විෂයානුකූල න්යායය
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. (2011 සැප්තැම්බර්) |
මෙම ලිපිය වෙතට අදාළ විෂයය පිළිබඳ ප්‍රවීණයෙකුගේ අවධානය යොමුවීම අවශ්‍ය වෙයි. මෙම සැකිල්ලට reason හෝ talk පැරාමිතියක් එක් කිරීම මගින්, ලිපිය පිළිබඳව ඇති ගැටලුව පැහැදිලි කිරීමට කාරුණික වන්න.(2011 සැප්තැම්බර්) |
විෂයානුකූල න්‍යාය
මානව සම්පත් කළමනාකරණයේ ඉලක්කය වන්නේ යම්කිසි සංවිධානයකට එහි උපක‍්‍රමික ඒකකයන් සපුරාගැනීමට සේවකයින් ආකර්ෂණය කරගැනීමත්, එම සේවකයින් නඩත්තුව සහ ඔවුන් බලපාන ආකාරයකට කළමනාකරණය කිරීමට උපකාරී වීමත්ය. මෙහිදී වැදගත්ම වචනය වන්නේ සරිලන යන්නයි. එමගින් අදහස් කරන්නේ කළමනාකරණයත් සංවිධානයේ සේවකයනුත් මානව සම්පත් කළමනාකරණ පිවිසුම් මාර්ගයෙන් ගැලපීමක් සනාථ කිරීමයි. එමගින් සමාගමේ සමස්ත උපක‍්‍රමික දිශාව කරා ගෙනයාමයි මිලර් (1989).
මානව සම්පත් කළමනාකරණයේ විෂයානුකූල න්‍යායේ මූලික උපකරණය වන්නේ මානවයින් යන්ත‍්‍රසූත‍්‍ර නොවීමයි. එමනිසා අපට අවශ්‍ය වන්නේ මිනිසුන් සේවා ස්ථානයේදී අන්තර්විෂයානුකූල විමර්ශනයකට ලක් කිරීමයි. මනෝවිද්‍යාව කාර්මික ඉංජිෙන්, කාර්මික සහ සංවිධාන තුළ මනෝවිද්‍යාව, කාර්මික සබඳතා, සමාජවිද්‍යාව සහ විචාරාත්මක න්‍යායන් වන පශ්චාත් නූතනවාදය, පශ්චාත් ව්‍යුහගතවීම යනාදිය ප‍්‍රධාන භූමිකා ඉටුකරයි. බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාල මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ප‍්‍රාථමික සහ පශ්චාත් උපාධි වැඩසටහන් ඉදිරිපත් කරයි.
ඬේව් උල්රික් විසින් සංවර්ධනය කරන ලද පුලූල් ලෙස භාවිතාවන මානව සම්පත් කළමනාකරණයේ භූමිකාව විස්තර කරන ක‍්‍රමවේදය එම ශ‍්‍රිතයේ ක්ෂේත‍්‍ර 4 ක් නිර්වචනය කරයි.
x උපක‍්‍රමික ව්‍යාපාරික කොටස්කරු x වෙනස්වීමේ මාධ්‍යය x සේවකයින්ගේ අයිතිවාසිකම් දිනන x පරිපාලනය
නමුත් බොහෝ මානව සම්පත් ශ‍්‍රිතයන් මේ දිනවල පරිපාලන සහ සේවක වාසි වෙත කි‍්‍රයාකරන භූමිකාවෙන් ඔබ්බට යාමට වෙහෙසදරයි. ඔවුන් උසස් කළමනාකරණයට උපක‍්‍රමික පෙර කි‍්‍රයාත්මක වන කොටස්කරුවන්ට වඩා ප‍්‍රතිචාර දක්වන්නන් සේ දකිනු ලැබේ. මානව සම්පත් සංවිධාන ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් සහ කි‍්‍රයාවලි තුළින් සමාගමට එකතුවන අගයක් ඉටුකරන බව ඔප්පු කිරීමට අපොහොසත් වේ. මෑත වසරවල්වල මානව සම්පත් ශිෂ්‍යයින් සහ මානව සම්පත් වෘත්තිකයින් මානව සම්පත් මැනගත හැකි ආකාරයට අගයක් එකතු කෙරෙනවා යැයි පෙන්වන දර්ශනික ආකෘති සංවර්ධනය කිරීමට යොමුවී ඇත.
පශ්චාත්නූතනවාදය විෂයානුකූල න්‍යායේ වැදගත් කොටස් ඉටුකරයි. ඊට අමතරව විශේෂයෙන් විචාරාත්මක න්‍යායේද එය කි‍්‍රයාකරයි. ඇත්ත වශයෙන්ම කේරන් ලෙග් මානව සම්පත් කළමනාකරණයේදී සඳහන් කරන්නේ වාග්ලංකාරය සහ සත්‍යතාවන්වලට මානව සම්පත් කළමනාකරණය නූතනවාදී ව්‍යාපෘතියක් ද එසේත් නැතිනම් පශ්චාත් නූතනවාදයේ කථාබහට ලක්වන දෙයක්ද යන්න පිළිබඳව විවාදය හිමිකරගනී (ලෙග් 2004). බොහෝ ආකාරයට විචාරාත්මක හෝ ඊට වෙනස්ව බොහෝ ලේඛකයින් තර්ක කරන්නේ මානව සම්පත් කළමනාකරණය නූතන සම්ප‍්‍රදායක් හෝ සේවක (මිනිසා නමැති යන්ත‍්‍රය) සිට පශ්චාත් නූතනවාදී දර්ශනයක් වන මානව සම්පත් කළමනාකරණ මානවයා පුද්ගලයෙක් කරා ගන්නා ගමනය. විචාරවලට අඩංගු වන්නේ මානවයා විෂය නිසා අප ඔහු සංකීර්ණ යැයි පිළිගත යුතු බවත් එය විවිධ විචාර මගින් ලෝකය තේරුම් ගැනීමකි. මානවයා කොතෙක් දුරට එය වෙනස් කරන්න උත්සාහ ගත්තත් යන්ත‍්‍රයක් නොවේ.
විචාරාත්මක න්‍යාය තවදුරටත් ප‍්‍රශ්න කරන්නේ මානව සම්පත් කළමනාකරණය ආකල්ප හැඩගැස්වීමේ මගපෙන්වීමක්ද යන්නයි (විල්කින්සන් 1998). විශේෂයෙන්ම බලගැන්වීම සැලකිල්ලට ගන්නා අවස්ථාවේදීම එසේත් නැතිනම් වඩා නිශ්චිතව ව්‍යාජ බලගැන්වීමක් මෙම විචාරාත්මක දෘෂ්ටියකින් බලන සටහන් පවසයි. බොහෝ විචාරකයින් සඳහන් කරන්නේ මානවයා යන්ත‍්‍රයකි යන්නෙන් ඉවත්වීම භාෂාමය ඈත්කිරීමක් පමණක් බවත්, එය මානව සම්පත් කළමනාකරණය තුළ මානවයා හඳුනගැනීමට කරන ව්‍යාජ උත්සාහයක් ලෙසය.
විචාරාත්මක න්‍යාය විශේෂයෙන්ම පශ්චාත් නූතනවාදය (පශ්චාත් ව්‍යුහ ගතවීම) හඳුනාගන්නේ විෂය වැඩපළේ මිනිසුන් නිසාත් විෂය සංකීර්ණ එකකි. එමනිසා සරල මතියන් තුළින් ”හොඳම විධිය” නැතිනම් විෂය පිළිබඳව ඒකීය දෘෂ්ටිකෝණ සරල වැඩිවගයි. එය සංකීර්ණ විෂයක් වන බලය, බලකී‍්‍රඩා සහ කාර්යාලීය දේශපාලනයද සැලකිල්ලට ගනී. වැඩපළේ ඇති බලය විශාල සංකීර්ණ විෂයකි. එය පහසුවෙන් නිර්වචනය කරගත නොහැකිය. මෙම නිසා බොහෝ කළමනාකරණය පිළිබඳව ගුරුවරු සහ විශේෂඥයින් ඉදිරිපත් කරන හොඳම පරිචිය සහ මානව සම්පත් ආකෘති බොහෝවිට සරල වැඩි බවත් අදහස් අලෙවි කිරීම පිණිස ඒවා තවත් සරල කොට සම්බන්ධතාවය අවශ්‍ය ප‍්‍රමාණයට වඩා සරල කිරීමෙන් කළමනාකරණය සමස්තයක් වශයෙන් අවුලකට වැටීමය.
References
[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Human_Resource_Management#Academic_theory