හින්දු කුල ක්‍රමය (භගවත් ගීතය අනුව)

විකිපීඩියා වෙතින්
(හින්දු කුළ ක්‍රමය (භගවත් ගීතය අනුව වෙතින් යළි-යොමු කරන ලදි)

හින්දු කුල ක්‍රමය (භගවත් ගීතය අනුව)

ශ්‍රී ක්‍රිෂ්ණා භගවත් ශිතාව තුළන් කුල ක්‍රමය ගැන මෙසේ විස්තර කරයි. ඔහු පවසන අන්දමට සිය ආත්ම අවබෝධය ලබා ගැනීමේ ක්‍රියාවලියෙේදී මනුෂයින් එම අවබෝධය පියවරෙන් පියවර ක්‍රමිකව ලබා ගනී. මේ මගින් ඔවුනගේ ආත්ම පාර්ශුද්ධිය ඇතිවේ. එකිනෙකා ඔවුන්ගේ ජිවිතය නැති නම් ආත්මය හදුනා ගන්නා ප්‍රමාණය මත මිනිසුන් ප්‍රධාන වර්‍ණ නැතිනම් කු හතරකට වර්‍ග වේ.

ශ්‍රද්‍ර යනු ජිවිතය සැපවත් කිරිමේ අපේක්ෂාවෙන් නිරන්තරයෙන් ඉන්ද්‍රියන් පිනවීම පිණිසම‍ පිණිසම භෞතික වස්තූන් කෙරෙහි දැඩි ඇල්මකින් පසුවන ජන කොටසක් වේ. අපේක්ෂා කරන මෙම සැප වින්දනය නැති වේය යන භියින් පසුවන ඔවිහු මෙම භෞතික වස්තුව කෙරෙහි ඉතා දැඩිව ඉැදුනු මනසික් යුතුව කල් ගෙවයි. ආත්ම තෘප්තිය පිණිස භෞතික දේ පිළිබදව ඇති මෙම ඇලීම නිසාම ඔවුන් නිතරම භයින් පසුවෙයි. ඒවාට කෑදර වෙයි. එලෙසම එම සම්පත් ලබා ගැනිම පිණිස නිහසින් තොරව අධිකව වෙහෙසෙන ලෝභී මනසකින් යුක්ත වන‍්නෝ වෙති. මෙම ලෝභීකම නිසාම ඔවුහු ආශාවන්ගේ වහලුන් නැතිනම් දාසයව් බවට පත් වී සිටිති. මෙම දාසයන් ස්ව කැමැත්තෙව් සේවයේ යෙදෙන්නන් නොවේ. එසේම කරැණාවන්ත අයද නොවේ. භෞතික භාණ්ඩ වලත් ආශාවන්ටත් නතු වූ මොවුහු මෙම දුසාභවයෙන් නිදහස් විය නොමැකිම එහිම ගැනී ජිවත් වන්නෝ වෙති.


වෛශ්‍ය

යනු යම් සේවාවක හෝ කර්මාන්තයක විශේෂ දැනුමක් ඇති අය වේ. ඔවුන් ‍ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කරයි. ඔවුන් එකම සේවයක හෝ කර්මාන්තයට පමණක් නියැළි සිටිමට නියමව ඇත්තේ නොවෙති. තවද ඔවුහු බාහිර දේ පිළිබද දැනුමකින් පරිපාලන බලතල සහ ඒවායේ සීමාවන් පිළිබද අවබෝධයක් ඇත්තෝද වෙති. වෛශ්‍යයන් ඔවුන්ගේ වෘත්තිමය විශේෂඥ දැනුමෙන් පිරිපුන් සිනා බොහෝ විට අහිතකර වූ පිළිලයක් ලෙසද සැලකේ. විශේෂඥ දැනුම මතු කෙරෙන කුතුහලය විසින් මෙහෙයවන මොවුන් තම බලය වඩා නැගිමටත් පාලන කටයුතු සියතට ගැනීමටත් උත්සුක වේ. විශේෂ දැනුම නිසා නිතර නිතර තම ක්‍රියාකාරකම් වල මමේ පරිස යෙදුනද වඩා විශ්වාසවන්ත‍යෝ නොවෙති. ඉන්දියාවේ ගණිකා වෘත්තියේ නිතරම ඇති ඇයද වෛශ්‍යා"" නමින් හැදින්වේ විද්වත්, විශ්ෂඥයින්, විනිසිදුවන් හා රජයේ නිළධරයන් සමග ආශ්‍රයට මොවුන්ට ඇති ඉඩකඩ බොහෝ දුරට අසුරා තිබේ. වාණිජ කටයුතුවල නිරත වන අය ව්‍යවසාය" නමින් හදුන්වයි. මෙම පිරිස පටු වෘත්තිය ක්ෂේත්‍රයක් තුළ කොටුවු අය වන අතර සීමිත විෂයක පමණක් හසල දැනුමක් ඇති අය වෙති.


ක්ෂත්‍රිය

යනු තම ජිවිතය පිළිබද ව මෙන්ම ලෝක ස්වාභවය නැතිනම් ධර්‍මතා පිළිබදව අවබෝධයක් ලබා ගැනීමේ උත්සුක වන අය වේ. ඔවුහ් තමන්ගේ චරිතයට නොගැලපෙන සියළු වෘත්තීන් ගෙන් වෙන් වූවන් වෙති. ඔවුන් හැසිරිම, ගතිගුණ ඇතුළත් ජිවන රටාව උසස් මට්ටමක පැවතීම විශේෂ ලක්ෂණයකි. විෂයානුබද්ධ විශේෂඥ දැනුම ඔබ්බට ගිය ප්‍රභූවන්ත භාවයක් ඔවුන් තුළින් දැනුමෙන් ඔබ්බට ගිය ප්‍රඥාවන් භාවයක් ඔවුන් තුළින් විද්‍යාමාන වේ. විශේෂයෙන් හැකියා නම් වලලු පටු වේ. එහෙත් ප්‍රඥාවන්ත යිනගේ හැකියා කේෂ්ත්‍රය පුළුල් ලෙස ව්‍යාප්ත වුවක් වේ. තවත් මෙම ප්‍රඥාවන්ත පිරිස හය ජිවිතය පිළිබදව දර්ශණයක් ඇති අතර එවුහු භෞතික වස්තූන් පරිරණයෙන් බැහැර වී දාර්ශනික සංකල්ප මත සිය ග්‍රහණ දියුණු කරගනී. මෙම ලක්ෂණය ඉහත සදහන් කල අන් අය පාලනය කිරිමට පෙළඹෙන වෛශ්‍යයන් ට වඩා සිය ජිවිත ස්වාභාවය හදුනාගෙන චරිත වර්ධනය ඇතිකර ගැනිමට ඔවුන් තුළ ඇති උසස් අභිලාෂය පෙන්වන්නනකි. කෂ්ත්‍රියෝ භූමිය, ස්ත්‍රීන්. හෝ වෙනත් භෞතික වස්තූවන් ‍වෙනුවෙන් සටනට බුද්ධයට පැටලෙන අය නොවෙති.

ව්‍යවසායකියින් (ව්‍යව්‍යාය) වෙළද කටයුතු කෙරේහි විශාල දැනුමක් ඇති අය වුවද ඔවුන් ජිවිතය පිළිබද යථා අවබෝධය ලබා ගැනිමට තරම් ඔවුන්ගේ ග්‍රහණ ප්‍රමාණයත් නොවේ. ව්‍යවනමායින් ව්‍යාපාරික කටයුතුවල නිරන්තරයෙන් යෙදෙන අය බැවින් ආත්මීය හා භෞතික වස්තු පරිහරණයෙහි ලෝල වු පිරිසක් වේ. එහෙත් අධ්‍යාත්මික අගයක් පිළිබදව අඩු සැලකිල්ලක් දක්වන අය වෙති.

සිය වෘත්තිය කටයුතුවල පසුබෑම් වලට ‍හේතු විමර්ෂණය කිරිමට දැනුමක් ඇති මොවුන් එම දැනුම උපයෝගි කොට ගෙන ජිවිතය දෙස බැලීමට ද සමහර අවස්ථාවල යොමු වේ. මෙම අවබෝධය නිසා ඔවුන් බොහෝ විට කෂත්‍රීය ත්ත්වයට ළගා වීමට හැකි යාව ඇත්තෝද වෙති. මෙම වෙනස වණි පරිවර්තනයක් ලෙස සැළනේ. පටු විෂයය පථයකට සීමා වී තිබූ දැනුම පුළුල් කේෂ්ත්‍රයක් දක්වා වරෟධනය වීමේ ප්‍රතිඵලය වර්‍ණ පරිවර්තනයයි.

'බ්‍රහ්මන" යනු ජිවිතයේ උතරීතර අධ්‍යාත්මික තත්ත්වයයි. මෙම තත්වයේ දී ජිවිතය පිළිබද සියලු ඇලීම්, ගැලීම් හා අර්බුධ ආදියෙන් බැහැරවන මිනිසා පූර්ණ ජිවිතාවබෝධය ලබා ගනී. ශුද්‍රයින් මෙන් ලෝභ සිත් ඇත්තෝ ද ව්‍යවසායකයින් මෙන් බලතල ආශා ඇත්තෝ ද ඊට වැඩි උසස් ආධ්‍යාත්මික තත්ත්වයක් තිබෙන ක්ෂත්‍රියෝ ද මෙම තත්ත්වයට පත්විමට හැකි අය නොවෙති. බ්‍රහ්මන" යනු කරැණාවෙන් සම්පූර්ණ ආශාවන් ග්‍රහණය කර නොගන්නා, ප්‍රතිලාභ අපේක්ෂිත ක්‍රියාවන් හි නොයෙදෙන උසස් තත්ත්වයක් වේ.