ශ්‍රි ලංකාව තුල ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය

විකිපීඩියා වෙතින්
(ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් ආගම වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් 7% පමණ ඉස්ලාම් ආගමිකයන්ය. එය සංඛ්‍යාත්මකව මිලියන 1.4 වේ. මෙහි මූස්ලිම් ආගමික ප්‍රධාන කොටස් තුනකි. එනම් යෝනක, මැලේ හා බෝරා ජාතිකයන්ය. මෙම සෑම ජන කොටසකට ඊටම ආවේණික ඉතිහාසයක් සහ සම්ප්‍රදායක් ඇත.

ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ආගම සහ භාෂාව[සංස්කරණය]

ශ්‍රි ලාංකීය යෝනක හෙවත් මරක්කල ජාතිකයින් භාවිතා කරනුයේ ද්‍රවිඩ හෙවත් දෙමල භාශාවයි.. සිංහල භාෂාවද ඔවුන් බොහෝ විට භාවිත කරයි. අතීතයේ දී ‘ආර්ව් ’ නමැති භාෂාවක් ඔවුන් විසින් භාවිතා කරන ලද නමුත් අද වන විට එය අභාවයට ගොස් ඇත. නමුත් ආගමික වැඩකටයුතු වලදී ඔවුන් එම භාෂාව අදටත් භාවිත තරයි. ශ්‍රි ලාංකීය යෝනක හෙවත් මරක්කල ජාතිකයන් භාවිත කරවන වදන් කීපයක් මෙසේ දැක්විය හැක.

මූස්ලිම් වචනය අරාබි වචනය ද්‍රවිඩ වචනය අර්ථය
උම්මා උම් අම්මා අම්මා
වාපා අසබා අප්පා පියා
තංගචි තංගායි නංගී
නනා/කාකා අන්නා අයියා
දාතා අක්කා අක්කා
උම්-උම්මාහ් උම් පාටි ආච්චි (මවගේ මව)
වප්- උම්මාහ් උම් පාටි ආච්චි (පියාගේ මව)
ජාසකල්ලාහ් ජාසකල්ලාහ්/සුකරන් නන්දා ස්තුතියි
මවුතු මවුත් සාවු මරණය
හයාතු හයාත් වල්කායි ජීවීතය
කුසුනි සමායල් අරයි මුළුතැන්ගෙය
වෙල්ලූනා කාලයි උදෑසන
රාවි ජින්නෙරම් හවස

බොහෝවිට ආශිර්වාද කිරීම් සිදුවනුයේ අරාබි බසිනි. එමෙන්ම පෘතුග්‍රිසි, ලන්දේසි සහ ඉංග්‍රිසි භාෂාවන්ගෙන් එකතු වූ වචනද ඔවුන් විසින් භාවිතයට ගැනෙන අතර සමහර වචන සඳහා මුල් භාෂාවක් සොයා ගැනීමටද අසීරුය.

ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ආගම සහ මැලේ ජාතිකයින්[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ ජීවත්වන මැලේ ජාතිකයින් අග්නිදිග ආසියානු රටවලින් පැවත එන්නන් වේ. අද වන විට ශ්‍රි ලංකාවේ මැලේ ජාතිකයින් 50000 පමණ ජීවත් වේ. මොවුන්ගේ මුතුන් මිත්තන් ලක්දිවට පැමිණියේ ශ්‍රි ලංකාවේ ලන්දෙසි පාලන සමයේදීය. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු ලන්දෙසි සමයේදී සොල්දාදුවන් ලෙස බඳවා ගත්තවුන්ය. එමෙන්ම ඉන්දුනිසියාවෙන් පැමිණි ප්‍රභු පවුල් කීපයක් ද ලංකාවේ වාසය කරන්නට පටන් ගත් අතර ඔවුන්ගෙන්ද මැලේ පිරිසක් පැවතගෙන එයි.

මැලේ ජාතිකයින් භාවිත කරන මැලේ භාෂාව ඉන්දුනීසියානු බසට සමාන වන අතර ඉංග්‍රීසි සහ සිංහල භාෂාව මිශ්‍රිත බසකි.