Jump to content

පරිශීලක:සම්පත් සිටිනාමලුව

විකිපීඩියා වෙතින්
(පරිශීලක:Sampathsris වෙතින් යළි-යොමු කරන ලදි)

ආයුබෝවන්!

මම සම්පත් ශ්‍රී සිටිනාමලුව. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. මා අධ්‍යාපනය ලැබුවේ පළමුව හුංගම විජයබා ප්‍රාථමික විදුහල, සහ දෙවැනුව රාජකීය විද්‍යාලය, කොළඹ යන විදුහල් වලයි. මා තෘතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය වෙතින්.

නොමිලේ ම මා ලද දැනුම සහෝදර රට වැසියන්ට බෙදා දීමේ ආශාවෙනුයි මා විකිපීඩියාවට දායක වීමට අදහස් කලේ. මෙම පිටුව බලන ඔබත් එසේ විය හැකියි. එසේ නොවේ නම් අදම විකිපීඩියානුවෙකු වී කු‍ඩා හෝ දායකත්වයක් සිංහල විකිපීඩියාවට දෙන්න. බි‍ඳෙන් බිඳ එකතු වී තමයි මහ මුහුදත් හැදෙන්නේ. බි‍ඳෙන් බිඳ එකතු වී තමයි විකි ලිපි මිලියන 3.6+ ඇති ඉංග්‍රීසි විකිපීඩි‍යාව හැදී ඇත්තේ.

සම්පත් සිටිනාමලුව (talk) 08:36, 19 ජූනි 2011 (යූටීසී)

දැන් විකිමීඩියා වෙත සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි[සංස්කරණය]

SVG ගොනු සිංහල යුනිකෝඩ් පෙළ (text) සහිතව උඩුගත කල විට, සිඟීති රූ (thumbnails) සෑදීමේ දෝෂයක් තිබුණා. දෝෂය විකිමීඩියා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රජාව එය විසඳීමට කාරුණික වී තිබෙනවා. ඒ නිසා දැන් සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි.