හතරැස් සංඛ්‍යා

විකිපීඩියා වෙතින්
(සතරැස් සංඛ්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)

ගණිතයෙහි, හතරැස් සංඛ්‍යා හෝ පරිපූර්ණ වර්ග සංඛ්‍යා යනු පූර්ණ සංඛ්‍යාවක වර්ගය වන පූර්ණ සංඛ්‍යා වේ;[1] අනෙකුත් වචන වලින් පැවසුවොත්, එය, යම් පූර්ණ සංඛ්‍යාවක් එය විසින්ම ගුණිතයෙන් ලැබෙන ප්‍රතිඵලය වෙයි. නිදසුනක් ලෙසින්, 9 යනු සතරැස් සංඛ්‍යාවක් වන්නේ, එය 3 × 3 ලෙසින් ලිවිය හැකි බැවිනි.

n සංඛ්‍යාවක වර්ගය සඳහා සූත්‍රයක් වශයෙන් සාමාන්‍යයෙන් භාවිතා වන අංකනය වන්නේ ගුණිතය n × n නොවන අතර, සාමාන්‍යයෙන් "n වර්ගය" ලෙසින් උච්චාරණය වන සමතුල්‍ය ඝාතියකරණය n2 වෙයි. සතරැස් සංඛ්‍යාව යන නම පැමිණෙන්නේ හැඩයෙහි නම අනුවය; පහත බලන්න.


සතරැස් සංඛ්‍යා සෘණ-නොවන සංඛ්‍යා වෙති. (සෘණ-නොවන) සංඛ්‍යාවක් සතරැස් සංඛ්‍යාවක් බව කියා පෑමට තවත් ක්‍රමයක් වන්නේ, එහි වර්ග මූලයන් පවා පූර්ණ සංඛ්‍යා බව කීමයි. නිදසුනක් ලෙසින්, 9 = ±3, එබැවින් 9 යනු සතරැස් සංඛ්‍යාවකි.

1 හැර වෙනත් පරිපූර්ණ සතරැස් භාජකයන් නොමැති ධන පූර්ණ සංඛ්‍යාවක් සතරැස්-මුක්ත යැයි හැඳින්වෙයි.

සටහන්[සංස්කරණය]

  1. සමහරක් කතුවරුන් විසින්, පරිමේය සංඛ්‍යාවන්හී වර්ගයන්ද, පරිපූර්ණ වර්ගයන් ලෙසින් හඳුන්වති.
"https://si.wikipedia.org/w/index.php?title=හතරැස්_සංඛ්‍යා&oldid=330818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි