පරිශීලක:Wmschinthak143
ශ්‍රි ලංකා ජනබල පෙරමුණ sri lanka janabala peramuna SLJ SRI LANKA
[සංස්කරණය]දැක්ම
දියුණු, යහපත්, සාධාරණ, නිවැරදි, විනයගරුක, බුද්ධිමත්, ජයග්‍රාහී පොදු මහජනතාව බලවත් ධර්මිෂ්ඨ ජනසමාජීය දේශයක් නිර්මාණය කිරීම.
මෙහෙවර
පොදු පෞඩ ඉතිහාසය සුරක්ෂිත කරමින් තවද පෝෂණය කරමින් පූර්ණ නිදහස බලවත්ව පවතින සෑම අතින්ම පොදු මහජනතාව බලවත් ජයග්‍රාහී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම සඳහා විධිමත් දෑ හිතකාමී පොදු ජන නායකත්වයන් බිහි කරමින් ඔහුනොවුන්ගේ දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව සමාජ ගත කරමින් නව දේශපාලන ක්‍රම වේදයන් තුළින් දේශය පාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් විසින් සිදු කළ යුතු දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව සාධාරණව ඉටු කිරීම.
ප්‍රධාන අරමුණ
සියළුම ජනතාව එක්සත්ව විසිරී පවතින දේශපාලන බුද්ධි මතවාදයන් හා ක්‍රමවේදයන් එක් කරමින් ප්‍රබල බුද්ධි මතවාදී ජනසමාජීය දේශයක් දැයට දායාද කිරීම.
01, සියළු ජනතාවට සුවපහසු නිවාස, සුපිරිසිදු ආහාර, සුපිරිසිදු ජලය, සුපිරිසිදු වායුව පූර්ණ නිදහස සහිතව සුව පහසුවෙන් සාමයෙන් තෘප්තිමත්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
02, ශ්‍රි ලංකාව සෑම අතින්ම ස්වයංපෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියළුම රාජ්‍යය/පුද්ගලික අංශයන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් හැකි උපරිම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
03, දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දේශිය ගොවි කෘෂි නිෂ්පාදන වලට දේශිය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
04, සියළුම ජාතික ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
05, වර්ථමානයට අනාගතයට ගැලපෙන නව රාජ්‍යය පාලන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා සම්මතයක් තුළින් ක්‍රියාත්මක කිරීම සහ පවතින පක්ෂ දේශපාලනය නවතා නව ජනතා ජාතික ප්‍රථිපත්තිමය දේශපාලනයට පරිවර්ථනය කර ජනතා ජාතික ප්‍රථිපත්තිමය දේශපාලනය තුළින් රාජ්‍යය පාලනය සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
06, සියළු පාසල් ළමුන් හා ජනතාව සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් බුද්ධිමත් ශ්‍රි ලාංකික ජනතාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
07, රාජ්‍යය පුද්ගලික දේශිය කර්මාන්ත ව්‍යාපාර නගා සිටුවා අනර්ඝ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය තුළින් එම නිෂ්පාදන සඳහා දේශීය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ව්‍යාපාර කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත සංවර්ධනය තුළින් ජාතික ආර්ථිකය සවි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම.
ප්රමුඛ ප්‍රතිපත්ති මාලාව.
පක්ෂ පාට දේශපාලනය නවතා දමා "ජාතික ජනතා ප්‍රතිපත්තිමය දේශපාලනයට" රට ජනතාව පරිවර්තනය කිරීම.
ශ්‍රී ලංකා ජනබල පෙරමුණ නායක "චින්තක වනිගසූරිය" විසින් දැනටමත් නිර්මාණය කර ඇති "නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" ජනමත විචාරණයක් තුළින් සම්මත කරගැනීමට කටයුතු කිරීම.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් "ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක්" ස්ථාපිත කර පොදු මහජනතා, පක්ෂ, කණ්ඩායම්, වෘත්තිය සමිති, සංගම් ඇතුළු සියලුම පාර්ශව එක්ව ජාතික පොදු ප්‍රතිපත්තියක් සකස් කර ශ්‍රී ලංකාව ක්‍රමවත් හා විධිමත් පාලනයක් තුළින් ඉහළ තළයේ රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම.
