විශ්වයේ මුල ද්‍රව්‍යවල සුලභත්වය

විකිපීඩියා වෙතින්
(Abundance of elements in the Universe වෙතින් යළි-යොමු කරන ලදි)

ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනවලින් සෑදී සාමාන්‍ය පදාර්ථය එනම් මූල ද්‍රව්‍ය සමස්ත විශ්වයේ අඩංගු ද්‍රව්‍යවලින් සුළු ප්‍රමාණයක් වේ. විශ්වය පිළිබද සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව විශ්වයෙන් 73% ක් පමණ සමන්විත වනුයේ අදුරු ශක්තියෙන් වන අතර 23% ක් පමණ අදුරු පදාර්ථයෙන්(Black matter) සමන්විත වේ. තරු ග්‍රහලෝක හා අනෙකුත් දෘෂ්‍ය කොටස්වලින් සමන්විත පදාර්ථය හෙවත් මූලද්‍රව්‍ය මුළු විශ්වයේ 4% පමණ සුළු ප්‍රතිශතයක් නිර්මාණය කිරීමට දායක වී ඇත. අංශුමය භෞතික විද්‍යා උපකරණ මේ වනතෙක් අදුරු පදාර්ථයේ පැවැත්ම නිර්ණය කිරීම අසමත් වී ඇති අතර අදුරු ශක්තියේ ස්වභාවය මේ දක්වා අපැහැදිලි තත්වයක පවතී.

ආවර්තිතා වගුවට අයත් වන මූලද්‍රව්‍ය බොහෝමයක් ප්‍රධාන වශයෙන් පරමාණු හා ප්ලාස්මා යන තත්ව දෙකෙන් එක් තත්වයක් යටතේ දැක ගත හැක. එහෙත් පදාර්ථය මෙම අවස්ථාවලට අමතරව විවිධ අසාමාන්‍ය අවස්ථාවලදීද දැක ගත හැක. එහෙත් පදාර්ථය මෙම අවස්ථාවලට අමතරව විවිධ අසාමාන්‍ය අවස්ථා යටතේදී ද දැක ගත හැක. එවන් ස්ථාන සදහා උදාහරණ ලෙස සුදු වාමන තාරකා , ගුඨ ආගාඨ හා නියුට්‍රෝන තාරකා හැදින්විය හැක. නියුට්‍රෝන හා ෆෝටෝන (ප්‍රධාන වශයෙන් අන්තරීක්ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණයකි.)ලෙසද සාමාන්‍ය පදාර්ථය ස්වභාවයේ පවතී.

අප දන්නා පරිදි විශ්වීය පදාර්ථයේ බහුලම මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් වන අතර දෙවැනි තැන හීලියම්ට හිමි වේ. ඒවා පිළිවෙලින් 1 හා 2 යන පරමාණුක ක්‍රමාංකය දරණ මූලද්‍රව්‍ය වේ. නමුත් තෙවැනි සුලභතම මූලද්‍රව්‍ය ඔක්සිජන් වන අතර එහි පරමාණුක ක්‍රමාංකය 8 වේ. මෙම ප්‍රධාන මූලද්‍රව්‍ය තුන හා සැලකු කළ අන් සියළු මූලද්‍රව්‍ය වඩාත් අඩු ප්‍රමාණවලින් පවතී.

විශ්වය හා එහි බිහිවීම පිළිබද සම්මත මතවාදය මත පදනම්ව සැහැල්ලුතම මූලද්‍රව්‍යවල සුලබත්වය පැහැදිලි කළ හැක. ඒ අනුව මෙම මූලද්‍රව්‍යයන් මහා පිපුරුමෙන් තත්පර සියගණනක කාලය ඇතුළත න්‍යෂ්ටික සංස්ලේෂණය ඔස්සේ නිර්මාණය වූ බව පිළිගැනේ. ස්කන්ධය වඩාත් වැඩි මූලද්‍රව්‍ය බොහෝ පසු කාලීනව තාරකා තුළ නිර්මාණය වූ බව සාමාන්‍ය පිළිගැනීමයි.

හීලියම් - 3 (13He) වායුව පෘතුවිය මත ඉතා දුර්ලභ වන අතර න්‍යෂ්ටික වියලන පරීක්ෂණයක් සදහා යොදා ගන්නා බැවින් දැඩි ඉල්ලුමක් පවතී. එහෙත් 13He වායුව චන්ද්‍රයා මත පෘතුවියට වඩා සුලභව පවතින බව විශ්වාස කෙරේ. තාරකා මාධ්‍යයයේ ප්‍රෝටෝන - ප්‍රෝටෝන දාමය හා CNO වක්‍රය ආදි විවිධ ක්‍රම ඔස්සේ ද වියලනය මගින් මෙම 13He වායුව නිර්මාණය වේ.

විශ්වයේ අඩංගු සාමාන්‍ය පදාර්ථයෙන් 74% හා 24% බැගින් පිළිවෙලින් හයිඩ්‍රජන් හා හීලියම් වලින් යුක්ත බව විශ්වාස කෙරේ. මුළු ස්කන්ධයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් සදහා දායක වුවද ඉතිරි බරින් වැඩි මූලද්‍රව්‍ය විශ්වීය ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ල කරයි. ක්ෂීර පථයේ මුළු ස්කන්ධයෙන් 2% ක් පමණ මෙම බරින් වැඩි මූලද්‍රව්‍යවලින් සමන්විතය.

මෙම බරින් වැඩි මූලද්‍රව්‍ය නිර්මාණය වී ඇත්තේ තරු තුළදී වේ. තාරකා විද්‍යාඥයින් හයිඩ්‍රජන් හා හීලියම් හැර අන් සියලු මූලද්‍රව්‍ය ලෝහමය සේ සලකති. මෙසේ සැලකීමට හේතුව වන්නේ හයිඩ්‍රජන් හා හිලීයම් (සුළු වශයෙන් ලිතියම්ද) යන මූලද්‍රව්‍ය පමණක් ස්වාභාවික එනම් තාරකා තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලින් තොරව විශ්වය නිර්මාණය වූ බැවිණි. එබැවින් ක්ෂීර පථයේ හෝ වෙනත් ඕනෑම වස්තුවක ඉහත ලෝහමය මූලද්‍රව්‍යයන්හි පැවැත්ම අතීත තාරකා‍ ක්‍රියාකාරිත්වය පෙන්වන සලකුණකි.

පහත දැක්වෙන්නේ විශ්වයේ බහුලතම සාමාන්‍ය පදාර්ථයට අයත් මූලද්‍රව්‍ය 10 වේ. මූලද්‍රව්‍ය ඉදිරියෙන් එහි සුලභත්වය මිලියනයට කොටස් (PPm ) ඇසුරෙන් දක්වා ඇත.

  1. හයිඩ්‍රජන් - 739000 ppm
  2. හීලියම් - 240000 ppm
  3. ඔක්සිජන් - 10700 ppm
  4. කාබන් - 600 ppm
  5. නියෝන් - 1340 ppm
  6. යකඩ - 1090 ppm
  7. නයිට්‍රජන් - 950 ppm
  8. සිලිකන් - 650 ppm
  9. මැග්නීසියම් - 580 ppm
  10. සල්ෆර් - 440 ppm
  11. වෙනත් - 650 ppm


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Abundance_of_the_chemical_elements#Abundance_of_elements_in_the_Universe