ශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධති
Appearance
(ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වෙතින් යළි-යොමු කරන ලදි)
ඝර්ම කලාපීය දිවයිනක් වන ශ්‍රී ලංකාවට අයත් ප්‍රධාන දිවයින තුල ඇති ස්වභාවික පරිසර පද්ධති පහත පරිදි වර්ගීකරණය කෙරේ.
- වනාන්තර
- තෘණ භූමි
- අභ්‍යන්තර තෙත් බිම්
- වෙරළ ආසන්න පරිසර පද්ධති
ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප
[සංස්කරණය]උෂ්ණත්වය හා වාර්ෂික වර්ෂාපතනය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රධාන දේශගුණික කලාප 5 කට බෙදිය හැක.
- පහතරට තෙත් කලාපය
- කඳුකර කලාපය
- අතරමැදි කලාපය
- වියළි කලාපය
- අර්ධ ශුෂ්ක කලාපය
වනාන්තර
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ වනාන්තර
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 23% ක් පමණ දැනට වනාන්තර වලින් වැසි ඇත. මින් 18% ක් වියළි කලාපයේ ද, 2.1% ක් පහතරට තෙත් කලාපයේ ද, 1.1% ක් කඳුකර කලාපයේද ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර, ප්‍රධාන වර්ග 4 කි.
- නිවර්තන තෙත් සදාහරිත වනාන්තර
- කඳුකර වනාන්තර
- වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
- කටු පඳුරු හා ලඳු කැලෑ
නිවර්තන වැසි වනාන්තර
[සංස්කරණය]- මෙම ප්‍රදේශ වල වාර්ෂික වර්ෂාපතනය 2500 - 5000mm වේ.
- උෂ්ණත්වය 27'C වේ.
- සාපේක්ෂ ආර්ද්‍රතාවය අධික වේ.
- ජෛව විවිධත්වය අධික වේ.
- ඉතාම උස් වූ කඳන් ඇත.
- කඳන් වල පාදයන් පළල් වේ. එනම් කයිරුhiuhපාද ලක්ෂණය ප්‍රමුඛ වේ.
- සදාහරිත ශාක ඇත.
- ශාක පත්‍ර පළල් වේ.
- ශාක ස්තරීභවනයක් පෙන්වයි. එනම්,
- නෙරූ ස්ථරය
- වියන් ස්ථරය
- උප වියන් ස්ථරය
- පඳුරු ස්ථරය
- බිම් ස්ථරය
නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රදේශයක පැතිරී ඇත.
- ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පැතිරී ඇත.
- වාර්ෂික වර්ෂාපතනය 1000 - 1500mm අතර වේ. වර්ෂය පුරා විසිරුණු වර්ශාපතනයක් නැත. මැයි සිට අගෝස්තු අතර නියං කාලයක් ඇත. වර්ෂාව වැඩිපුර ලැබෙන්නේ නොවැම්බර් - ජනවාරි කාලයේදී ය. ඊසාන දිග මෝසම් වලින් වර්ෂාව ලැබේ.
- සාමාන්‍ය උෂ්ණත්වය 29'C පමණ වේ.
- වනාන්තරයේ සදාහරිත ශාක හා පතන ශීලී ශාක ඇත.
- නියං කාලයේදී ඇතැම් ශාක වල පත්‍ර පතනය සිදු වේ.
- පහතරට තෙත් වනාන්තර තරම් ඉතා උස ගස් නොමැත.
- ගස් වල පොතු ඉතා රළු වේ.
- ගස් වල පත්‍ර කුඩාය රළුය.
- කඳ සෘජු නැත. එහි ගැට සහිතයි.
- පැහැදිලි ස්තරීභාවනයක් නැත. උස ගස් වල වියනට යටින් කුඩා ගස් හා පඳුරු ඇත.
- ආරෝහක ශාක සුලභ වේ.
- ප්‍රමුඛ ශාක
- පලු - Manilkara
- වීර - Drypetes
- කලුවර - Diospyros ebenum
- මිල්ල - Vitex
- හල්මිල්ල - Berrya
- ශ්‍රී ලංකාවේ පුත්තලම මන්නාරම අතර ප්‍රදේශයේ, හම්බන්තොට බූන්දල අවට ප්‍රදේශයේ මේවා දක්නට ලැබේ.
- වාර්ෂික වර්ෂාපතනය 1250mm ට අඩු වේ.
- නියං කාලය දිගු වේ.
- ආර්ද්‍රතාවය සාපේක්ෂව අඩුය.
- උෂ්ණත්වය 30 - 35'C වේ.
- උස ගස් දුර්ලභ වේ.
- කටු සහිත පඳුරු සුලභ වේ.
- දක්නට ලැබෙන ශාක
- රණවරා - Cassia
- දලුක් - Euphorbia
- අන්දර - Dichrostachys
- එරමිණියා - Zizyphus
තෘණ භූමියක් යනු කුමක්ද?
[සංස්කරණය]සැවානා
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ නැගෙනහිර වියළි කලාපය තුලත් අතරමැදි කලාපය තුලත් ඇත.
- මීටර් එකක් පමණ උස තෘණ ශාක ඇත.
- තැනින් තැන විසිරුණු උස ගස් ඇත.
- මෙහි වැඩෙන ගස් ගින්නට ඔරොත්තු දේ.
- මෙම ගස් වල ඝනකම පොත්තක් ඇත.
- ප්‍රමුඛ තෘණ විශේෂ
- ඉලුක් - Imperata
- මාන - Cympogon
- මුඛ ගස් විශේෂ
- අරළු - Terminalia
- නෙල්ලි - Phyllanthus
- කහට - Careya
පතන තෘණ භූමි
[සංස්කරණය]තෙත් පතන සහ වියළි පතන ලෙස පතන තෘණ භූමි දෙවර්ගයක හඳුනා ගත හැක.
තෙත් පතන තෘණ භූමි
[සංස්කරණය]- වාර්ෂික වර්ෂාපතනය 5000mm ට අධිකය.
- 15'C සාමාන්‍ය උෂ්ණත්වයක් ඇත.
- උසට වැඩුන ගස් නැත.
- මෙහි කුරු ගසක් ලෙස වැඩෙන මහරත්මල් ශාකය තැනින් තැන ඇත.
- දිය සීරාව සහිත ස්ථාන වල කුරු උණ ශාකය ඇත. (මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි.)
- පැතිර පවතින ප්‍රදේශ
- මහඑළිය හෙවත් හෝර්ටන් තැන්න
- බගවන්තලාව
- බෝපත්තලාව
- ප්‍රමුඛ තෘණ විශේෂ
- Chrysopogon zelanicium
- Themeda
- Pollinia
වියළි පතන තෘණ භූමි
[සංස්කරණය]- නකල්ස්, දෙනියාය, රක්වාන වැනි ප්‍රදේශ වල උස් කඳු මුදුන් වල දැකිය හැක.
- දිගු නියං කාල ඇත.
- වැසි ලැබෙන්නේ ඊසාන දිග මෝසම් මගිනි
- ගස් නැත.
- ප්‍රමුඛ තෘණ ශාක
- Pollinia
- Arudinella
අභ්‍යන්තර තෙත් බිම් වර්ග
[සංස්කරණය]- රැම්සාර් (Ramsar) සම්මුතියට අනුව තෙත් බිමක් යනු,
- ජලය රැඳෙන, ගලා යන හෝ නිශ්චල ජලය සහිත
- මිරිදිය, කිවුල් දිය හෝ කරදිය සහිත
- බාදිය සමයේදී මීටර් 6කට වඩා අඩු ගැඹුරක් ඇති ප්‍රදේශ සියල්ල වේ.
- ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති ස‍්වභාවික තෙත් බිම්
- විල් සහ විල්ලු
- ගංගා සහ ඔය
- දොළ පහරවල්
- එබ
- කලපු
- ඩෙල්ටා සහ ගං මෝය
- වගුරු බිම් සහ මඩ ගොහොරු
ගංගා
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ ගංගා සහ ඔයවල් 103 ක් ඇත.
- මෙම ගංගා කඳුකරයෙන් ආරම්භ වී පහත් බිම් ඔස්සේ මුහුදට ගලා බසී.
- ගංගා වල ශාක හා සත්ත්ව ප්‍රජාව සාපේක්ෂව අඩුය.
- ගංගාවේ ඉස්මත්තේදී,
- ජලය පැහැදිලියි.
- වේගවත්ව කැලඹේමින් ගලා බසී.
- ජලයේ අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් ඇත.
- ගංගාවේ පහලට යත්ම,
- ජලයේ රොන් මඩ එකතු වීම නිසා ජලය අපැහැදිලි වේ.
- ජල පහරේ වේගය අඩු වේ.
- ගංගාව මුහුද ආසන්නයේදී,
- ජල පහරේ වේගය ඉතා අඩු වේ.
- මේ නිසා ගං මෝය අසලදී වැලි රොන් මඩ තැන්පත් වේ.
විල්ලු
[සංස්කරණය]- වැසි කාලයේදී පමණක් ජලයෙන් පිරි පවතින පහත් බිම් ප්‍රදේශ වේ.
- ගඟේ ජල මට්ටම ඉහළ ගිය විට මේවා ජලයෙන් පිරීම සිදු වේ.
- ගංගාවෙන් එන රොන් මඩ තැන්පත් වීම නිසා මේවා සාරවත් බිම් ප්‍රදේශ වේ.
- මුවන්, ගෝනුන්, අලින් හා කුරුළු විශේෂ මේවායේ ජීවත් වේ.
- උදා: මහවැලි ගඟේ පිටාර තැන්න.
වගුරු බිම්
[සංස්කරණය]- ජලය රැදී ඇති නොගැඹුරු පහත් බිම් ප්‍රදේශ වේ.
- මේවයේ ජලය කාන්දු වීමක් සිදු වන්නේ ඉතා සෙමෙනි.
- මේවා ආශ්‍රිතව විශාල ජෛව විවිධත්වයක් ඇත.
- මෙහි දේශීය පක්ෂි විශේෂ මෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ ද දැකිය හැක.
- මුතුරාජවෙල
වෙරළාසන්න පරිසර පද්ධති
[සංස්කරණය]ගං මෝයවල් හා ඩෙල්ටා සිතියම
[සංස්කරණය]කඩොලාන
[සංස්කරණය]කඩොලාන පිහිටන පරිසරයේ ස්වභාවය
[සංස්කරණය]කඩොලාන ශාක වල ලක්ෂණ
[සංස්කරණය]- මඩ සහිත බුරුල් පසෙහි ශාක රඳවා ගැනීම සඳහා කරු මුල් සහ කයිරු මුල් ඇත.
- ජලය රැඳුනු පසේ වාතය අඩු නිසා වායු ගෝලයෙන් වාතය ලබා ගැනීමට හැඩ ගැසුණු වායුධර මුල් සහ දණහිස් මුල් ඇත.
- උත්ස්වේදනය අඩු කිරීමට ශුෂ්ක රුපි ලක්ෂණ ඇත.
- ජලාබුජ ප්‍රරෝහණය. (ඵලය මව් ශාකයට සවි වී තිබියදීම එය තුළ වූ බීජය ප්‍රරෝහණය වීම.)
- මුල් වල සෛල යුෂය සාන්ද්‍ර වීම.
මුහුදු තෘණ භූමි
[සංස්කරණය]- කලපු හා මුහුදේ නොගැඹුරු ස්ථාන වල පසට සවි වී වැඩෙන නිමග්න ශාක බොහොමයක් මෙහි ඇත.
- මේවා මුහුදු තෘණ ලෙස හඳුන්වයි. නමුත් මේවා සත්‍ය තෘණ නොවේ.
- මේවා ලවන අධික ජලයේ ජීවත වීමට හැඩ ගැසුණු සපුෂ්ප ශාක වේ.
- මේවා විශාල සත්ත්ව ප්‍රජාවකට වාසස්ථාන සපයයි.
- මුහුදු ඌරා ගේ ප්‍රධාන වාසස්ථානය මෙය වේ.
- මන්නාරම මුහුදු තීරයේ මෙවැනි විශාල මුහුදු තෘණ තලා බිම් දැකිය හැක.
කොරල් පර
[සංස්කරණය]- මුහුදු ගල් පර ආශ්‍රිතව මීටර් 5 - 10 පමණ ගැඹුරේ පවතී.
- කරදිය අපෘෂ්ටවංශිකයන් ශ්‍රාවය කරන කැල්සනිකෘත ව්‍යුහ සෑදී ඇත.
- ජීවී හා අජීවී කොරල් මේවයේ ඇත.
- මේවා සාගර ජීවීන් බොහොමයකට වාසස්ථාන සපයයි.
- එබැවින් මේවායේ අධික ජෛව විවිධත්වයක් ඇත.
- හික්කඩුව, රූමස්සල, පාසිකුඩා, කල්කුඩා කොරල්පර සඳහා ප්‍රසිද්ධ ස්ථාන වේ.
- ^ කැලෑ