සැළකේ. 1600 සිට 1608 දක්වා ඔහුගේ ඛේදාන්ත රචනා යුගයයි. 1608 සිට 1613 දක්වා (Tragicomedies නමින් හැදින්වෙන) ඛේදාන්ත සහ ප්‍රහසන දෙකම අඩංගු ශෘංගාරයද පෙරටු කොට ගත් කෘතින් රචනා කළේය.
ෂේක්ස්පියර්ගේ පළමු වාර්තාගත කෘතින් වූයේ ‘3 වැනි රිචඩ්’ සහ ‘6 වැනි හෙන්රි’ හි කොටස් තුනකි. මෙම කෘතින් 1590 යුගයේ මුලදී ලියැවුණු අතර එම යුගයේ මෝස්තරයක් වූ ඓතිහාසික නාට්‍ය විය. ෂේක්ස්පියර්ගේ කෘතිවල කාල නිර්ණයන් කිරීම අපහසු වී තිබේ. මේ සම්බන්ධව කෙරුණු අධ්‍යයනවලදි ‘ටයිටස් ඇන්ඩ්‍රොනික්ස්, ද කොමඩ් ඔෆ් එරර්ස්’ ‘ද ටේමිං ඔෆ් ද ෂ්රූ’ සහ ‘ටූ ජෙන්ට්ල්මන් ඔෆ් වෙරෝනා’ වැනි කෘතින්ද ෂේක්ස්පියර්ගේ මුල් කාලීන කෘති ලෙස සැලකීමට හැකිය. රෆායෙල් හොලින්ෂෙඩ්ගේ (Raphael Holinshed) එංගලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත ඉතිහාස කථාවල 1587 සංස්කරණය ආශ්‍රයෙන් කළ ඔහුගේ පළමු ඓතිහාසික නාට්‍ය රචනා මගින් දුර්වල, දූෂිත පාලනයේ විනාශකාරි ප්‍රතිඵල නාට්‍යානූසාරයෙන් පෙන්වා දී ඇත. තවද ටියුඩර් රාජවංශයේ ආරම්භය සාධාරණීකරනය කරනු දැකිය හැකිය. මෙම රචනාවලට එළිසබෙත් යුගයේ අනෙකුත් නාට්‍යකරුවන්ගෙන්, විශේෂයෙන් තෝම්ස් කිඩ් සහ ක්‍රිස්ටෝෆර් මාර්ලොව්ගේ ආභාෂය ලැබුනේය. ‘ද කොමඩි ඔෆ් එරර්ස්’ (The comedy of errors) නම් කෘතිය ශාස්ත්‍රීය ආකෘතියක් මත පදනම් විය. එහෙත් ‘ටේමිංග් ඔෆ් ද ෂ්රූ’ නාට්‍යයට එවැනි මූලාශ්‍රයක් නොමැත. ඇතැම් විට ජන කථාවක් ඊට මුල් වන්නට ඇත. ෂේක්ස්පියර්ගේ මුල් කාලීන ඉතාලි සම්ප්‍රදායේ ප්‍රහසන නාට්‍ය 1590 මැද භාගය වන විට ශ්‍රේෂඨතම ප්‍රහසනවලට වෙනස් විය. ‘අ මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්’ නාට්‍යය අනුරාගයේ, හාස්‍යයේ, සහ සමාජයේ පහළ පෙලේ දර්ශනවල සංකලනයකි. ෂේක්ස්පියර්ගේ ඊළඟ ප්‍රහසනය වූයේ ඒ හා සමාන ‘ද මර්චන්ට් ඔෆ් වැනිස්’ කෘතියයි. එහි එළිසබෙත් යුගයේ දැක්මක් පිළිබිඹු කරන, පළිගැනීමේ ආශාවෙන් පෙළෙන, මුදල් පොලියට දෙන යුදෙව්වකුගේ ස්වරූපය විදහා පෙන්වයි. එසේ වුවද වර්තමානයේ ප්‍රේක්ෂකයාට එම නාට්‍ය ජාතිවාදි නාට්‍යයක් ලෙස පෙනේ. මච් ඇඩෝ එබවුට් නතිංග්, සිත් ඇදගන්නා ග්‍රාමීය පරිසර සහිත ‘ඈස් යූ ලයික් ඉට්’ සහ සතුටු උපදවන ‘ට්වෙල්ෆ්ත් නයිට්’ වැනි නාට්‍ය ෂේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රහසන ක්‍රමය පූර්ණත්වයට පත් කරයි. සම්පූර්ණයෙන්ම පද්‍යයෙන් ලියන ලද කාව්‍යමය ‘දෙවැනි රිචඩ්’ නාට්‍යයෙන් පසු ෂේක්ස්පිර් විසින් ‘හතරවැනි හෙන්රි’ කෘතියේ පළමු සහ දෙවැනි කොටස් සහ ‘පස් වැනි හෙන්රි’ වැනි ගද්‍ය ප්‍රහසන