1958 ලංකා කෝලහාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(1958 හර්තාලය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1958 මැයි මසදී දිවයිනේ සිංහල සහ දෙමළ ජන වර්ග දෙක අතර ඇති වූ කැරැල්ලකින් ශ්‍රී ලංකාව කැළඹී ගියේය. දුසිම් ගණනක් ඝාතනය වූ අතර දහස් ගණනකට නිවෙස් අතහැර පලා යාමට සිදු විය. මෙයින් අනතුරට පත් වැඩි දෙනා වූයේ දෙමළ ජනතාවයි.

පසු බිම[සංස්කරණය කරන්න]

1956 දී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ලංකාවේ අගමැති තනතුරට පත් වූයේ බලසම්පන්න සිංහල ජාතිවාදී වේදිකාවක් මතටය. නව රජය සිංහල පමණයි යනුවෙන් පනතක් සම්මතකර ගත්තේ සිංහල තනි රාජ්‍ය භාෂාව බවට පත් කරමිණි. මෙසේ කරන ලද්දේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් පමණ ඔවුන්ගේ ප්‍රධාන භාෂාව ලෙස දෙමළ භාෂාව පාවිච්චි කරන අතරේදීය. මෙම පනතට දෙමළ ජනතාව නොපමාව තම අසතුට පළ කළහ. තමන්ගේ භාෂාව, සංස්කෘතික සහ ආර්ථික තත්වය ඉක්මන් තර්ජනයකට විෂය වෙතැයි අදහස් කළහ.

ප්‍රචණ්ඩ ක්‍රියා[සංස්කරණය කරන්න]

දුම්රියවලට පහර දීම[සංස්කරණය කරන්න]

පෙඩරල් පක්ෂය වවුනියාවේ සමුළුවක් පැවැත්වීමට අදහස් කළහ. සිංහල දැඩි මතධාරීන් ෆෙඩරල් පක්ෂ සාමාජිකයින් දුම්රියෙන් ගමන් කිරීම වැළැක්විය යුතු යැයි තීරණය කළහ. පළමුවෙන්ම පහර දීමට ලක් වූයේ පොළොන්නරුව දුම්රිය ස්ථානයයි. ඒ මැයි 22 දිනය. පසු දින රාත්‍රියේ මඩකලපුව සිට පැමිණෙන දුම්රියකට පහර දුන් අතර දෙදෙනෙකු මරණයට පත් විය. එම දුම්රියේ දෙමළ පුද්ගලයින් කිසිවෙකු සිටි බවට ලකුණු නොවීය.

ගොවිපලේ ප්‍රචණ්ඩත්වය[සංස්කරණය කරන්න]

පොළොන්නරුවේ ගොවිපලක දෙමළ කම්කරුවන්ට සිංහල කණ්ඩායමක් පහර දුන්හ. දෙමළ පිරිස සැඟවීම සඳහා උක් වගාව තුළට වැදුනාහ. කැරලිකාර කණ්ඩායම විසින් උක් වගා කොට එයට ගිනි තැබූහ. පලා ගිය අයට පොලු වලින් පහර දුන්හ. නැතහොත් මන්නාවලින් කෙටූහ. හිඟුරක්ගොඩදී මෙම ප්‍රචණ්ඩකාරීන් අටමස් ගැබිනියකගේ උදරය පැලූහ. අධික රුධිර වහනයෙන් ඇය මිය යන්නට හැරියාය. 70 ක පිරිසක් මැයි 25 දින රාත්‍රී එසේ මිය යන්නට ඇතැයි ගණන් බලා තිබුණි.

පොළොන්නරුවේ සිටියේ පොලිස් නිලධාරින් සුළු පිරිසකි. දෙමළ අය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ සිංහල පොලිස් නිළධාරින්ට ප්‍රචණ්ඩකාරීහු පහර දුන්හ. සුළු පිරිසකගේ මොළ කුඩු පට්ටම් කරන ලදී. ඊළඟ දින උදේ 25 දෙනෙකුගෙන් යුත් හමුදාභට කණ්ඩායමක් පැමිණියහ. එහෙත් ඔවුනට එරෙහිව 3000 ක සිංහල ප්‍රචණ්ඩකාරීන් පිරිසක් මුහුණ දී සිටින බව ඔව්හු දුටුවෝය. හමුදා පිරිස් බ්‍රෙන් මැෂින් තුවක්කු වලින් වෙඩි තැබූ විට කළහකාරී පිරිස් පලා ගිය අතර තිදෙනෙකු මිය ගියහ.

ප්‍රචණ්ඩත්වය පැතිරේ[සංස්කරණය කරන්න]

කෝළාහල ආරම්භ වූයේ පෙර දින සිදුවූ නුවරඑලිය නගරාධිපති ඩී.ඒ.සෙනෙවිරත්නගේ මරණයත් සමග යයි අගමැති බණ්ඩාරනායක මැයි 26 දින කියා සිටියාය. (ඇත්ත වශයෙන්ම කැරැල්ල ආරම්භ වූයේ දින 3 කට පෙරයි) එම ප්‍රකාශය ජනතාවට කිසියම් හැඟීමක් දුන්නේය. කැරලිවල පසු බිමේ සිටියේ දෙමළ පිරිස්ය යන්නයි ඒ. ක්ෂණයකින් කලහකාරීන් කොළඹ දී සහ ආසන්න නගර වලදී දෙමළ පිරිස්වලට පහර දුන්හ. කඩ සාප්පු ගිනිබත් කළහ. නැතහොත් කොල්ල කෑහ.

දෙමළ පිරිස් කාන්තා ගුරුවරියකගේ පියයුරු කපා ඇය ඝාතනය කළා යැයි පානදුරේ දූෂ්‍යමාන ආරංචියක් පැතිරී ගියේය. මීට පළිගැනිමක් වශයෙන් සිංහලයෝ හින්දු කෝවිලක් ගිණිබත් කිරීමට තැත් කළහ. එය ව්‍යර්ථ වූ තැන ඔවුන් කළේ එහි පූජක තැන එළියට ඇද පණ පිටින් පිළිස්සීමයි.

කළහකාරීහු කොළඹ පුරා ඇවිදිමින් දෙමළ අය කවුදැයි සෙවූහ. දෙමළ මිනිසුන් හඳුනා ගැනීමේ සාමාන්‍ය ක්‍රමය වූයේ මොවුන් කලිසමට උඩින් කමීසය ඇඳීම හෝ කන් සිදුරු කර තිබීමයි. ඒවා දෙමළ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි. සිංහල පත්‍රයක් කියවීමට නොහැකි අයට පහර දුන්හ. නැතහොත් මරණයට පත් කළහ. (ඉංග්‍රීසියෙන් පමණක් අධ්‍යාපනය ලද සිංහලයන්ද මෙම ඉරණමට ගොදුරු වූහ)

කළහකාරී පිරිස්වල එක් උපක්‍රමයක් වූයේ පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලා ගැනීමයි. එසේ කොට ඔවුන් කළේ ආරක්ෂාව පතා පොලිස් ස්ථානවලට යන ලෙස දෙමළ ජනතාවට දැනුම් දීමයි. දෙමළ ජනතාව එසේ ඉවත් වූ පසු ඔවුන්ගේ නිවෙස් කොල්ල කන ලදී. නැතහොත් ඒවාට ගිණි තබන ලදී.

දිවයින පුරා ගිනි තැබීම්, දූෂණය කිරීම්, කොල්ල කෑම් සහ මිනී මැරුම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගියේය. සමහර සිංහල පිරිස් ඔවුන්ගේ දෙමළ හිතවත් අසල් වාසීන්ට තම නිවෙස්වල ආරක්ෂාව සැපයුවේ ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදුවීමේ අවදානමට මුහුණ දෙමිනි.

පළිගැනීමේ පහර දීම[සංස්කරණය කරන්න]

නැගෙනහිර දෙමළ ජනතාව පළිගැනීමේ පහර දිම් කිහිපයක් ක්‍රියාත්මක කළහ. එරාවුර්හිදී ප්‍රජාවන් දෙකේම ධීවරයෝ වෙරළේදී සටන් කර ගත්හ. එම නගරයේම දෙමළ කළහකාරී පිරිස් මග අවුරා වාහනවල ගමන් ගත් සිංහල අය යැයි සැක කළ අයට පහර දුන්හ. සිංහල ධීවරයෝ 56 දෙනෙකු ඝාතනය කරනු ලැබූහ.

යාපනයේ මරණ වාර්තා නොවූවද සමහර සිංහල ව්‍යාපාරිකයින්ගේ ඉන්වෙන්ට්‍රි පොත් පත් පුළුස්සනු ලැබීය. දෙමළ කළහකාරී කණ්ඩායමක් බෞද්ධ විහාරයක් වූ නාග විහාරය විනාශ කළහ. පසුව එය නැවත ගොඩනංවන ලදී.

රජයේ ප්‍රතිචාරය[සංස්කරණය කරන්න]

දින 5 ක් ගත වුවද රජය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. අවසානයේදී මැයි 27 දින රජය විසින් හදිසි නීතිය පනවන ලදී. ෆෙඩරල් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් පක්ෂ ලෙස ප්‍රකාශ කෙරුණි. දිවයිනෙහි ෆෙඩරල් පාක්ෂික ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. දින දෙකක් තුළ හමුදාව විසින් කොළඹ නගරය සන්සුන් කළ අතර පසුව මුළු දිවයින පුරා ඵය ව්‍යාප්ත කළේය.

12000 කට ආසන්න වූ දෙමළ අනාථයන් කොළඹ ආසන්නයේ වූ අනාථ කඳවුරු කරා ගියහ. රජය හොර රහසේම යුරෝපීය නැව් හයක් මගින් ඵම අනාතයන්ගෙන් වැඩි පිරිසක් යාපනයේ පදිංචි කරවීම පිණිස ජුනි මස මුලදී යැවීමට කටයුතු කළේය. ඉන් පසු සිවිල් ජනතාව පදිංචිව සිටි දිවයිනේ අනෙකුත් පෙදෙස් වලින් හමුදාව ආපසු කැඳවන ලදී. එහෙත් අවුරුදු 25 ක් පමණ කාලයක් හමුදාව යාපනයේ සිටියහ.

උරුමය[සංස්කරණය කරන්න]

අවුරුදු 40 ක පමණ කාලයක් තුළ සිදු වූ ප්‍රධාන හර්තාලයක් ලෙස 1958 දී සිදු වූ ඵම හර්තාලය හේතුවෙන් ප්‍රධාන ජනවර්ග කණ්ඩායම් දෙක අතරේ විශ්වාසය පලුදු විය. දෙපාර්ශවය ඵකිනෙකාට චෝදනා එල්ල කර ගත්හ. තව දුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බව ප්‍රකාශ විනි. එපරිදි අභ්යසන්තර යුද්ධයකට මග පෑදුනේය.

ඵවකට කුඩා ළමයෙක්ව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් පසුව ප්‍රකාශ කළේ 1958 දී සිදුවූ සිද්ධීන් ඔහුගේ දේශපාලන ගමන් මග වෙනස් කළ බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=1958_ලංකා_කෝලහාලය&oldid=367033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි