මොහන්දාස් කරම්චන්ද් ගාන්ධි
උපත | 1869 ඔක්තෝම්බර් 02 වන දින |
විපත | 1948 ජනවාරි 30 වන දින (වයස අවු : 78), ඉන්දියාවේ නව දිල්ලිහිදී |
මරණයට හේතුව | ඝාතනය කරන ලදී |
ජාතිය | ඉන්දියානු |
වෙනත් නම් | මහාත්මා ගාන්දි |
අධ්‍යාපනය ලැබුවේ | ලන්ඩන් විශ්ව විද්යාලය |
ප්‍රසිද්ධියට පත්වූයේ | ඉන්දියානු නිදහස් අරගලයේදී |
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්රසය |
ආගම | හින්දු |
බිරිඳ | කස්තුර්බා ගාන්ධි |
දරුවන් | හරිලාල්, මනිලාල්, රාම්දාස්, දේව්දාස් |
අත්සන |
මහත්මා ගාන්ධි ලෙසින් පසිද්ධියට පත් මෙතුමා උපත ලැබුවේ 1869 ඔක්තෝබර් මස 02 වන දිනය . මොහු ඉන්දියාවේ බලවත් දේශපාලන හා අධ්යාත්මීය නායකයෙක් වූ අතර ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියා ලෙස කටයුතු කළේය. තවද, ඔහු සත්‍යග්‍රහ දර්ශනයේ පුරෝගාමියා විය. අයහපත් දේ වෙනුවෙන් විරුද්ධත්වය පෑම හා සත්‍යය වෙනුවෙන් නැගී සිටීම උදෙසා අවිහිංසාවාදීව ගෙන ගිය සටන තුළින් ඉන්දියාව නිදහසේ මාවතට පිවිසි අතර සිවිල් අයිතීන් හා නිදහස පිළිබඳ ලෝකයාගේ සිත් තුළට කා වැද්දීමට ගාන්ධිතුමාගේ මෙකී සටනට හැකි විය. ගාන්ධි තුමා පොදු වශයෙන් ඉන්දියාවේ හා මුළු මහත් ලෝකයේම මහත්මා යන විශේෂණ පදයෙන් අර්ථ කථනය කරයි. (මහාත්මා යනු විශිෂ්ඨ ආත්මයක් ඇති පුද්ගලයෙක් යන අර්ථය දේ. තාගෝර් විසින් ගාන්ධිතුමා වෙත මෙම විශේෂණය යොදන ලදී. ) එමෙන්ම බාපු යවන නාමයෙන්ද ගාන්ධිතුමාව ඇතැමෙක් හඳුන්වනු ලබයි. (ගුජරාට් = බාපු = පියා) ඉන්දියාවේ ගාන්ධිතුමාට නිල වශයෙන් ප්‍රධානය කරන ලද ගෞරව නාමය වනුයේ “ජාතියේ පියා” යන විරුදාවලියයි. එමෙන්ම ඔක්තෝබර් මස 02 ව දිනට යෙදෙන ඔහුගේ ජන්ම දිනය සෑම අවුරුද්දකම පාහේ අනුස්මරණය කරනු ලබන්නේ ගාන්ධි ජයන්තිය යන නමිනි. එදින ජාතික නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් වීඇත. 2007 ජුනි මස 15 වන දින පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීම මගින් එකහෙලා ප්‍රකාශකර සිටියේ ඔක්තෝබර් 02 වැනි දින අන්තර්ජාතික අවිහිංසාවාදී දිනය ලෙස නම් කළ යුතු බවයි.
අප්රිකාවේ සිට නැවත මව් රටට පැමිණීමත් සමග ඔහු දුප්පත් ගොවියන් කම්කරුවන් එක්රැස්කළේ මහත් වූ පීඩා ගෙන දෙන බධු අයකිරීම්වලට එරෙහි හා විශාල වශයෙන් පැතිර ගිය උස් පහත් භේදයන්ට එරෙහිවය. ඉන්දියානු ජාතික කොංග්‍රරසයේ අහංකාර නායකත්වයට එරෙහිව ගාන්ධි විසින් ජාතික මට්ටමින් කරනු ලැබූ සංග්රාමයෙන් ඔහු කියා සිටියේ දුප්පතුන්ට සහනයත් , කාන්තාවන්ට විමුක්තියත් , විවිධ ආගම් හා ජන වර්ග අතර සහෝදරත්වය ඇති කරන ලෙසත් , සර්ව සම්පූර්ණ ආර්ථිකයක් ඇති කරන ලෙසත්ය.ඒ සියල්ලන්ටමත් වඩා ස්වරාජ්යයක් එනම්, විදේශ ආධිපත්‍යයෙන් මිදී ඉන්දියාව ස්වාධීනව නැගී සිටිය යුතු බව තරයේම ප්‍රකාශ කළේය. බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවේ ඇති කළ ලුණු බද්ධට එරෙහිව ගාන්ධිතුමා තම ජාතිය ප්‍රසිද්ධියේම මෙහෙයවනු ලැබීය. මීට එරෙහිව 1930 පවත්වන ලද 400 km ක් වූ පා ගමන ඩෑන්ඩ් සෝල්ට් චාර්ච් නම් විය. එපමණක් නොව 1942 ඔහු බ්රිතාන්යය පාලකයන් හට විවෘතව ඇරයුම් කර සිටියේ නිදහස් ඉන්දියාවක් ගොඩනැංවීම සඳහායි. ගාන්ධි තුමා බොහෝ කාලයක් විවිධ අවස්ථාවන්හිදී දකුණු අප්රිකාවේදීත් , ඉන්දියාවේදීත් සිරගත කරනු ලැබිණි.
ගාන්ධිතුමා හැම අවස්ථාවකදීම අවිහිංසාවාදය හා සත්‍යඅගය කොට සැලකීය. ඔහු චාම් සරල දිවිපෙවෙතක් ගත කළ අයෙක් විය. ඔහු විසින්ම ගොඩ නගාගත් ආශ්රමයේ වූයේ ඔහුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණකි. තම ඇඳුම් පැළඳුම් තමා විසින්ම සකස්කරගත් ඒවා විය. හෙතෙම, අතින් ක්‍රියාත්මක කරන ලද චර්කයකින් වියා ගන්නාද ලද නූල් වලින් මැසූ සාම්ප්‍රදායික ඉන්දියානු ජෝතිය හා සලුව භාවිතා කළේය. ඔහු සරල එළවළු ආහාරයට ගන්නා ලදී. එමෙන්ම ඔහු නිරාහාරව උපවාසයේ යෙදී සිටි කාලයද අති මහත්ය. සමහර දාට මසකටත් වඩා ඔහු එසේ සිටියේ තම ආත්ම පාරිශුද්ධත්වය හා විරෝධය ඵල කිරීම පිණිසම වේ.