ශිෂ්‍යත්ව විභාගය

විකිපීඩියා වෙතින්
(05 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙතින් යළි-යොමු කරන ලදි)
සී.ඩබීලීව්. ඩබීලිව්. කන්නන්ගර මහතා


1931 දී ආරම්භ වු යුගය ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයකි. 1931 දී ක්‍රියාත්මක කරන ලද ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය විසින් ප්‍රථම වරට ස්වදේශිකයන්ට අභ්‍යන්තර පාලනය පිළිබද සෑහෙන බලයක් පවරන ලදි. 1931 දී මුඵ ආසියාවෙන්ම ප්‍රථම වරට සර්ව ජන ඡන්ද බලය ලාංකිකයන්ට ප්‍රධානය කරන ලදි. ඡන්දය මගින් ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් තෝරන ලදි. රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යටතේ, ඵක් විධායක කමිටුවක් යටතට අධ්‍යාපනය පත් වු අතර මෙම විධායක කමිටුවේ සභාපතිවරයා අධ්‍යාපන ඇමතිවරයා ලෙස සලකනු ලැබීය. මෙම ඇමති ධුරයට පත් වුයේ සී.ඩබීලීව් ඩබීලිව් කන්නන්ගර මහාතාය. මේ සමගම අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය අධ්‍යාපන ඇමතිවරයා සතු විය.

කන්නන්ගර මහතා 1931 සිට 1947 දක්වා මුළු යුගයේම අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරන ලදි. ඵම නිසා මෙම යුගය කන්නන්ගර යුගය නම් වේ. මෙම යුගයේ දී ඇති කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වශයෙන් 05 වෙනි ශ්‍රේණයේ ශිෂ්‍යත්ව විභාගයක් පැවැත්විම ගත හැකිය. මෙම විභාගය පැවැත්වීමේ අරමුණක් වුයේ,


  • අඩු අදායම ලබන දක්ෂ සිසුන්ට සම අධ්‍යාපන අවස්ථාවක් සැලසීමයි.


මෙම පාඨශාලිය ශිෂ්‍යත්ව ක්‍රමය වරින් වර ප්‍රතිශෝධනයට පක් වුවකි. ශිෂ්‍යත්ව ක්‍රමය වෙනස් වීමි වලට භාජනය වූයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්ගේ චක්‍රලේඛයට අනුවයි. 1942.02.10 දින අධ්‍යාපන විධායක කමිටු රැස්වීමේදි යෝජනා මගින් ශිෂ්‍යත්ව පැවැත්විය යුතු ආකාරය පිළිබදව ප්‍රකාශ කර ඇත. මෙම පරික්ෂණයට පෙනී සිටිමට සුදුසුකමි ලෙස මධ්‍ය මහා විද්‍යාල පිහිටි ප්‍රදේශයේ රජයේ හෝ ආධාර ලබන හෝ පාසලක හෝ මධ්‍ය මහා විද්‍යාලයක හෝ පශ්චාත් ප්‍රාථමික පන්තියක ඉගෙනීම ලැබීමත් වාර්ෂික ආදායම රූපියල් 600/= ට අඩු වීමත් දක්වා තිබුණු අතර වයස් සීමාව ගැන සලකා නොතිබිණි. මෙම සුදුසුකමි වලට අනුව පවත්වනු ලැබූ විභාගයට අනුව 1944 දී ඵක් මධ්‍ය මහා විද්‍යාලයක ශිෂ්‍යත්වධාරින් 40 ක් ඇතුලත් වන සේ ශිෂ්‍යත්වය ලබා දෙනු ලැබීය. මෙම ශිෂ්‍යත්ව 40 සදහා සුදුස්සන් තෝරා ගනු ලැබුවේ ඵ් ඵ් මධ්‍ය මහා විද්‍යාලය පිහිටි ප්‍රදේශයේ ඉගෙනුම ලැබු සිසුන්ගෙනි. මෙසේ තෝරා ගනු ලැබු සිසුන් සියලු දෙනාම නේවාසිකව කෑම බීම ලබමින් ඉගෙන ගත යුතු විය.

ඉහත අයුරින් ආරම්භ වු ඵක් මධ්‍ය මහා විද්‍යාලයක් සදහා ශිෂ්‍යත්ව 40 ක් දීමේ වැඩ පිළිවෙළ රජය මුහුණ පෑ ආර්ථික දුෂ්කරතාව නිසා 1946 දී ඵම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 15 දක්වා අඩු කරන ලදි. විභාගය සදහා පෙනී සිටිය හැකි දරුවන්ගේ දෙමාපියන්ගේ ආදායම් සීමාව 1945.10.22 දින අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්ගේ චක්‍ර ලේඛනයකින් රුපියල් 600/= සිට රුපියල් 900/= ක් දක්වා වැඩි කරන ලදි.‍ මේ අයුරින් ක්‍රියාත්මක වු ශිෂ්‍යත්ව පරික්ෂණය 1967 දක්වා නොකඩවා පැවැත්විණි.


නමුත් 1968 දී මෙතෙක් පැවතී 05 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරික්ෂණය අ‍හෝසි කොට ඵ් වෙනුවට 08 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සදහා ශිෂ්‍යත්ව පරික්ෂණය පැවැත්විණි. ඵය හැදින්වුයේ 80 වෙනි ශ්‍රේණියේ සිසුන් සදහා විද්‍යාමය විෂයන් පිළිබදව රජයේ මහා විද්‍යාලයන්හී හා මධ්‍ය මහා විද්‍යාලයන්හී ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ විභාගය යනුවෙනි.සිසුන් තෝරා ගනු ලැබුවේ අධ්‍යාපන දිස්ත්‍රික්ක 23 අනුව ඵ් ඵ් දිස්ත්‍රික්ක වලදී ඉහලම කුසලතාවක් පෙන්වන සිසුන්ගෙනි.


නමුත් 08 වෙනි ශ්‍රේණියේ පැවැත් වු ශිෂ්‍යත්ව පරික්ෂණය නැවත 1970 දී වෙනස් කෙරිණි. ඵම වෙනස් වීම අනුව 08 වෙනි ශ්‍රේණියේ හා 05 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරික්ෂණය වෙනුවට ජාතික නාවෝදය නමි 07 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරික්ෂණයක් ආරම්භ කෙරිණි.


1970 දී ජාතික නවෝදය ශිෂ්‍යත්ව ලාභියෙකුට ගෙවනු ලබන වාර්ෂික දීමනාව පිළිබදව ඒ.ඒ වර්ණකුලසුරිය (warnakulasuriya A.A. 1996 ) පහත වගුවකින් ගෙන හැර ඇත.


සංඛ්‍යා සටහන් අංකය -01.1



1970 ජාතික නවෝදය ශිෂ්‍යත්ව ලාභියෙකුට ගෙවනු ලබන වාර්ෂික ආදායම.
ශ්‍රේණිය යැපීම් දීමනා අධ්‍යාපන උපකරණ
සදහා දීමනා
මුළු දීමනා
08 වැනි ශ්‍රේණිය 350/= 50/= 400/=
09 වැනි ශ්‍රේණිය 350/= 50/= 400/=
10 වැනි ශ්‍රේණිය 350/= 50/= 400/=
11 වැනි ශ්‍රේණිය 350/= 50/= 400/=
12 වැනි ශ්‍රේණිය 350/= 50/= 400/=

(මුලාශය -ඒ.ඒ.වර්ණකුලසුරිය .1996).


වාර්ෂික සිසුන් 2500 තෝරා ගනු ලබු අතර එයින් වාර්ෂිකව 1176 ට පමන ශිෂ්‍යාධාර ගෙවු බව පෙනේ. එම ශිෂ්‍යාධාර ගෙවනු ලැබුවේ රුපියල් 3600/= ට අඩු වාර්ෂික ආදායම ලබා ගන්නා දෙමව්පියන්ගේ දරුවන්ට පමණි. මෙම ශිෂ්‍යත්ව පරික්ෂණයට පෙනී සිටීමට හැකි වුයේ වයස අවුරුදු 14 ට අඩු සිසුන්ටය.

ඉහත අයුරින් පැවතී ජාතික නවෝදය ශිෂ්‍යත්ව ක්‍රමය 1973 දී අහෝසි වු අතර 1973 දී නැවතත් 05 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ විය. මෙයට හේතුව වුයේ 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා කණිෂ්ඨ ද්විතියික අධ්‍යාපනයක් ආරම්භ කිරීමය. මේ නිසා 07 වෙනි ශ්‍රේණියේදී පරීක්ෂණ පවත්වා ශිෂ්‍යත්ව ලබා දීම තව දුරටත් ප්‍රයෝජනවත් කාර්යක් ලෙස සලකනු නොලැබීය.

1973 සිට පැවැත්වීම ආරමීභ කළ 05 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය දෙස බලන විට පෙනී යන්නේ, ජාතික නවෝදය ශිෂ්‍යත්ව ක්‍රමයේදී මෙන් මෙම පරීක්ෂණයට ද ආදායම් සීමාවක් ආධාර ලබා දීම සදහා පමණක් පනවා තිබුණි. නමුත් 1981 දී ශිෂ්‍යත්වධාරින්ට ආධාර මුදල් ගෙවීමෙදී ආධායම් සීමාව රුපියල් 6000/= කිරීමත්, ශිෂ්‍යත්වධාරින්ට ගෙවන ආධාර මුදල් වැඩි කිරීමත්ය. ගෙවනු ලැබු දීමනාව පහත දැක්වේ.


සංඛ්‍යා සටහන් අංකය 01-2.


1981 දී හා ඉන් පසුව පැවැත්වෙන පස් වැන්නේ ශිෂ්‍යත්වලාභියෙකුට ගෙවනු ලැබු වාරිෂික දීමනාව.
ශ්‍රේණිය යැපීම් දීමනා අධ්‍යාපන උපකරණ
සදහා දීමනා
මුළු දීමනා
06 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=
07 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=
08 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=
09 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=
10 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=
11 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=
12 වැනි ශ්‍රේණිය 700/= 40/= 740/=

(මුලාශය -ඒ.ඒ.වර්ණකුලසුරිය.1996).

එකම පවුලේ ළමයින් දෙදෙනෙකුට හෝ වැඩි ගණනකට ශිෂ්‍යත්ව ප්‍රධානය කර තිබේ නම්, ශිෂ්‍යත්ව සදහා සුදුසුකම් ලබන තෙවැන්නාට ආධායම් සීමාව නොසලකා ආධාර මුදල් ගෙවීම මෙම ශිෂ්‍යත්ව ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් විය.අවුරුදු කිහිපයක ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පහත දැක්වේ.


සංඛ්‍යා සටහන් අංකය 01-3.


ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල. (2003-2007).
වර්ෂය විභාගයට පෙනී
සිටී සංඛ්‍යාව
විභාගය සමත්
වූ සංඛ්‍යාව
විභාගය අසමත්
වු සංඛ්‍යාව
සමත් වු
ප්‍රතිශතය
2003 292483 23205 269278 7.93
2004 289817 23288 266529 8.04
2005 287475 23467 264008 8.16
2006 291028 23121 267907 7.95
2007 283737 33894 24843 11.95

(මුලාශය - විභාග දේපාර්තුමේන්තු වාර්තාව.2007).

ඉහත වගුවට අනුව 2003 වසරේ ශිෂ්‍යත්වය අසමත් වී ඇති ප්‍රතිශතය 7.93% ක් වන අතර අසමත් වු ගණන 92.07% කි. 2004 වර්ෂය ගත් විට එම වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් වී ඇත්තේ 8.04% ක් වන අතර අසමත් වු ගණන 91.96%කි. 2005 වර්ෂය ගත් විට එම වර්ෂය තුළද ශිෂ්‍යත්වය සමත් වී ඇත්තේ 7.95% ක් වන අතර අසමත් වු ගණන 92.05% ක ප්‍රතිශතයකි. 2007 වර්ෂය, එම වර්ෂය තුළද ශිෂ්‍යත්වය සමත් වී ඇත්තේ 11.09% ක් වන අතර අසමත් වු ප්‍රතිශතය 88.05% කි. මේ තත්වය පහත ප්‍රස්ථාරයකින් නිරුපණය කළ හැකිය.


ප්‍රස්ථාර අංක -01.


05 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය (2003-2007) පෙනී සිටී සිසුන්ගේ සමත් වු ප්‍රතිශතය.


"https://si.wikipedia.org/w/index.php?title=ශිෂ්‍යත්ව_විභාගය&oldid=587380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි