බුද්ධාගම සහ අනුරාධපුරය

විකිපීඩියා වෙතින්
(හින්දු ආගම සහ අනුරාධපුරය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

බුද්ධාගම සහ අනුරාධපුරය

බුද්ධාගම පැමිණීමෙන් පසු අනුරාධපුර නගරය වඩාත් ප්‍රසිද්ධ වූ අතර නව ගොඩනැගිලි යුගයක් ආරම්භ විය. කූටකන්නතිස්ස රජතුමා නගරය වටා ප්‍රථම පවුර ගොඩනැගූ බව මහාවංශයේ සඳහන් වේ. ඵය රියන් 7 ක් උස් වූ අතර ඉදිරියෙහි දිය අගලක්ද විය. මෙම ආරක්ෂක උපක්‍රම වැඩි දියුණු කරන ලද්දේ වසභ රජු විසිනි. ඔහු එම පවුර රියන් 11 සිට 18 දක්වා උස් කළේය. එම පවුරේ දොරටුවල මුර ගෙවල්ද තැනුවේය. එහි නටබුන් අද පවා දැකිය හැක. මෙම ගොඩනැගීම් කිරීමේදී ශාස්ත්‍රකරුවන්ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලදී.

මහා ඉදිකිරීම් යුගය

විශාල ප්‍රදේශයක පැතිරුණු විහාර ආරාම සංකීර්ණයන් සහ පුරාණ ලෝකයේ උසම ගොඩනැගිලි නිර්මාණය වීමෙන් මහා ඉදි කිරීම් යුගයක් ආරම්භ විය. නගරයේ ඉදි කරන ලද ජේතවනාරාමය මුළු ලෝකයේම ගඩොලින් ඉදි කරන ලද විශාලම ගොඩනැගිල්ල වෙයි.

මහා විහාරය ථෙරවාදී බුදු දහමේ ප්‍රධාන මධ්‍යස්ථානය විය. මෙය ක්‍රි.පූ. 249 දී ආරම්භ කරන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි. මහායානික පාර්ශවය අභයගිරිය විහාරය ආරම්භ කළහ. මහසෙන් රජතුමා (ක්‍රි.පූ. 275 - 310) මහා විහාරය සහ අභයගිරි ආරාමයන්ට මැදි කොට ජේතවනාරාමය ගොඩ නැගුවේය.

නගරයෙන් පිට යෝධ ස්තූප සමග ප්‍රධාන ආරාමයන් ඉදි කරන ලදී. මහා විහාරයට අයිති මහා ථූපය, සිරි මහා බෝධිය සහ ථූපාරාමය නගරයට දකුණෙන් විය. අභයගිරිය උතුරේ වූ අතර පුබ්බාරාමය නැගෙනහිරින් තිබුණේය. තපෝවන විහාරය වයඹ පෙදෙසෙහි වූ අතර ජේතවනාරාමය ගිණිකොන පෙදෙසෙහි ඉදි කෙරුණි.

දන්ත ධාතුව නගරයට වැඩම කරන ලද්දේ කිත්සිරි මේඝ වර්ණ රජුගේ පාලන කාලයේදීය. ධම්මචක්ක නම් වූ ගොඩනැගිල්ලක දන්ත ධාතුව තැන්පත් කරන ලදී. එතැන් පටන් වාර්ෂික පෙරහැරක් මගින් දන්ත ධාතුව අභයගිරියට වැඩම කර එහිදී ප්‍රදර්ශනය කරන ලදි.