බෝධිපාක්‍ෂික ධර්ම

විකිපීඩියා වෙතින්
(සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම වෙතින් යළි-යොමු කරන ලදි)
ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදු දහමේ ඇති ලෝකෝත්තර ඥාණයන් ලැබීමට උපකාරවන ධර්මයන් පොදුවේ බෝධි පාක්‍ෂික ධර්ම ලෙස හැඳින්වේ. මේවා 37ක්ඇති අතර කොටස් 7කට බෙදේ.

සතිපට්ඨානය[සංස්කරණය]

සතිපට්ඨාන 4කි.

  1. කායානුපස්සනා සතිපට්ඨානය
  2. වේදනානුපස්සනා සතිපට්ඨානය
  3. චිත්තානුපස්සනා සතිපට්ඨානය
  4. ධම්මානුපස්සනා සතිපට්ඨානය

සම්මප්පධාන[සංස්කරණය]

සතර සම්‍යක්ප්‍රධාන වීරිය යනු,

1.නූපන් අකුසල් නූපදවීමට කරන වීරිය 2.උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරි ය 3.නූපන් කුසල් ඉපදවීමට කරන වීරිය 4.උපන් කුසල් වැඩිදියුණු කිරීමට කරන වීරිය

ඉඬිපාද[සංස්කරණය]

සතර ඉර්ධිපාද යනු,

ඡන්ද, චිත්ත, වීරිය, වීමංසා යන ඉර්ධිපාද වේ.

ඉන්ද්‍රිය[සංස්කරණය]

ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යනු පංච ඉන්ද්‍රිය ධර්ම වේ.

බල[සංස්කරණය]

ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යනු පංච බල වේ.

බොජ්ඣංග[සංස්කරණය]

සති, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සධි, සමාධි, උපේක්ඛා යනු සප්ත බොජ්ඣංග වේ

මග්ගංග[සංස්කරණය]

මාර්ගාංග අට/ආර්‍ය අෂ්ටාංගික මාර්ගය යනු,

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග අටයි.

"https://si.wikipedia.org/w/index.php?title=බෝධිපාක්‍ෂික_ධර්ම&oldid=649926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි