සත්ත්ව විද්‍යාව
සත්ව විද්‍යාව
සත්ත්වයන්ගේ ජිවිතය පිළිබඳව අධ්‍යයනය කිරීම සත්ත්ව විද්‍යාව නම් වේ. ජීව විද්‍යාව යනුවෙන් අප අදහස් කරන දේහි අන්තර්ගත වන්නේ ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයක යෙදීමයි. චාල්ස් ඩාවින්ගේ ජීවිත කාලය තුල ඔහු විසින් සිදු කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත කී ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව නූතන විද්‍යාත්මක සොයා ගැනීම් සිදු කරන ලදී. අපදන්නා පරිදි සත්ත්ව විද්‍යාව මූලික වශයෙන් ගොඩ නැගෙන්නේ ජර්මනියේ සහ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වලය. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වල සත්ත්ව විද්‍යාත්මක පුහුණු මධ්‍යස්ථාන මූලික වශයෙන් ස්ථාපිත කරන ලද්දේ තෝමස් හෙන්රි හක්ස්ලි විසිනි. ඔහු විසින් සත්ත්වයින්ගේ රූපාකාරය පිළිබඳව අවධානය යොමු කල අතර 19 වන ශත වර්ෂයේ දෙවන භාගයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද විශිස්ඨතම සන්සන්දනාත්මක කායව්‍යවච්ඡවේදියෙකු විය. ඔහුගේ පාඨමාලාව දේශන සහ විද්‍යාගාර ප්‍රායෝගික පන්ති වලින් සමන් විත වු අතර මේ ක්‍රියාකාරකම් බහුලව පැතිර පැවතුනි.
හක්ස්ලි විසින් පර්යේෂණයට භාජනය කර සොයා නොගන්නා තවත් බොහෝ දේ ඉතිරිව පැවතුණි ඒවායින් සමහරක් නම් ඔවුන්ගේ පරිසර වලදී සත්ත්වයින් පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මෙය ඩාවින් සහ ඇල්ෆ්‍රඩ් රසල් වැලේස් විසින් අධ්‍යයනය කරන ලදී. (මොවුන් දෙදෙනො පසු කලෙක ස්වාභාවික වරණ වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී) ඩාවින් හෝ වැලේස් යන විද්‍යාඥයන් දෙදෙනා ගෙන් එක් අයෙකු වත් විශ්ව විද්‍යාලයක දේශක තනතුරක් දැරුඅය නොවු නිසා ඔවුන්ගේ මෙම ඉදිරිපත් කිරීම් ඉතා පුදුම සහගත ලෙස විද්‍යාත්මක ප්‍රජාව අතින් බැහැර කිරීමකට ලක්කෙරිණි. ක්‍රමක්‍රමයෙන් හක්ස්ලිගේ සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාවට අනෙකුත් ක්‍රමෝපායන් මගින් සහයෝගයක් ලැබිණි. 20 වන ශත වර්ෂයේදී මෙලෙස සොයා ගැණුනු සත්ත්ව විද්‍යාව නම් ක්ෂේත්‍රයෙහි පහත ඒවා අන්තර්ගත වී ඇත.
1. සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාව - මෙහිදි සත්ත්වයන්ගේ ආකෘතිය පිලිබදව අධ්‍යයනය කෙරේ. 2. සත්ත්වයින්ගේ භෞත වේදය - කායවිවච්ඡේද 2.විද්‍යාව සහ කළල විද්‍යාව ඇතුලත්වු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ පිළිබඳව හැදැරේ. 3. ශාක හා සතුන්ගේ පොදු ජානමය සහ සංවර්ධනය වීමේ ක්‍රමෝපායන් අණුක ජිව විද්‍යාව අණුක ප්‍රවේණි විද්‍යාව සහ සංවර්ධනාත්මක ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කෙරේ. 4. සත්ත්වයන්ගේ හැසිරිම පිළිබඳව අධ්‍යයනය කරන චර්යයා විද්‍යාව 5. සත්ත්වයන්ගේ පරිසර විද්‍යාව චර්යාත්මක පරිසර විද්‍යාව සහ අනෙකුත් ක්ෂේත්‍ර මගින් ආවරණය කෙරේ. 6. සත්ත්වයන්ගේ සහ ශාක වල පරිණාමය වීමේ ජීව විද්‍යාව පරිණාමය, පුවේණි විද්‍යාව, ප්‍රවේණිය විවිධත්වය, මෙන්ඩලීය වාදය සහ ප්‍රජනනය යන ලිපි වල සලකා බැලේ. 7. ක්‍රමානුකූල සත්ත්ව ලෝක අධ්‍යයනය, වංශ ප්‍රවේනිය, ජෛව භූගෝල විද්‍යාව සහ වර්ගීකරණය මගින් සත්ත්ව විශේෂ පොදු පැවතෙන්නන් සහ කලාපීය සම්බන්ධතාවයන් පිළිබඳ වර්ගීකරණයක් සිදු කරනු ලබයි. 8. වර්ගීකරණය මත පදනම්ව ඇති කරන ලද ක්ෂිර පායින් පිළිබඳ අධ්‍යයන විද්‍යාව සහ පක්ෂි විද්‍යාව මගින් විවිධ විශේෂ හදුනාගෙන ඔවුන්ගේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයන් වර්ගිකරණයට ලක් කරන අතර සතුන් අතර විශාලතම කාණ්ඩය වන කෘමීන් පිළිබඳව අධ්‍යයනය කෘමි විද්‍යාව මගින් සිදු කරනු ලබයි. 9. පාෂාණ ධාතු විද්‍යාව
සත්ව විද්‍යා වර්ගිකරණ ක්‍රම
[සංස්කරණය]රූපාකාරය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරිම හෙවත් Morphography විෂයට අයත් වන්නේ වර්තමානයේ ජීවත්වන හා නෂ්ට වු සතුන් හා ඔවුන්ගේ ව්‍යාප්තිය, ව්‍යාප්ති ප්‍රදේශය සහ කාලය පිළිබඳ ගවේෂණය හා තොරතුරු වගු ගත කිරිමයි.
1.අතීතයේ කෞතුකාගාර සැදු අය හා වර්තමානයේ ඒවා නියෝජනය කරන්නේ සත්ව විද්‍යාත්මක එකතුන් පිළිබඳව පර්යේෂණ කරන්නේ හා නිරූපණය කරන්නන්ය. |
2.සත්ව භූගෝල විද්‍යාත්මක අතීත ගවේෂකයන්, වර්තමාන ස්වාභාවික ගවේෂකයන්, කර්තෘවරු, පොයිල එක්කරන්නන් හා පාෂාණිධාතු භූ විද්‍යාඥයන් යනු ප්‍රධාන සත්ව විද්‍යා ක්‍රියාකාරින්ය. අතීතයේ දඩයම් යුගයේ සිට කාය ව්‍යජ්ජේද අධ්‍යයනය බොහෝ විට මතුපිට රූපකාරය පිළිබඳව අධ්‍යයනයට පමණක් සිමාවී තිබුණි. නමුත් වර්තමානයේ අභ්‍යන්තර ව්‍යුහය පාදක කරගෙන කලල විද්‍යාව අධ්‍යයනය නොකළහොත් එම පරික්ෂණ ඵල රහිත වන බව සැළකේ. |
සත්ව විද්‍යාවේ ඇරුණෝදය ඇති වන්නේ සත්ව විද්‍යාවට ටික කලක් ගතවූ පසුය.මෙහිදි වර්ෂ 1492 දී oxford හිදි උපතලත් භෞතවේදය හදාරා 1555 දි මියගිය ඉංග්‍රිසි ජාතික එඩ්වඩ් වොටින් ගේ නම කැපී පෙනේ. මොහු 1552 දී පැරිසියෙදි ප්‍රකාශයට පත්කරන ලද "the differentiss animaliun" නම් ප්‍රබන්ධය ප්‍රකාශයට පත් කළේය. සරලව ගත්විට වොටින් ඇරිස්ටොටප්යාදි දාර්ශනිකයෙති. ඔහු ඉගැන්වු බොහෝ මනංකල්පිත සංකල්ප මධ්‍යතන යුගයේදි සත්ව විද්‍යාවේ පදනම ලෙස ක්‍රියා කළේය. මෙහිදි ඔහු පෞරාණික සහ මායාකාරි මත බැහැර කළ අතර ඇරිස්ටොටල් මත ප්‍රතිස්ථාපනය කළේය. 16,17,18 යන සියවස්වලදි සත්ව විද්‍යාවේ දියුණුවට හේතු වුයේ මෙම ඇරිස්ටොටියානු සංකල්පයයි.