කෘෂිකර්ම ප්‍රතිපත්තිය
- උසස් ප්‍රමිතියකින් යුතු බීජ, පොහොර ඇතුලු අදාල එම එම වගාවන් සදහා අවශ්‍යය සියළුම නිෂ්පාදන ඉතාම සහන මිලකට ක්‍රමවත්ව ලබා දී ගොවි ජනතාවගේ නිෂ්පාදන ඉහළ නැන්වීමට අවශ්‍යය ගත හැකි සියළු ක්‍රියාමාර්ගයක්ම ගැනීම.
- ගොවි නිෂ්පාදන රාජ්‍යය හා පුද්ගලික එකාබද්ධ ක්‍රියාදාම ප්‍රතිපත්ති සැලසුම මගින් සාධාරණ ඉහල මිලක් යටතේ මිල දී ගැනීම.
- ගොවි නිෂ්පාදන රාජ්‍යය හා පුද්ගලික එකාබද්ධ ක්‍රියාදාම ප්‍රතිපත්ති සැලසුම මගින් සාධාරණව ජනතාවට දැරිය හැකි මිලක් යටතේ පාලන මිලකට අලෙවි කිරීම.
- දේශීය ආදායම් ආර්ථික ප්‍රතිපත්තිය
- බදු සහන ලබා දීම.
- ජාතික ආර්ථික සවි ශක්තිමත් කිරීමට අවශ්‍යය සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ආර්ථික මණ්ඩලයක් පිහිටුවා රාජ්‍යය ව්‍යාපාර හා දේශීය පුද්ගලික ව්‍යාපාර ඒකාබද්ධ සැලසුම ක්‍රියාත්මක කිරීම.
- රාජ්‍යය ආදායම් වියදම් කළමණාකරණ සැලසුම් ප්‍රතිපත්තිය මගින් ලාභ අතිරික්ත දිමනාවක් ජනතාට මාසිකව ලබා දීම.
- විදේශීය ආදායම් ආර්ථික ප්‍රතිපත්තිය
- අපනයන, සංචාරක, විදෙස් රැකියා, ප්‍රතිඅපනයන මගින් ජාතික ආර්ථික සවි ශක්තිමත් කිරීමට අවශ්‍යය සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා ජාතික ආර්ථික මණ්ඩලයක් පිහිටුවා රාජ්‍යය ව්‍යාපාර හා දේශීය පුද්ගලික ව්‍යාපාර ඒකාබද්ධ සැලසුම ක්‍රියාත්මක කිරීම.
- රැකියා ප්‍රතිපත්තිය
- දැනට පවතින රැකියා සදහා සහ තවත් නව රැකියා ඇති කර දවසේ වැඩ කරන කාලය පැය 18ක් ලෙස සැලසුම් කර පැය හයේ කොටස් තුනකට වෙන් කර එකම රැකියා පුරප්පාඩුව තිදෙනෙකුට බෙදී යන ආකාරයට රාජ්‍යය හා පුද්ගලික එකාබද්ධ රැකියා සැලසුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර විරැකියාව අවම කර සෑම පුරවැසියෙකු සඳහාම ස්ථිර වූ ආදායම් මාර්ගයක් සකස් කර රැකියා ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම.
- රජයේ රැකියා, පුද්ගලික රැකියා, විදෙස් රැකියා, ස්යං රැකියා සෑම වයස අවුුරුදුු 18 සම්පූර්ණ සිට ඉහලට සෑම පුරවැසියෙකු සදහාම පුද්ගලික ආර්ථික ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති සැලසුම ක්රීයාත්මක කිරීම. (නීති විරෝධීව මූල්‍යය ඉපඊම එමගින් නතර විම සිදු වේ)
- වයස අව්රුදු 60 සිට ඉහලට පුරවැසියන් සෑම පුරවැසියකු සදහාම විශ්‍රාම වැටුපක් ලබා දීම.