රචනා කරනු ලැබීය. ඔහු ඉතා නිපුන ලෙස ප්‍රහසන සහ ගැඹුරු දර්ශනවලට ද, ගද්‍ය වෙතින් පද්‍ය රචනා වෙතද මාරු වන විට ඔහුගේ චරිත වඩාත් සංකීර්ණ හා මෘදු බවට පත් වෙයි. මෙම යුගයේ ආරම්භ වන්නේද අවසාන වන්නේද ඛේදාන්ත දෙකකිනි. එනම් ‘රෝමියෝ ජුලියට්’ සහ ‘ජුලියස් සීසර්’ ගෙනි. රෝමියෝ ජුලියට් යනු ලිංගික වශයෙන් පරිණත වූ යෞවනයින්ගේ ආදරය සහ මරණය පිළිබඳ ඛේදාන්තයකි. ජුලියස් සීසර් නාට්‍යයට ශ්‍රීමත් තෝමස් නෝර්ත්ගේ පරිවර්තනයක් පාදක වී ඇත. 1600 සහ 1608 අතර කාලයේ ‘ප්‍රොබ්ලම් ප්ලේස්’ නමින් හඳුන්වනු ලැබු මෙෂර් ෆෝ මෙෂර්, ට්‍රොයිලුස් ඇන්ඩ් ක්‍රෙසිඩා සහ ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් කෘතින් රචනා කළේ වුවද එම යුගය ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත යුගය වශයෙන් හැඳින්වේ. එසේම ඊට කලින්ද ඛේදාන්ත ලියා තිබිණි. බොහෝ විචාරකයින් ෂේක්ස්පිර්ගේ ශ්‍රේෂ්ඨතම ඛේදාන්තයන් ඔහුගේ කලාවේ උපරිම තත්ත්වය පෙන්වා දෙන බැව් විශ්වාස කරති. ඉහත කි කෘති වලින් පළමු වැන්නෙහි කථා නායකයා වූ හැම්ලට් ගේ චරිතය ෂේක්ස්පියර්ගේ අනෙකුත් චරිත වලට වඩා බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වූ චරිතයකි. විශේෂයෙන් ඔහු තනිවම කථා කරන (“To be or not to be, that is the question” ) “වුනා හෝ නොවුනා හෝ එය තමයි ප්‍රශ්නය” නමැති කොටස සම්බන්ධයෙනි. ඔතෙලෝ හීදි එහි දුෂ්ටයා විසින් ඔතෙලෝගේ ලිංගික ඊර්ෂ්‍යාව ඔහුට ආදරය කළ ඔහුගේ අහිංසක බිරිඳ මරණයට පත් කිරිම දක්වා අවුළුවනු ලබන්නේය. ‘ලියර් රජ’ නාට්‍යයෙහි දී වියපත් රජු විසින් ඔහුගේ බලය අත් හැරීමෙන් ඔහුගේ දියණිය මැරීමට සැලැස්වීමත් ග්ලොසෙස්ටර් හි අර්ල්වරයාට වදහිංසා පමුණුවා ඔහු අන්ධ කිරීමටත් සැලැස්වීය. ෆ්රෑන්ක් කර්මෝඩ් නම් විචාරකයාට අනුව නාට්‍යයෙන් එහි හොඳ චරිත නොපෙන්වනවා සේම එහි තිබෙන කෲරත්වයෙන් කිසිදු සහනයක් ප්‍රේක්ෂකයාට ලබා නොදෙන්නේය. ෂේක්ස්පියර්ගේ සංක්ෂිප්ත ඛේදාන්ත නාට්‍යයක් වූ මැක්බත් හි මැක්බත් සහ ඔහුගේ බිරිඳ වූ මැක්බත් ආර්යාව ඔවුන්ගේ පාලනය කළ නොහැකි දැඩි ආවේගය හේතුකොට ගෙන නීත්‍යානූකූල රජු මැරීමට සළස්වා අනියම් අන්දමින් සිහසුනට පත් වූහ. පසුව ඔවුන් කළ වරද නිසාම ඔව්හු විනාශයට පත් වූහ. මෙම නාට්‍යයේ ෂේක්ස්පියර් ඛේදාන්ත ගොඩනැංවීමට අද්භූත අංගයන්ද එකතු කරයි. ඔහුගේ අවසාන ප්‍රධාන ඛේදාන්තයන් වූ ඇන්ටනී සහ ක්ලියෝපැට්රා සහ කොරියොලනුස් හි ෂේක්ස්පියර්ගේ කදිම කවි අඩංගු කර ඇත. ටී.ඇස්.එලියට් නම් කිවියා සහ විවේචකයා ඒවා ෂේක්ස්පියර්ගේ ඉතා සාර්ථක කෘතින් ලෙස පෙන්වා දී ඇත.
ඔහුගේ අන්තිම යුගයේදි ෂේක්ස්පියර් ආදරයද ඛේදාන්ත සහ ප්‍රහසන මිශ්‍ර ක්‍රමයටද හැරී තවත් ප්‍රධාන ගණයේ නාට්‍ය තුනක් නිර්මාණය කළේය. ඒවා නම් සිම්බේලින්, ද වින්ටර්ස් ටේල් සහ ද ටෙම්පෙස්ට් වෙයි. ඔහු තව දුරටත් අටවැනි හෙන්රි සහ ද ටූ නෝබල් කින්ස්මන් නම් නාට්‍ය දෙකක් ලියා ඇත. මේවා ජෝන් ෆ්ලේටර් සමග එක්ව කරන්නට ඇතැයි සිතිය හැකිය .
කෘතින්
[සංස්කරණය]ප්‍රහසන ඓතිහාසික ඛේදාන්ත
ෂේක්ස්පියර් ප්‍රහසන ෂේක්ස්පියර් ඉතිහාස කථා ෂේක්ස්පියර් ඛේදාන්ත
ඔල්ස්වෙල් දැට් එන්ඩ්ස් කිංග් ජෝන් රෝමියෝ සහ ජුලියට් වෙල් (All’s Well That දෙවෙනි රිචඩ් කොරියලනුස් Ends Well)
ඈස් යූ ලයික් ඉට් (As හතර වැනි හෙන්රි පළමු ටයිටස් ඇන්ඩ්‍රොනිකස් කොටස කොටස You Like It)
ද කොමඩි ඔෆ් එරර්ස් හතර වැනි හෙන්රි දෙවැනි (The Comedy of Errors කොටස
ලව්ස් ලේබරස් ලොස්ට් පස් වැනි හෙන්රි ඇතන්ස් හි ටයිමන් (Loves Labourers Lost
මෙෂර් ෆෝර් මෙෂර් හය වැනි හෙන්රි 1 වැනි (Measure for Measure) කොටස ජුලියස් සීසර්
ද මර්චන්ට් ඔෆ් වෙනිස් හයවැනි හෙන්රි (දෙවැනිකොටස) මැක්බත් (The Merchant of Venice) හයවැනි හෙන්රි, තුන්වැනි කොටස ද මෙරි වයිව්ස් ඔෆ් වින්ඩ්සර් (The Merry Wives of Windsor)
අ මිඩ්සමර් නයිට්ස් ඩ්‍රීම් ලියර් රජ (A Midsummer Night’s Dream) ඔතෙලෝ
මච් ඇඩෝ අබවුට් නතින්ග් ඇන්තනී සහ ක්ලියෝපැට්රා (Much Ado About Nothing) සිම්බෙලින්*
පෙරික්ලස්, ප්‍රින්ස් ඔෆ් ටයර්
ද ටේමින්ග් ඔෆ් ද ෂරූ
ද ටෙම්පස්ට්
ට්වෙල්ව්ත් නයිට් ඔර් වට් යූ විල් (Twelfth Night or What you Will)
ද ටූ ජෙන්ට්ල්මන් ඔෆ් වෙරෝනා (The Two Gentlemen of Verona)
ද ටූ නෝබල් කින්ස්මන් (The Two Noble Kinsmen)
ද වින්ටර්ස් ටේල් (The Winter’s Tale)
කාව්‍ය නැති වූ නාට්‍ය අසත්‍ය ලෙස සැළකෙන ප්‍රබන්ධ
ප්‍රධාන කෘතිය ෂේක්ස්පියර්ගේ ලව්ස් ලේබර්ස් වොන් ෂේක්ස්පියර් ගේ ලුහුඬු පද්‍ය (Love’s Labour’s Won) අසත්‍ය ප්‍රබන්ධ
වෙනුස් සහ අදෝනිස් ආර්ඩන් ඔෆ් ෆැවෙර්ෂැම් (Arden of Faversham) ද රේප් ඔෆ් ලුක්රස් (The Rape of Lucrece) ද බර්ත් ඔෆ් මර්ලින් (The Birth Of Merlin) ද පැෂනේට් පිල්ග්‍රිම් (The Passionate Pilgrim) ලොක්රින් (Locrine)
ද ෆීනික්ස් ඇන්ඩ් ද ටර්ටල් ද ලන්ඩන් ප්‍රොඩිගල් (The (The Phoenix and the Turtle) London Prodigal)
උ ලවර්ස් කොම්ප්ලේන් ද ප්‍යුරිටන් (The puritan) (A Lover’s Complaint) ද සෙකන්ඩ් මේඩන්ස් ට්‍රැජඩි (The Second Maiden’s Tragedy)
සර් ජෝන් ඔල්ඩ්කාස්ල් (Sir John Old castle)
තෝමස් ලෝර්ඩ් ක්‍රොම්වෙල්
අ යෝර්ක්ෂයර් ට්‍රැජඩි
එඩ්වර්ඩ් III
සර් තෝමස් මොර් (Sir Thomas More)