සැකිල්ල:ලිපි තැනීමේ මායා අඳුන
{{{content}}}
භාවිතය
[සංස්කරණය]අමරසිරි දොඩංගොඩ
අමරසිරි දොඩංගොඩ උපන්නේ 1941 ඔක්තෝබර් 18 වැනිදා ගාල්ලේ දොඩංගොඩදී ව්‍යාපාරිකයකු වූ විලියම් අප්පුහාමිට සහ පුණ්යාවතී ගුණසේකරට දාව ය. බද්දේගම ගිනිමල්ලේගහ කුකුලලාවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු බද්දේගම රත්නසාර විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තෘතීයික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 1963 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය. ඉන්පසුව 1960 දශකයේ අග භාගයේදී අධ්‍යාපන නිලධාරියෙකු ලෙස රජයේ සේවයට එක් වූ අතර ඉන් අනතුරුව 1971 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් විය. ලංකාව [1] ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටියේය. 1971 සිට දකුණු ලංකාවේ රැඩිකල් දේශපාලන චරිතයක් වූ ඔහු බද්දේගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කර, බද්දේගම ආසනයට තරග කර 1983 දී පාර්ලිමේන්තුවට පිවිසි අතර 1989 දී ගාල්ල බහු මන්ත්‍රී ආසනයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1993 දී ඔහු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හැර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අවස්ථාවේදීය. වසර 17කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත රජයට පැමිණි 1994 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස යළි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දේශීය වෛද්‍ය, සමුපකාර, වෘත්තීය පුහුණු, පළාත් පාලන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ඇතුළු විවිධ අමාත්‍ය ධුර දැරීය. ඔහු 2005 දී අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. ඔහු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැඩි ආධාරකරුවෙකු විය. ටම වමට හැරවූ දකුණේ මහ ඇමැති සටන
මහත්මා දේශපාලනය යනුවෙන් වචනයක් තිබේ. මහත්මා යනු උසස්, උතුම් වැදගත් තැනැත්තා ලෙස අර්ථ දැක්වේ. මහත්මා දේශපාලනයද එසේමය. මහත්මා දේශපාලනය තුළ ආක්‍රෝෂ පරිභව නැත. හෙළා තලා කතා කිරීම් නැත. මැරයන් පෙරට යැවීම් නැත. කොමිස් ගැසීම්, අත යට ගැසීම් නැත. මහත්මා දේශපාලනයේ වචනය ප්‍රියවේ. කෙනෙකුට අසා සිටිය හැක. එවැනි මහත්මා දේශපාලනඥයන් දීර්ඝ කාලයක් දේශපාලන භූමියේ රැඳී සිටීති. එසේම දේශපාලනයේ දී අපට මුණ ගැසෙන මිනිසුන් වර්ග දෙකකි. පළමුවන වර්ගයේ අය දේශපාලනය නිසා බැබළේ. දෙවැනි වර්ගයේ අය නිසා දේශපාලනය බබළයි. එවැනි උසස් ගුණාංග ඇති සත් ගුණවත් දේශපාලනඥයකු වූ හිටපු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති සහ දකුණේ හිටපු මහ ඇමැති අමරසිරි දොඩංගොඩ මහතා අයත් වන්නේ ඉහත දෙවන වර්ගයටය. බද්දේගම, ගිනිමැල්ලගහ දොඩම්ගොඩ මාකට් රාළහාමි නමින් ප්‍රකට සමාජ සේවකයෙකු වූ ජී. එචි. ඩි. විලියම් අප්පුහාමි මහතාට දාව පුණ්යවති ගුණසේකර මහත්මියගේ කුසින් උපන් අමරසිරි දොඩන්ගොඩ ළදරුවා මුලින්ම අකුරු කළේ ගිනිමැල්ලගහ විද්‍යානන්ද විද්‍යාලයෙනි. ද්විතීය අධ්‍යාපනය සඳහා බද්දේගම රතනසාර විද්‍යාලයටත්, ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයටත් ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිස ඇත්තේ 1961 දීය. 1964 වර්ෂයේදී උපාධිධාරීයකු ලෙස ඉන් බැහැර වූ එතුමා තම ජීවත කාලය පොදු ජනයා සමඟ ගත කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු තෝරා ගනු ලැබුවේ සමාජවාදී ප්රජාතන්ත්රවාදය සිය මූලධර්මය කරගත් බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පවතින සමාජ විෂමතාවයන් දුරු කරලීමේ අපේක්ෂාවෙන් හේ චීන කොමියුනිස් මතය දරමින් එය සාක්ෂාත් කරගන්නට කැපවෙමින් ‘ගිනිපුපුර’ සංවිධානය හා එක් වී ක්‍රියාකාරී ගුරුවරයකු ලෙස පිරිවෙන් අධ්‍යාපනය ලබන තරුණ පරපුරට දැනුම නොඅඩුව ලබා දුනි. අනතුරුව නීතිය හැදෑරූ ඔහු 1977 වර්ෂයේදී මහ මැතිවරණයට වාමාංශික එක්සත් පෙරමුණෙන් අක්මීමන ආසනයට තරග කළේය. පසුව 1983 දී බද්දේගම අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජය ලබා පාර්ලිමේන්තුවට ගියේය. එදා හයෙන් පහක බලයක් සහිත ව පැවැති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආණ්ඩුවට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ඔහු මහජන හඬ අභීතව ඉදිරිපත් කළ කැපී පෙනෙන චරිතයක් විය. සටන්කරුවකු විය. 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙවන වරට පාර්ලිමේන්තුවට පිවිසි දොඩන්ගොඩ මහතා ඊට වසර හතරකට පසු එනම් 1993දී එයින් සමුගත්තේ පක්ෂ නායකත්වය කරන ලද ඉල්ලීමකට අනුවය. ඒ එම වසරේ දකුණු පළාත් සභා මැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස තරග කිරීමටය. එම පළාත් සභා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 138536ක් ලබා වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව ජය අත්කර ගත්තේ දකුණු පළාතේ මන්ත්‍රී ආසන 55 න් 28ක් සහිතවය. ඒ 1993 මැයි 18 වන දිනය වේ. එවකට පාලක එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වූ අල්හාජ් බාකීර් මාකර් මහතා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය හා කැමැත්ත දිනා සිටී අමරසිරි දොඩංගොඩ මහතා මහ ඇමති තනතුරට පත් කරනවා වෙනුවට හිටපු ප්‍රධාන ඇමැති එම්. එස් අමරසිරි මහතාට නැවත දෙවන වරටත් මහ ඇමතිකම බාර දුන්නේය. දකුණේ ජනතාවගේ බහුතර කැමැත්තට පයින් ගසමින් එවකට සිටි ආණ්ඩුකාරවරයා ගත් තීරණයට එරෙහිව දොඩංගොඩ මහතා නීතියේ පිහිට පැතිය. ත්‍රිපුද්ගල අභියාචනාකරන විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය වූයේ අමරසිරි දොඩංගොඩ මහතාට මහ ඇමතිකම හිමිවිය යුතු බවයි. එහෙත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට තිබුණද ආණ්ඩුකාරවරයා අතුරුදහන්ව ඇත. ඒ වන විට බේරුවල නිවසේ සිටිය ආණ්ඩුකාරවරයා මාතලේ බලා පිටත්ව ගොස්ය. එහෙත් ආණ්ඩුකාරවරයා සැඟවී සිටි තැන සොයා ගැනීමට එදින සවස් වන විට දොඩන්ගොඩ මහතාට හැකි විය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අද දින පළාතෙන් බැහැරව සිටින නිසා පසු දින තම කාර්යාලයට පැමිණ දොඩංගොඩ මහතාට දිවුරුම් දිය හැකි බවයි. ඒ 1993 ඔක්තෝබර් 12 වැනි දිනය. ප්‍රධාන ඇමැති ධුරයේ දිවුරුම් දීමට පෙර අමරසිරි දොඩංගොඩ මහතා ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ දකුණු පළාත් මන්ත්‍රී කණ්ඩායම ගාල්ල, මිනුවන්ගොඩ ගුණරත්න බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු දිවුරුම් දීම සඳහා ආණ්ඩුකාර කාර්යාලය යෑමට පිටත් විය. මේ වන විට මුළු ගාල්ලේම මාර්ග බාධක යොදා ආරක්ෂාව තරකර තිබුණි. එසැණින්ම ගාල්ල පොලිසිය හරහා ආණ්ඩුකාර බාකිර් මහතා දොඩන්ගොඩ මහතාට ලිපියක් මගින් දැනුම් දුන්නේ අද දින තමා නිවාඩු බවයි. ඔහු කරනුයේ කපටිකමක් බව දැනගත් දොඩන්ගොඩ මහතාට දැඩි කෝපයක් හට ගත්තේය. මේ අතර දකුණ වමට හැර වූ මෙම ආසහාය මිතුරාගේ දිවුරුම් දීමේ උත්සවයට මහින්ද රාජපක්ෂ මහතාද ගාල්ලට ළඟා විය. තත්ත්වය දැනගත් මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක විය. එතුමා සමග දොඩන්ගොඩ මහතා, ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායමට රිචඩ් පතිරණ මහතාද එක්වීය පැරැණි පුවත්පත් වාර්තාවක් සියලු දෙනාම ආණ්ඩුකාර කාර්යාලය බලා පිටත් විය. මාර්ග බාධක මගහරිමින් වත්මන් අගමැතිතුමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ගාල්ල අලුත් කොටු දොරකඩ ළඟට ළං විය. එහෙත් කොටු දොරටුව අසල ලොකු මාර්ග බාධකයකි. එතැනදී මහින්ද රාජපක්ෂ මහතා වාහනයෙන් බිමට පැන මාර්ග බාධකය දෑතින් ගෙන මහත් වෙර යොදා ඉවතට විසි කළ අයුරු අදටත් ඒ දේ දැකපු අය විස්මයට පත් වනු ඇත. පොලිස් මාර්ග බාධකය අසල ආයුධ සන්නද්ධව සිටි පිරිස අතර සිටි පොලිස් අධිකාරිවරයකු මහින්ද මහතා වෙත දිව ආවේය. සැනෙකින් ක්‍රියාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතා අධිකාරි වරයාගේ නිල ඇඳුමෙන්ම ඔසවා තැබිය. එතුමාගේ ක්‍රියාවත් සමග සියලු දෙනාම කොටුපවුර ඇතුළට යෑමට හැකි විය. දැන් සියලුම පිරිස ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට ය. කාර්යාලයේ දොර ඉබි යතුරු දමා වසා දමා ඇත. ආවේගාත්මක පිරිස ඉබි යතුරු කඩා දොර විවෘත කරන විට ආණ්ඩුකාරවරයා කිසිවක් කර කියා ගත නොහැකිව අසුන් ගතව සිටියේය. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී තමන් පැමිණි කාරණය ප්‍රකාශ කර දොඩංගොඩ මහතා දිවුරුම් දෙන තෙක් මෙතනින් එක අඟලක්වත් නොසැලෙන බවට පැවසීමත් සමග ආණ්ඩුකාරවරයාට අමරසිරි දොඩංගොඩ මහතා ප්‍රධාන ඇමති තනතුරේ දිවුරුම් දෙනවා හැර වෙන කිසිවක් කළ හැකි නොවිය. 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ සටන මෙතැනින් ආරම්භ වී දකුණ වමට හැරවීමේ සටන ද ආරම්භවිය. දකුණ වමට හැර වූ දොඩං යන අන්වර්ථ නාමය ද ඔහුට හිමි විය. මෙම ජයග්රහණයෙන් පසු උදම් වු ජනතාව 1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණයට පත් කළහ. එම මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනාප ලැයිස්තුවේ පළමු වෙනියා ලෙස ඔහු ජයග්‍රහණය කළේ මනාප ඡන්ද 176151 ක් ලබාගනිමිනි. 1994 මහ මැතිවරණයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ස්වදේශ කටයුතු, සමූපකාර, පළාත් සභා හා දේශීය වෛද්‍ය ඇමති වූයේ දොඩංගොඩ මහතායි. දොඩංගොඩ මහතා දේශීය වෙදකම ප්‍රචලිත කිරීමට කොතෙක් කටයුතු කරාද යන්න ඔහුට ශ්‍රාවස්තියේ වෙදමහතා යනුවෙන් ද නමක් පටබැඳී තිබුණි. 2004 මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතව තරඟ කළ නිසා එම මැතිවරණයෙන් වැඩිම මනාප ස්ථාන ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ අතර දොඩංගොඩ මහතාට හිමි වූයේ පස් වන ස්ථානයයි. වංචාවෙන්, දූෂණයෙන් තොරව මහත්මා දේශපාලනයක යෙදුණු දොඩංගොඩ මහතා කලබල කාරයකු නොවූවත් යම් තීරණයක් ගත් විට එය දැඩිව සිටිමේ සෘජු ගුණයක් යුත්ත විය. නිහතමානි දොඩංගොඩ මහතා නිතර සිනහවෙන් ගත කළේය. දොඩංගොඩ නම් වූ සොඳුරු මිනිසා විසින් එවක පැවති 17 වසරක අදම දුර්දාන්ත එක්සත් ජාතික පාලනයට තිත තබන්නට මංගල වෙඩි මුරය පත්තු කළේය. ලාංකීය ඡන්දදායකයින් පොදුජන එක්සත් පෙරමුණ වටා ඒකරාශී කරන්නට වැඩි වැඩියෙන් ම රොක් කරන්නට අමරසිරි දොඩංගොඩ නම් වූ මේ පුංචි මිනිසාට හැකි විය. 2002 වර්ෂයේ දී බිඳ වැටුණු පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු බලය එක්සත් ජාතික පක්ෂයට මාරු විය. ආණ්ඩු පක්ෂය විපක්ෂය විය. විපක්ෂ නායකධූරය මහින්ද රාජපක්ෂ මහතාට දිය යුතු බවට පළමුවෙන්ම හඬ අවදි කළේ මේ පුංචි මිනිසාය. 2004 දී යළි බලය හිමිකර ගන්නට පොදුජන පෙරමුණ හා ජනතාව විමුක්ති පෙරමුණ සංධාන ගත වූ පසු අගමැති තනතුර මහින්ද රාජපක්ෂ මහතාට දිය යුතු බවට මුලින්ම හඬ නැගුවේ ද අමරසිරි දොඩංගොඩ මහතායි. 2005 වසරේ දී ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නම ප්‍රථමයෙන්ම යෝජනා කර ඇත්තේ අමරසිරි දොඩංගොඩ මහතායි. ඒ ඔහුගේ දුරදක්නා නුවණ නිසාවෙනි. ඒ සදහා දොඩංගොඩ මහතා ගාල්ල දිස්ත්‍රික් ජනතාව සමග හික්කඩුවේ සිට දෙවොල් දේවාලය දක්වා ගොස් පූජාවක් ද පැවැත්විණි . අනතුරුව හික්කඩුව නගරයේ රැස්වීමක් පවත්වා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරන්න තරම් එඩිතර විය. සැප සම්පත් වලට ලොල් නොවූ, බල තණ්හාවට ලොල් නොවූ වැඩිමනක් ධනයට ආශා නොකල ඔහු දේශපාලනඥයින් අතර ඉතාම චාම් සරල මිනිසෙක් විය. ඒ නිසාම ඔහු කැපී පෙනුණේ ද නැත. ඔහු කවරෙක් දැයි නිවැරැදිව හඳුනාගෙන සිටි අය අතර එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක් අයෙකි. අධිකරණ ඇමතිකම එවකට ජනාධිපතිතුමා විසින් අසනීපයෙන් සිටි අමරසිරි මහතා වෙත ගෙදරටම ගොස් ප්රදානය කළේ එතුමාට අතීතය මතක තිබුණු හෙයිනි. හරියට ඇවිදීමට නොහැකිව ඉන්න කෙනෙකුට අධිකරණ ඇමතිකම තබාගෙන සිටින්නේ ඇයි දැයි ප්‍රශ්න නැගෙද්දී ජනාධිපතිතුමා අධිකරණ ඇමතිකම දොඩංගොඩ මහතා වෙතම තැබුවේය. තම මුළු ජීවිත කාලයම ප්රගතිශීලි දේශපාලනය වෙනුවෙන් කැප කළ වර්තමාන ජනතා ජයග්‍රහණයේ පෙරගමන්කරුවා ලෙසත්, දකුණ වමට හැර වීමට නායකත්වය දුන් අමරසිරි දොඩංගොඩ මහතා පිළිබඳව වත්මන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු දකුණු පළාත් සභා ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා 2009-06-03 දින පුවත්පතක මෙසේ සඳහන් කර තිබුණි. එදා පරාජය කළ නොහැකි බලවේගයක් ලෙස සැලකූ පාලනයට අභියෝග කරමින් තරග බිමට පැමිණි දෙඩන්ගොඩ මහතා තුළ ජයග්‍රහණය ලබා ගැනීමට තමාට ඇති ශක්තිය පිළිබඳ ව පැවැතියේ දැඩි විශ්වාසයක්. එතුමන් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පළාත් සභාවට පත් වූ අවස්ථාවේ එම ජනතා ජයග්‍රහණය වංචාවෙන් යටපත්කල ප්‍රකට ප්රැන්සිස්කු සිදුවීම මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රබල මතක සටහනකි. එම ජයග්‍රහණය පැහැර ගැනීමට කළ කුමන්ත්‍රය පිළිබඳව තීරණ ගැනීමේදී එතුමා දැක්වූ පරිණත බව මෙහිදී විශේෂයෙන් සිහි කළ යුතුව ඇත. එදා ප්රැන්සිස්කු කරණය පිළිබඳව සාකච්ඡාවේදී නවක මන්ත්‍රීවරයකු ලෙස තමාට තම මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමත් එහිදී මෙම ජන සම්මත විරෝධී වංචාව පිළිබඳව අධිකරණයට නොව පළාත් සභාව විසුරුවා හැර නැවත ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන ජනතා තීන්දුවක් ලබා ගැනීම සඳහා යොමුවිය යුතු බවට මා ඉදිරිපත් කළ මතයට දැක්වූ එකඟතාවය එතුමන්ගේ දක්ෂ බව මනාව පෙන්නුම් කළ අවස්ථාවකි. එසේම නවක මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී මේ තරම් දිගු ගමනක් යෑමට දොඩංගොඩ මහතා හේතුවූ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ. ජීවිතයේ අවසාන කාලයේ රෝගී භාවය නිසා ඔහු කායිකව සිටියත් මානසිකව එතුමාගේ උදාර බව අඩුවක් නොවීය. දේශපාලනයේ ක්‍රියාකාරී යෙකු ලෙස කටයුතු කළ මෙතුමා පාර්ලිමේන්තුවේදීත්, පළාත් සභාව තුළත් ජන මෙහෙවරක නියැලී ඇත. එතුමාගේ ජීවිතයේ වැඩි කාලයක් සාමාන්‍ය මිනිසුන් අතර කටයුතු කරන්නට දැඩි කැමැත්තක් දක්වා ඇත. නිහතමානි අවංක දේශපාලනයක නියැලී එතුමා මිය යන තුරුම කිසිදිනක කිසිදු වංචාවකට හෝ දූෂණයට චෝදනා නොලත් සත්පුරුෂ දේශපාලනයක නියැලී චරිතයක් විය.