- රාජ්‍ය හා පුද්ගලික සේවා රැකිය ලාභී සහය ප්‍රතිපත්ති ප්‍රකාශය රාජ්‍ය සේවා රැකිය ලාභී ප්‍රතිපත්ති
- 1. තෝරා ගනු ලබන ක්ෂේත්‍ර කිහිපයක් හැර අනෙකුත් සෑම රාජ්‍ය සේවා ආයතන සේවා රැකිය ලාභීන් සඳහා සේවා කාලය පැය හයක් ලෙස සකස් කර සේවා මුර ක්‍රමයට පැය දහ අටකට වැඩ කරන කාලයක් පුරා ජනතා සේවයට කැපවූ උසස් ප්‍රමිතියෙන් යුතු ගෞරවණීය රාජ්‍ය සේවා යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කිරීම. 2. සෑම සේවා මුරයක් සදහාම පෝෂ්‍යදායී පූර්ණ ආහාර වේලක් සහ අතිරේක කෙටි ආහාරයක් සමඟ පෝෂ්‍යදායී පානයක් නොමිලේ ලබා දීම. 3. කාලානුරූපව උසස් ජීවන තත්ත්වයක් ගොඩ නගා ගැනීමට හැකියාවක් ඇති සුදුසු විශේෂ වැටුප් චක්‍රයක් ක්‍රියාත්මක කර තෘප්තිමත් කාර්යක්ෂම රාජ්‍ය සේවා රැකිය ලාභීන් බවට පරිවර්තනය.
- 4. රාජ්‍ය සේවා පවුල් ඒකක සදහා විශේෂිත දේශීය හා විදේශිය සංචාරක අවස්ථාවන් සදහා විශේෂිත අරමුදලක් මගින් විශේෂිත සේවා ඇගයීම් වරප්‍රසාදයක් ලබා දීම.
5. රාජ්‍ය පරිපාලන සේවයේ පවතින බිද වැටීම සහ අකාර්යක්ෂමතාව සඳහා විශේෂ විද්‍යානුකූල ක්‍රමවේදයක් යටතේ යථා තත්ත්වයට පත් කර රාජ්‍ය පරිපාලන අංශයේ අක්‍රමිකතා වැලැක්වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනය තුළින් රාජ්‍ය පරිපාලනය ක්‍රමානුකූලව පවත්වාගෙනයාම.
6. අධ්‍යාපන ක්ෂේත්රයේ රාජ්‍ය සේවා රැකිය ලාභීන් සදහා උසස් පිළිගැනීමක් සහිත ගෞරවණීය ගුරු වෘත්තීයක් බවට පරිවර්තනය කිරීම.
7. සියලුම රාජ්‍ය සේවා රැකිය ලාභීන් සඳහා සුදුසු වන්නා වු උසස් ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය හා පුද්ගලික ඒකාබද්ධ විශේෂිත ප්‍රවාහන ක්‍රමවේදයක් යටතේ සෑම රාජ්‍ය ආයතනයක් සදහාම ප්‍රවාහනය නොමිලේ ලබා දීම.
8. කාලානුරූපව උසස් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා සුදුසු විශ්‍රාම වැටුප් සෑම රාජ්‍ය සේවා රැකිය ලාභීන් සදහාම විශේෂ සැලසුමක් යටතේ ලබා දීම.
පුද්ගලික සේවා රැකිය ලාභී ප්‍රතිපත්ති
1. පුළුල්ව දේශීය ව්‍යාපාර කර්මාන්ත ක්ෂෙත්රයේ දැවැන්ත සංවර්ධනය තුළින් උසස් ප්‍රමිතියෙන් යුතු පුද්ගලික අංශයක් බවට පරිවර්තනය කර පුද්ගලික අංශයේ විශාල රැකිය ප්‍රමාණයක් ජනතාව අතර බෙදියන ආකාරයට විශේෂිත විද්‍යානුකූල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිම.
2. සෑම පුද්ගලික අංශයේ සේවා රැකිය ලාභීන් සදහාම විශේෂ වූ විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා නිර්දේශ නිකුත්කර වගකීම් සහගත පුද්ගලික ආයතනය පද්ධතියක් ප්‍රතිනිර්මාණය කිරීම.
3. පුද්ගලික ආයතන අංශයේ සේවා රැකිය ලාභීන් සඳහා කාලානුරූපව උද්ගත වන හානිදායක තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවීම.
4. උසස් ප්‍රමිතියෙන් යුතු පුද්ගලික සේවා ආයතන පද්ධතියක් ප්‍රතිනිර්මාණය සඳහා සුදුසු නව ක්‍රමවේද අනුගමනය කර තෘප්තිමත් කාර්යක්ෂම පුද්ගලික සේවා රැකිය ලාභීන් බවට පරිවර්තනය.
5. පුද්ගලික සේවා රැකිය ලාභීන් සඳහා විශේෂ ප්‍රවාහන ක්‍රියාවලියක් ආයතනික කළමනාකාරිත්වය සමග එකඟතාවක් අනුව රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.
6. සේවා මුර ක්‍රමයට පුද්ගලික ආයතන සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට හැකිවන පරිදී රැකියා පුරප්පාඩු රහිත පුද්ගලික ආයතනික සේවා පද්ධතියක් මගින් රැකියා වෙළඳපොල පරිපූර්ණ කිරීම.
7. වැඩ කරන කාලයේ පෝෂ්‍යදායී ආහාර වේලක් සහ අතිරේක කෙටි ආහාරයක් සමඟ පෝෂ්‍යදායී පානයක් නොමිලේ ලබා දීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ආයතනික කළමනාකාරිත්වය සමග එකඟතාවයන් මත නිර්දේශ ලබාදීම.
8. පුද්ගලික සේවා ආයතන සේවා රැකිය ලාභීන් සඳහා විශේෂ වැටුප් චක්‍ර ලේඛයක් මඟින් උසස් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමට සුදුසු වැටුපක් සඳහා පුද්ගලික සේවා ආයතන නිෂ්පාදන භාණ්ඩ හා සේවාවන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී දියුණු ලාභ ලබන පුද්ගලික සේවා ආයතන බවට පරිවර්තනය කර පුද්ගලික අංශයේ අක්‍රමිකතා සිදු වීම වලක්වාලීමට කටයුතු කිරීම.
ජාතික අපේක්ෂාවන්
[සංස්කරණය]01, සියළු ජනතාවට සුවපහසු නිවාස, සුපිරිසිදු ආහාර, සුපිරිසිදු ජලය, සුපිරිසිදු වායුව පූර්ණ නිදහස සහිතව සුව පහසුවෙන් සාමයෙන් තෘප්තිමත්ව ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සදහා අවශ්‍ය දේශපාලන සේවය ඉතා නිවැරදිව ලබා දීම;
02, ශ්‍රි ලංකාව සෑම අතින්ම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියළුම රාජ්‍යය/පුද්ගලික අංශයන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් හැකි උපරිම ස්වයන්පෝෂිත දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
03, දේශිය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් යටතේ දීර්ඝ කාලීන සැලසුම් සහගතව ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම තුළින් දේශිය ගොවි කෘෂි නිෂ්පාදන වලට දේශිය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
04, සියළුම ජාතික ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
05, වර්ථමානයට අනාගතයට ගැලපෙන නව රාජ්‍යය පාලන ව්‍යවස්ථාවක් නිර්මාණය කර ජනතා සම්මතයක් තුළින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාව ඉතා නිවැරදිව ලබා දීම;
06, සියළු පාසල් ළමුන් හා ජනතාව සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම තුළින් බුද්ධිමත් ශ්‍රි ලාංකික ජනතාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම;
07, රාජ්‍යය පුද්ගලික දේශිය කර්මාන්ත ව්‍යාපාර නගා සිටුවා අනර්ඝ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය තුළින් එම නිෂ්පාදන සඳහා දේශීය විදේශීය වෙළෙඳ පොළ පුළුල් කරමින් ව්‍යාපාර කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත සංවර්ධනය තුළින් ජාතික ආර්ථිකය සවි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික සේවාවන් ඉතා නිවැරදිව ලබා දීම.
අධ්‍යාපන අපේක්ෂාවන්
[සංස්කරණය]- දැයේ අනාගත ණැන පහන් දැල්වීමේ සමාරම්භක මල් කැකුළු, අවිහිංසන විධිමත් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම.
- සෑම දුවා දරුවෙකු සදහාම විධිමත් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය තුළින් උසස් අධ්‍යාපනයට යොමු කිරීම.
- ප්‍රාථමික අධ්‍යාපනය පුද්ගලීකරණයට නැවතුම සදහා අවශ්‍ය ප්‍රාථමික අධ්‍යාපන සැලසුම් මගින් නිදහස් නිවහල් අධ්‍යාපනයෙන් සුපිස්පිත ණැන පහන් දැල්වීමේ සේවා ඉතා නිවැරදිව ලබා දීම.
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහාම උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන සංවර්ධනය තුළින් ප්රමිතියානුකූල උසස් පුරවැසියන් දැයට දායද කිරීම.
- උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් උසස් අධ්‍යාපනය සංවර්ධනය තුළින් දැයේ අනාගත ශක්තිය සවි ශක්තිමත් කිරීම සඳහා උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන ණැන පහන් දැල්වීම.
- උසස් ප්‍රමිතියකින් යුතු උසස් අධ්‍යාපන පාසල් තුළින් උසස් ප්‍රමිතියකින් යුතු නිදහස් නිවහල් පුරවැසි ප්‍රජාව බහි කිරීම සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
- ප්‍රායෝගික බුද්ධිගෝචර ණැනවත් පුරවැසියන් තුළින් රාජ්‍යය, පුද්ගලික, පරිපාලන, ආර්ථික, නිෂ්පාදන, සමාජ ප්රගමනයට අවශ්‍ය වෘත්තීය, ව්‍යාපාරික බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.
- විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණ කරමින් පුද්ගලික ව්යජාත්ව අධ්‍යාපනය නිමා කරමින් පිරිපුන් උසස් ප්‍රමිතියකින් යුතු උගතුන් බුද්ධිමතුන් දැයට දායාද කිරීම.
- නිදහස් නිවහල් ශ්‍රී ලාංකික ජාතියක් සදහා බුද්ධීමය ශ්‍රම ශක්තිය තුළින් විශිෂ්ට විශ්වාසනීය වර්ථමානක්, අනාගතයක් නිර්මාණය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
- විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණ කරමින් පුද්ගලික ව්යජාත්ව අධ්‍යාපනය නිමා කරමින් පිරිපුන් උසස් ප්‍රමිතියකින් යුතු උගතුන් බුද්ධිමතුන් දැයට දායාද කිරීම.
- සෞන්දර්යාත්මක පුරවැසියන් තුළින් සොබාදහම, මනුස්සකම, ආදරය, ප්‍රේමය, සෙනෙහස ප්‍රායෝගික ජන සමාජ තුරුප්තිමත්, ගුණාත්මක ජන සමාජයක් සඳහා බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.
- සෞන්දර්යය අධ්‍යයාපනය සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහාම ලබා දීම.
- සාහිත්‍යය සුපෝෂිත කිරීම සඳහා බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
- අංගසම්පූර්ණ පන්ති කාමර, ජල, විදුලි, සන්නිවේදන, ක්‍රිඩා භූමි, පිහිනුම් තටාක ආදී සියලු පහසුකම් සහිත පාසැල් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
- යම් ශිෂ්‍ය පාර්ශවයක් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තවත් ශිෂ්‍ය පාර්ශවයක් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා නවක වදය ලබා දීම හිංසාවලට ලක් කිරීම එම වගකිවයුතු ශිෂ්‍ය පාර්ශවය හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ශිෂ්‍යය භාවය අහෝසි කිරීම හා සියළු විභාග ප්‍රතිඵල ශූන්‍යය කිරීම හා ජාතික හැඳුනුම්පත කළු වර්ණය යොදා නිකුත් කිරීම හා වරදේ බරපතළකම අනුව අධිකරණයක් විසින් නියම කරනු ලබන දඩුවමක් යන සියල්ලට යටත් කිරීමට සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
- බෞද්ධ දර්ශනය තුළින් ප්‍රායෝගික වර්ථමාන ජන සමාජය තුළ යහපත් සාධාරණ ගුණාත්මක ජන සමාජයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය.
- නිවැරදි බෞද්ධ දර්ශනය ශිෂ්‍ය භික්ෂූ භික්ෂුණින් ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ලබා දීම සඳහා බෞද්ධ අධ්‍යාපනය ක්‍රමවත් හා විධිමත් ලෙස පවත්වාගෙන යාම.
- බෞද්ධ දර්ශනය තුළින් සමාජ ප්‍රතිසංස්කරණ ප්රගමනයට අවශ්‍ය බුද්ධීමය ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය සේවා ඉතා නිවැරදිව ලබා දීම.
සංවර්ධණ අපේක්ෂාවන්
[සංස්කරණය]සංවර්ධනය
01 සමාජ සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම, පව්ල් ඒකක සදහා සමාජ හානිදායක සියළු මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර විනාශ කිරීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
02 සංස්කෘතික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම, පව්ල් ඒකක සදහා විශේෂ සංස්කෘතික වැඩසටහන් මගින් දීර්ඝකාලීන සංස්කෘතික සංවර්ධනය ඔප නැංවීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
03 ආද්ධියාත්මික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය ග්‍රාමීය ග්‍රාම පව්ල් ඒකක සදහා ආද්ධියාත්මික සංවර්ධනය සදහා සියළු පාසල් හා බෞද්ධ විහාරස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි හා වෙනත් ආගමික සංවිධාන එක්ව විශේෂ ආගමික වැඩසටහන් මගින් ජානතා ආද්ධියාත්මික සංවර්ධනය තුලින් යහපත් සමාජ ප්රතිශෝධනයක් ඇති කිරීම
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
04 ආර්ථික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම පව්ල් ඒකක සදහා සෑම පුරවැසියකු සදහම මූල්‍ය ස්ථාවරත්තයක් ඇති කිරීම සදහා ප්‍රගති ආර්ථීක සංවර්ධනය ක්‍රියාත්මක කිරීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
05 පාරිසරික සංවර්ධනය ජාතික
අ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය ග්‍රාම පව්ල් ඒකක සදහා ස්භාවික පරිසර පද්ධති සුරක්ෂිත කර භෞතික සංවර්ධනය ක්‍රියාත්මක කිරීම හා නව රුක් රෝපණ වැඩසටහන් හා ජල, වායු, ශිලා ගෝලයන් සදහා හිතකර මානව ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම.
ආ) ජාතික, පලාත්, දිස්ත්‍රීක්, ප්‍රාදේශීය, ග්‍රාමීය, ග්‍රාම වශයෙන් විධිමත් විශේෂ වැඩපිලිවෙලක් යටතේ දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම.
තෙරුවන් සරණයි..!
පාරිසරික අපේක්ෂාවන්
[සංස්කරණය]- ස්වභාවික පරිසර පද්ධති විනාශ වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.
- සියළු වනජීවීන් සංරක්ෂණය සදහා අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම හා සත්ව හිංසනය ගායනය වලක්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.
- ප්‍රදේශ අවශ්‍යතා අනුව අංග සම්පූර්ණ වනජීවී සත්ව රෝහල් ඉදිකර සත්ව ප්‍රජාව සදහා සෞඛ්‍ය සේවා කටයුතු පිළිබඳ සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.
- සියළු වනජීවීන් හිංසනයට හා ගාතනයට ලක් නොවන ලෙස විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.
- වන ජීවී ආහාර අවශ්‍යතා හා ජල අවශ්‍යතා සඳහා විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර පවත්වාගෙන යාම.
- සියළු රක්ෂිත තුළ සිදුවන නීති විරෝධී ක්‍රියා හා අක්‍රමිකතා වලක්වා රක්ෂිත සංරක්ෂණය, කිසිදු ආකාරයකින් රක්ෂිත විනාශ වීම වැළැක්වීම සඳහා ක්‍රමවත් හා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර පවත්වාගෙන යාම.
- යම් යම් මානව ක්‍රියාකාරකම් මගින් ස්වභාවික ජල පද්ධති අපවිත්‍ර වීම වලක්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස.
- වෙරළ ඛාදනය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම.
- කොරල්පර කඩොලාන ආදී වෙරළ ස්වභාවික සම්පත් සංරක්ෂණයට අවශ්‍ය සියලු කටයුතු විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම.
- ගංගා මගින් මුහුදු ජලයට අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පවත්වාගෙන යාම.
- මුහුදු ජලයට වෙනත් ආකාරයෙන් අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පවත්වාගෙන යාම.
- සාගර ජීවින්ගේ පැවැත්මට හානි සිදු නොවන ලෙස සාගරය මානව අවශ්‍යතා සඳහා භාවිතා කිරීම.
- දැඩි සීමාසහිතව හා විධිමත් ලෙස කරදිය ධීවර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
- සාගර සංචාරක කලාප ආරම්භ කර විධිමත් ලෙස පවත්වාගෙන යාම.
- යම් යම් මානව ක්‍රියාකාරකම් තුළින් වායු ගෝලයට අපිරිසිදු හා අහිතකර වායු එකතු වීම වැළැක්වීම සඳහා විධිමත් හා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
“ ශ්‍රී ලංකා ජාතික වායු ගෝලය සංරක්ෂණ ආඥා පනත”