ඉන්දියානු සන්නද්ධ හමුදා කොඩි දිනය

විකිපීඩියා වෙතින්
(සන්නද්ධ හමුදා කොඩි දිනය වෙතින් යළි-යොමු කරන ලදි)

ඉන්දියාවේ සන්නද්ධ හමුදා කොඩි දිනය හෝ කොඩි දිනය යනු ඉන්දියානු සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධනය තකා, ඉන්දියාවේ ජනතාවගෙන් ආධාර මුදල් එකතු කිරීම සඳහා වෙන්වූ දිනයකි.

ඉන්දියානු හමුදා කොඩිය

1949 වසරෙහි පටන් වාර්ෂිකව දෙසැම්බර් 7 වනදා ඉන්දියාව තුල එය පවත්වා ඇත. පසුගිය කාලය තුල, එය වර්ධනය වී ඇත්තේ, ඉන්දියාවේ සොල්දාදුවන්, හමුදා භටයන් සහ නාවික භටයන් සිහිකිරීම පිළිබඳ සම්ප්‍රදායයක් බවට භාවිතා කරන දිනයක් බවටය.

ඉතිහාසය[සංස්කරණය]

ඉන්දියාව විසින් නිදහස අත්පත් කර ගත් විගසින්, ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් රජයට ඇති විය. 1949 අගෝස්තු 28 දිනදී, ආරක්ෂක අමාත්‍යවරයා යටතේ පිහිටුවනු ලැබූ කමිටුවක් විසින් තීරණය කරනු ලැබුවේ, සෑම වසරකම දෙසැම්බර් 2 දිනදී, කොඩි දිනයක් සැමරිය යුතු බවයි. කොඩි දිනයක් සැමරීමේ අදහස වූයේ, මහජනතාව වෙත කුඩා කොඩි බෙදා හැර, ඒ සඳහා පරිත්‍යාග එකතු කිරීමයි. රට වෙනුවෙන් සටන් කල සන්නද්ධ හමුදා සමාජිකයන්ගේ පවුල් සහ යැපෙන්නන් පිළිබඳ වග බලා ගැනීම, ඉන්දියාවේ මහජනතාවගේ වගකීමක් බවද කොඩි දිනය විසින් අවධානයට යොමු කෙරෙයි.

එකල ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු, 1954 දෙසැම්බර් 7 දිනදී පැවසුවේ[1]

සති කිහිපයකට පෙර, ඉන්දු-චීනයෙහි සංචාරය කල අවස්ථාවෙහිදී, එහි ජාත්‍යන්තර කොමිසමට සම්බන්ධව සේවය කරන අපගේ නිලධාරින් සහ සොල්දාදුවන් මම දුටුවා. ඔවුන්ගේ දැකුම්කළු බව සහ එම ඈත දේශයෙහි ඔවුන් සිදු කරන හොඳ කාර්යය දුටු මට ඉමහත් සතුටක් දැනුණි. එහි ජනතාව අතර සාමාන්‍ය ජනප්‍රියතාවයකට ලක්ව සිටි ඔවුන් මා තවත් ප්‍රීති ප්‍රමෝදයට ලක් කලා. ඔවුන්ගේ කාර්යශූර භාවයෙන් මෙන්ම ඔවුන්ගේ සුහදශීලී භාවයෙන්ද, ඉන්දියාවේ කීර්තිය ඔවුන් විසින් ඔප්නැංවූවා. ඉන්දියාවේ සෑම පළාතකම සොල්දාදුවන් එහි සිටියා. පළාත්මය හෝ වෙනත් වෙනස්කමක් ඔවුන් එහිදී ප්‍රදර්ශනය කලේ නැහැ. ඔවුන් ගැන දැන ගැනීමට සහ මෙහිදී සහ එහිදී අපගේ රට වෙනුවෙන් සේවය කරන එම තරුණ සොල්දාදුවන් ගේ සේවය අගැයීමට මාගේ ජනතාව සතුටු වන බවට මට සහතිකයි. එම ඇගැයීම ප්‍රදර්ශනය කිරීමේ එක් ක්‍රමයක් වන්නේ කොඩි දින අරමුදලකි.

වැදගත්කම සහ අභිප්‍රාය[සංස්කරණය]

මූලික අභිප්‍රායයන් තුනක් පෙරදැරි කර ගෙන කොඩි දිනය පැවැත්වෙයි

  • සටන් අපාතිකයන් පුනුරුත්ථාපනය
  • සේවා-නියුක්ත භටයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය
  • සේවා-වියුක්ත භටයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ප්‍රතිවාසනය සහ සුබසාධනය.

සන්නද්ධ හමුදා කොඩි දිනය පැවැත්වෙන්නේ සහ අවශ්‍ය ආධාර එකතු කරන්නේ කොඩි බෙදා හැරීම තුලිනි. දැනට සේවය කරන ඉන්දියානු හමුදා සාමාජිකයන් සහ රණවිරුවන් වෙත කාතඥතාවය පුද කිරීම සහ අගය කිරීම සහ රට වෙනුවෙන් දිවි පිදූවන් අනුස්මරණය කිරීම සඳහා ඉන්දියානුවන්ට අවස්ථාවක් මෙහිදී උදා කර දෙයි.

කොඩි දිනය තුලදී, ඉන්දියානු සන්නද්ධ හමුදාවන්හී අංශ තුනම, ඉන්දියානු යුද්ධ හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව විසින්, විවිධවූ ප්‍රසංග, සැණකෙළි, නාට්‍ය සහ අනෙකුත් විනෝදාස්වාද වැඩසටහන් සංකලනයක් එළිදක්වන්නේ, ඔවුන්ගේ සාමාජිකයන් විසින් ජාතික ආරක්ෂාව සහතික කිරීමට දරන්නාවූ පරිශ්‍රමය පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීමටය.[2] ඒ වෙනුවෙන් ලැබෙන පරිත්‍යාග බලාපොරොත්තුවෙන්, සේවා තුන නිරූපණය කෙරෙන රතු, තද නිල් සහ ලා නිල් පැහැති කුඩා කොඩි බෙදා හැරෙයි.[3]

සටහන්[සංස්කරණය]

  1. ද හින්දු, දිස් ඩේ දැට් ඒජ් සංරක්ෂණය කළ පිටපත 2005-01-04 at the Wayback Machine ප්‍රකාශනය දෙසැම්බර් 7, 2004, සම්ප්‍රවේශනය නොවැම්බර් 1, 2006.
  2. සයින්ක් සමාචාර් වෙබ් අඩවිය සම්ප්‍රවේශනය නොවැම්බර් 1, 2006
  3. ඉන්ඩියන් නේවි ඉන්ෆර්මේෂන් රිසෝස් ඇන්ඩ් ෆැසිලිටේෂන් සෙන්ටර් වෙබ් සයිට් සංරක්ෂණය කළ පිටපත 2007-09-28 at the Wayback Machine සම්ප්‍රවේශනය නොවැම්බර් 1, 2006.