ගුරුලෑපොල වසම

විකිපීඩියා වෙතින්
(792 - ගුරුලෑපොල වසම වෙතින් යළි-යොමු කරන ලදි)

ගුරුලෑපොල වසම යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය මහ ලේකම් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසමකි. ග්‍රාම නිලධාරි වසම් අංක 792 යටතේ මෙම වසමේ මායිම් ලෙස උතුරින් හා නැගෙනහිරින් අංක 791 සියඹලන්ගමුව ග්‍රාම නිලධාරි වසමෙන්ද දකුණින් අංක 802 උඩබදලව ග්‍රාම නිලධාරි වසමෙන්ද බටහිරින් අංක 787 පැල්ලන්දෙණිය ග්‍රාම නිලධාරි වසමෙන්ද මායිම් වී තිබේ.

ගුරුලෑපොල

ලඟාවීම[සංස්කරණය]

කුරුණෑගල පුත්තලම් මාර්ගයේ සැතපුම් 3ක් පමණ ගියවිට තිත්තවැල්ල ගෝනගම මන්සන්දියේ සිට ගෝනගම දක්වා දිවෙන මාර්ගයේ ආරම්භයේ පටන් සැතපුම් 3 ¾ ක් පමණ මෙම ප්‍රදේශ මෙම වසමට අයත් වේ. මාස්පොත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් සැලකිල්ලට ගත්විට මෙය කුඩා වසමක් වුවද වසමේ පවුල් සංඛ්‍යාව විශාල වේ.

ගුරුලෑපොල දළ සිතියම

මෙම වසමට අයත් ගම් තුනකි.

රාජ්‍ය නිලධාරීන්[සංස්කරණය]

ආර්ථික සංවර්ධන නිලධාරි
ආර්.එම්.දිනේෂ් සජීවන් රත්නායක
ග්‍රාම නිලධාරී
ඉන්ද්‍රණි මිය
සමෘද්ධි සංවර්ධන නිලධාරී
ටි.බී.එම්.නිරෝෂා ආරියරත්න
කෘෂි පර්යේෂණ නිලධාරී
එච්.එම්.අරුණ හේරත්

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

ගුරුලෑපොල[සංස්කරණය]

ග්‍රාම නිලධාරි වසම කොටස් තුනකින් යුක්ත බව හදුනා ගතිමු. එනම් ගුරුලෑපොල , ඇලස්වත්ත, කොග්ගලවත්ත යනුවෙනි. අතීතයේදී මෙම වසම ජනාකීර්ණ ප්‍රදේශයක් නොවේ. මුල් කාල වලදී මෙහි පවුල් 10 ක් පමණ ජීවත් වූ අතර වර්තමානයේදී ‍පවුල් 306 ක් ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත් වී තීබේ.ගුරුලෑපොල කොටසට රජය බෙදා දුන් ඉඩම් වලින් යුක්ත කොටසක් ද පරම්පරාගත ඉඩම් වලින් යුක්ත කොටසක්ද වේ. ගුරුලෑපොල ප්‍රදේශයට එම නම ලැබී තිබෙන්නේ ගුරුලෑ නම් සතුන් විශේශයකගේ ලැගුම් ස්ථානය වූ නිසා බව පැරණි ගම්මුන්ගේ අදහස වී තිබේ. මෙම ප්‍රදේශයද ගම්මුන් වන්දනාමාන කරන පැරණි බෝ ගසක් පවතී. එම ස්ථානයේ බුදු පිළිමයක් තබා පැරණි ගම්මු වන්දනාමාන කරයි.
ගමේ මුල් කාලයේ පදිංවි වී සිටි පවුල් 10 කගේ ජීවනෝපාය ‍කෘෂිකර්මාන්තයයි. කෘෂිකර්මාන්තය සදහා ජලය ලබාගැනීමට ගුරුලෑපොල කුඹුරු යාය ආශ්‍රිතය වැවක් තීබී ඇත. පසුකාලෙක එම වැව කුඹුරක් බවට පත්කර ඇති අතර වර්ථමානයේ එහි සොරොව්වක නටඹුන් දක්නට ලැබේ. මෙම ප්‍රදේශය වර්තමානයේ වැවකුඹුර නමින් හදුන්වයි.

ඇලස්වත්ත[සංස්කරණය]

ඇලස්වත්ත පොල් ඉඩමක්ව තිබී කැබලි කඩා වෙන්දේසි කරතිබේ. මෙම කොටසට ‍එම නම ලැබී ඇත්තේ ඇලස් නම් පුද්ගලයකුට මෙම ඉඩම අයිති ව තිබූ නිසාය. එම කොටස ජනාවාස වීමට පෙර මෙහි තිබූ බෝ ගසකට මිනිසුන් වන්දනාමාන කර තිබේ.එම බෝ ගස ලගට නාගයකු පැමිණි බව ගමුමුන් ප්‍රකාශ කරයි. එම කාලයේ ගමේ වාසය කල එක් පුද්ගලයෙක් එම බෝ ගස හා නාගයා විනාශ කර තිබේ. ඉන් පසු එම පුද්ගලයාගේ පවුලම විනාශ වූ අතර ඔවුන්ට ‍උන් හිටි තැන් අහිමි වූ බව පැරණි ගම්මුන්ගේ අදහසයි. මෙම ඇලස්වත්ත කොටසේ ජීවත් වන්නේ මෑතකදී ගමට පැමිණි පිරිස්ය. ඔවුන් වන්දනාමාන කිරීම සදහා ආරාමයක් ගොඩනගාගෙන තිබේ. මුළු වසමටම ති‍බෙන එකම ආගමික ස්ථානය මෙම ආරාමයයි.

කොග්ගල වත්ත[සංස්කරණය]

කොග්ගල වත්තද පැරණි පොල් ඉඩමක්ව තිබී කැබලි කඩා වෙන්දේසි කර තිබේ. මෙම ප්‍රදේශයේ බහුල වශයෙන් ගල් පිහිටා තිබේ. වර්තමානයේ රත්නායක නැමති පුද්ගලයාගේ නිවස පිටුපස කොකෙක් වැනි යැයි විශ්වාස කරති. මෙම හේතුව නිසා මෙම ප්‍රදේශය කොග්ගල වත්ත නම් වී තිබේ. මෑතකදී ගමට පැමිණි පිරිස් මෙහි ජීවත් වේ.

ජනගහනය[සංස්කරණය]

මෙහි ජනගහනය 1294ක් පමණ සිටින අතර පවුල් 318 පමණ සිටි

ස්ත්‍රි පුරුෂ එකතුව
679 615 1294

ආයුර්වේද වෛද්යරවරුන් පිළිබද විස්තර[සංස්කරණය]

වෛද්ය් කේෂ්ත්රදය වෛද්යංවරයාගේ නම ලිපිනය
සර්වාංග බි.එම්.ටිකිරි කුමාරිහාමි අංක 2, ගෝනගම පාර,ගුරුලෑපොල,කුරුණෑගල
"https://si.wikipedia.org/w/index.php?title=ගුරුලෑපොල_වසම&oldid=431963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි