කුරුම්බැට්ටි මැෂිම
Appearance
(කුරුම්බැට්ටි මැෂිම වෙතින් යළි-යොමු කරන ලදි)
කුරුම්බැට්ටි මැෂිම යනු පහසුවෙන් සාදාගත හැකි ශ්රී ලංකාවේ ගැමි ළමුන් අතර ජනප්රිය පරිසර හිතකාමී සෙල්ලම් බඩුවකි.
සාදන අයුරු
[සංස්කරණය]ඉරටු කැබලි කිහිපයක් සහ කුරුම්බැට්ටියක් භාවිතා කරමින් මෙම කුරුම්බට්ටි මැෂිම සාදාගත හැකිය.
කුරුම්බැට්ටි මැෂිම සාදා ගැනීම පහත ඡායාරූපය උපයෝගී කරගන්න.
- ප්රථමයෙන් ම සිරස් ඉරටු කැබලි දෙක සවිකර ගන්න.
- දෙවනුව වක්රාකාර ඉරටු කැබැල්ල සවි කරගන්න.
- අවසානයේ දී තිරස් ඉරටු කැබලි දෙක රඳවා ගන්න.
ක්රීඩා කිරීම
[සංස්කරණය]සාදා ගත් කුරුම්බැට්ටි මැෂිමේ තිරස් ඉරටු කැබලි දෙකේ දෙකෙලවරින් අල්ලා මැද කොටස කැරකැවීමෙන් මෙය ක්රියාත්මක කල හැක. එවිට එයින් මිහිරි හඬක් ජනනය වෙයි. හරස් ඉරටු 2 අතරට ශාක පත්රයක් තබා ක්රියාත්මක කිරීමෙන් , යමක් මැසුවා සේ පෙනෙන සිදුරු රාශියක් සැදේ.