Jump to content

කාශ්මීර සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

කාශ්මීර සාහිත්‍යයට එහි සංස්කෘත භාෂාවේ කීර්තිමත් යුගය දක්වා අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇත. මෙම සාහිත්‍යය පිළිබඳව සඳහන් කිරීමේදි පැරණි නම් අතරට පානිනි ව්‍යාකරණ පිළිබඳ විස්තර කරන මහා භාෂ්‍ය කෘතියේ කර්තෘ වූ ජිතන්ජලි ද ඇතුළත් වේ. යෝග සූත්‍ර නමින් හැඳින්වෙන හින්දු රචනාව ලිවීමට ද එය මුල් වන්නට ඇතැයි ඇතමෙක් අනුමාන කරයි.


මධ්‍ය කාලීන යුගයේ කලා, සංස්කෘතික සහ දර්ශනය පිළිබඳව මහා කාශ්මීර නිම්න නිකාය වූ කාශ්මීර ශිව ධර්මය පැන නැගුණේය. මෙහි ශ්‍රේෂ්ඨ නායකයන් අතරට වාසුගුප්ත (ක්‍රි.ව.800) උත්පල (925) අභිනව ගුප්ත සහ ක්ෂේමරාජ යනාදීහු ගැනෙති. සුන්දරත්ව වාදය තුළට ආනන්දවර්ධන සහ අභිනව ගුප්ත යන දෙදෙනාද ඇතුළත් කළ හැකිය. පරම්පරා බොහෝ ගණනකට පසු නුතන කාලයේදී ඉන්දියාවේ ශ්‍රී නගර්, ඉෂ්භර් හි ස්වාමි ලක්ෂ්මන් ජූ විසින් එම නිකායට පුනර්ජීවනයක් එක් කරන ලදී.

ගුප්ත අදහස් සහිත රචනා ලියු ලාල්ලෙශ්වරි නැතහොත් ලාල් දේද් නැමති කිවිඳිය ගෙන් කාශ්මීර භාෂාව පාවිච්චි කිරීම ඇරඹුණේය. ඇයගේ සමකාලීන වුද, කාශ්මීරයේදී සම්මානයට පාත්‍ර වූ තවත් මුනිවරයෙක් වූ නුන්ඩා රෙෂි ඔහුගේ ජ්‍යෙෂ්ටයා වූ ලාල් දේද් මෙන් බලවත් කාව්‍යයන් රචනා කළේය. පසුව හබ්බා ඛටුන් (16 වෙනි සියවස) ඇයගේ ‘ලොල්’ ශෛලිය සමග පැමිණියාය. වෙනත් ප්‍රධාන නම් වශයෙන් රූපා භවනි (1621-1721) අර්නිමල්, මහ්මුඩ් ගම් (1765-1855) රසුල් මීර්, පරමා නන්ද (1791-1804) මක්බුල් ෂා කරලවරි (1820-1976) සහ ෂාමාස් ෆකීර් වහාබ් ඛාර්, සොක් ක්රාල්, සමාද් මීර් සහ අහඩ් සාර්ගර් වැනි සුෆි කවින්ද ඊට ඇතුළත් වේ. නවීන කවියන් අතරට ගුලාම් අහමඩ් මජූර් (1885-1952) අබ්දුල් අහඩ් අසාද් (1903-1948) සහ සින්ඩා කවුල් (1884-1965) ද ගැනෙති. ළ 1950 කාලයේදි හොඳින් අධ්‍යාපනය ලැබු තරුණ පිරිසක් කාශ්මීර් ලේඛන කලාවට එක්වෙමින් ගද්‍ය, පද්‍ය රචනා කරමින් වර්තමාන කාශ්මීර් ලේඛන කලාවෙහි විශාල දියුණුවක් ඇති කළහ. මෙම ලේඛනයන් අතරට දිනනාත් නදිම් (1916-1988) රහ්මන් රහි, මුසාෆර් ආසීම්, ගුලාම් නබි ෆිරාක්, අමින් කමිල් (1923 - ) අලි මොහ්ඩ් ලෝන්, අක්තාර් මොහිඋද්දින් සහ සරවනන්ද කවුල් ‘ප්‍රේම්’ ද ඇතුළත් වූහ. පසු කාලීන ලේඛකයින් ලෙස හරි ක්‍රිෂන්, කවුල් මජ්රූ රශිඩ්, රත්තන්ලාල් ෂාන්ත්, හිර්දේ කවුල් භාර්ති, නසීර් ජහන්ගිර්, මොටිලාල් කෙම්මු (නාට්‍ය රචක) ආදින් සළකනු ලැබේ.

සමකාලීන කාශ්මීර සාහිත්‍යය, ජම්බු සහ කාශ්මීර කලා, සංස්කෘතිය හා භාෂා ඇකඩමිය විසින් ප්‍රසිද්ධ කරන ලද “ෂිරාසා” හි දැකිය හැකිය. එමෙන්ම කාශ්මීර විශ්වවිද්‍යාලයේ කාශ්මීර දෙපාර්තමේන්තුව විසින් පළකරනු ලබන ‘අන්හාර්’ හිදි ස්වාධීන සඟරාවක් වූ බොස්ටන් හි සිට ප්‍රසිද්ධ කරන නියැබ් ඉන්ටර් නැෂනල් කාශ්මීර් සඟරාවද තවත් ස්වාධින ප්‍රකාශනයක් වූ ‘වාක්’ මෙන්ම ‘කොෂූර් සමාචාර්’ හිද එම සාහිත්‍ය නිර්මාණ පළවේ.


සටහන්

[සංස්කරණය]
Kashmiri_literature
"https://si.wikipedia.org/w/index.php?title=කාශ්මීර_සාහිත්‍යය&oldid=472071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි