සංඛ්‍යානමය ගණනය කිරීම් සඳහා වන ශ්‍රිත

විකිපීඩියා වෙතින්
(Statistical Functions වෙතින් යළි-යොමු කරන ලදි)

යම් සංඛ්‍යා පරාසයකමාතය හා මධ්‍යස්ථය සෙවීම සඳහා පිළිවෙලින් Mode හා Median යන ශ්‍රිත දක්නට ලැබේ. එසේම සමාන්තර මධ්‍යනය, ගුණෝත්තර මධ්‍යනය හා හරාත්මක මධ්‍යනය සඳහා පිළිවෙලින් Average, GeoMean හා HarMean යන ශ්‍රිත ද ඇත.

එසේම යම් පරාසයක ඇති අගයයන් සංඛ්‍යාව සෙවීම සඳහාCount යන ශ්‍රිතය ද අගයයන් හා පෙළ එකතුව කීයක් ඇත් දැයි බැලීම සඳහා CountA යන ශ්‍රිතය ද හිඩැස් හෙවත් හිස් කොටු සංඛ්‍යාව සෙවීම සඳහා CountBlank යන ශ්‍රිතය ද දක්නට ලැබේ.

යම් අගයයන් සමූහයක උපරිම අගය හා අවම අගය සෙවීම සඳහා පිළිවෙලින් Max හා Min යන ශ්‍රිත ඇති අතර එහිදී පෙළ ද සම්බන්ධ කර ගන්නේ නම් ඒ සඳහා MaxA හා MinA යන ශ්‍රිත ද දක්නට ලැබේ.


යම්කිසි දත්ත සමූහයක් සඳහා ඒ දත්ත හරහා යන හොඳම රේඛාව (Line of Best Fit) ඒකජ ප්‍රක්‍රමණය (Linear Regression) මඟින් සෙවීමේදී එම රේඛාවේ අනුක්‍රමණය හා අන්තඃඛණ්ඩය සෙවීම සඳහා පිළිවෙලින්Slope හා Intercept යන ශ්‍රිත ද ඇත. එසේ ඒකජ ප්‍රමණය මඟින් පුරෝකථනය කිරීම සඳහා Forecast යන ශ්‍රිතය ද ඇති අතර එය බොහෝ ව්‍යාපාර කටයුතු සාර්ථ්ක කර ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වන්නකි.

යම්කිසි දත්ත පරාසයක් සඳහා චතුර්ථක හා ප්‍රතිශතක සෙවීම සඳහා Quatile හා Percentile යන ශ්‍රිත ද යම් සංඛ්‍යා පරාසයක් අනු පිළිවෙලින් සැකසූ විට විශාලම අගයේ සිට හෝ කුඩාම අගයේ සිට යම් දුරකින් ඇති අගය සෙවීමට Large හා Small යන ශ්‍රිත ද ඇත.

එම Slope හා Intercept යන ශ්‍රිත එකට සම්බන්ධ ව ඇතැයි සැලකිය හැකි Linest නම් ශ්‍රිතයක් ද ඇති අතර යම් දත්ත පරාස දෙකක සහ-සම්බන්ධතාවය සෙවීම සඳහා Correl නම් ශ්‍රිතයක් ද විශේෂයෙන් පැතුරුම්පත් වල දක්නට ලැබේ.