මධ්‍යම සැකසුම් ඒකක සමාන්තරකරණය

විකිපීඩියා වෙතින්
(CPU- Parallelism වෙතින් යළි-යොමු කරන ලදි)
“subscalar” මධ්‍යම සැකසුම් ඒකකයක ආදර්ශනයක් මෙහි දැක්වේ. එයට විධාන ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීමට චක්‍රයන් 15ක් ගත වන බව නිරීක්ෂණය කරන්න.

ඉහත ‍කොටසෙහි මධ්‍යම සැකසුම් ඒකකයක් මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳ දක්වා ඇති විස්තරය මඟින් මධ්‍යම සැකසුම් ඒකකයක් පැවතිය හැකි සරලම ආකාරය විස්තර කෙරේ. සාමාන්‍යයෙන් මේ ආකාරයේ මධ්‍යම සැකසුම් ඒකක “subscalar” ලෙස වර්ග කෙරෙන අතර මේවා වරකට එක් විධානයක් අනුව දත්ත කොටස් එකක් හෝ දෙකක් මත ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් “subscalar” මධ්‍යම සැකසුම් ඒකක සහජවම අකාර්යක්ෂම වේ. වරකට එක් විධානයක් පමණක් ක්‍රියාවට නැගෙන බැවින් මෙවැනි මධ්‍යම සැකසුම් ඒකක වල දී ඊළඟ විධානයට යෑමට පෙර මුළු මධ්‍යම සැකසුම් ඒකකයම මුල් විධානය ක්‍රියාවට නගා අවසන් වන තෙක් බලා සිටිය යුතු වේ. මේ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට එක් ඔරලෝසු චක්‍රයකට වඩා වඩා ගතවන විධාන ක්‍රියාත්මක කරවීමේ දී “subscalar” වර්ගයේ මධ්‍යම සැකසුම් ඒකක සිරවීමකට ලක්වී අධික කාලයක් වැය කරයි. තවත් විධාන ක්‍රියාත්මක කරවන ඒකකයක් එක් කළ ද (පහත දැක්වේ) ක්‍රියාකාරීත්වය එතරම් ඉහල අගයකට පත් නොවේ. එහිදී සිදු වන්නේ මුල් අවස්ථාවේ සිරවීමට ලක් වූ තනි ක්‍රියාකාරී මාර්ගය වෙනුවට ක්‍රියාකාරී මාර්ග දෙකක් සිරවීමෙන් භාවිතයට ලක් නොවන ට්‍රාන්සිස්ටර සංඛ්‍යාව ඉහල යෑම පමණි. මේ ආකාරයට මධ්‍යම සැකසුම් ඒකකයෙහි විධාන ක්‍රියාත්මක කරන ප්‍රදේශය මඟින් වරකට එක් විධානයක් පමණක් ක්‍රියාවට නැංවිය හැකි ලෙස සකස් කළ මධ්‍යම සැකසුම් ඒකකයකට “scalar” මට්ටමේ ක්‍රියාකාරීත්වයක් (එක් ඔ‍රලෝසු චක්‍රයක් සඳහා එක් විධානය බැඟින් ) දක්වා ළඟා වීමේ හැකියාවක් ඇත. නමුත් හැමවිටම පාහේ මේවායේ ක්‍රියාකාරීත්වය “subscalar” මට්ටමේ (එක් චක්‍රයක් සඳහා විධාන 1කට අඩු සංඛ්‍යාවක්) පවතී. “scalar” හෝ ඊට ඉහල තත්වයේ ක්‍රියාකාරීත්වයක් ලබා ගැනීමට දරන ලද උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ඒකීය ක්‍රියාකාරීත්වය වෙනුවට වඩාත් සමාන්තර ආකාර ක්‍රියාකාරීත්වයක් පෙන්වන මධ්‍යම සැකසුම් ඒකක නිර්මාණය කිරීම සඳහා විවිධ නිර්මාණ ක්‍රමවේද බිහිවී ඇත. මධ්‍යම සැකසුම් ඒකක සමාන්තරකරණය හා සම්බන්ධ මෙවන් නිර්මාණ ක්‍රමවේද වර්ගීකරණය සඳහා සාමාන්‍යයෙන් භාවිතා වන යෙදුම් යුගලක් පවතී. ඒවා නම් , විධාන මට්ටමේ සමාන්තර සහ “thread” මට්ටමේ සමාන්තරකරණය වේ. මින් විධාන සමාන්තරකරණයේ ද මධ්‍යම සැකසුම් ඒකකය තුළ විධාන ක්‍රියාවට නැංවෙන සීඝ්‍රතාව ඉහල නැංවීමේ දී භාවිතා කෙරෙන (එනම් අච්චුව මත පවතින සම්පත් උපරිම ලෙස යොදා ගැනීමට භාවිතා කෙරේ) අතර “thread” මට්ටමේ සාමාන්තරකරණය මධ්‍යම සැකසුම් ඒකකයකට වරකට ක්‍රියාත්මක කරවිය හැකි “thread” (මේවා බොහෝ විට තනි තනි වැඩසටහන් වේ) සංඛ්‍යාව ඉහල නැංවී‍මට භාවිතා කෙරේ. මෙම ක්‍රමවේද ඒවා ක්‍රියාවට නැංවෙන ආකාරයෙන් එකිනෙකට වෙනස් වන අතර වැඩසටහන් සඳහා මධ්‍යම සැකසුම් ඒකක ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමේ හැකියාව අතින් ද මේවා එකිනෙකට වෙනස් වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/CPU#Parallelism