වාණිජ ඩොලරය (එක්සත් ජනපද කාසිය)

විකිපීඩියා වෙතින්
(වානිජ ඩොලරය (එක්සත් ජනපද කාසිය) වෙතින් යළි-යොමු කරන ලදි)
වාණිජ ඩොලරය (එක්සත් ජනපද කාසිය)

වාණිජ ඩොලරය යනු ඒ අවදිය වන විට නැගෙනහිර ආසියානු රටවල ජනප්‍රියව තිබු විශාල රිදී කාසි සමග තරග කිරීම සදහා ටංකනය කරන ලද එක්සත් ජනපද ඩොලර කාසියකි. මෙවැනි දෙයක් සදහා අදහසක් පහල වීමට හේතු වුයේ 1860 කාලයේ පතල් කැනීම් ප්‍රමාණය වැඩිවීම නිසා රිදී මිල අඩුවීමයි. වාණිජ ඩොලර නිකුතුව සදහා භූමිකාව සපයමින් කෙටුම්පතක් මහසභාවට ඉදිරිපත් කෙරුණු අතර පසුව එය සම්මත වී කාසි මුද්‍රණ පනත ලෙස නීතියක් බවට පත් විය. මෙම පනත මගින් ඩොලර් 5 ක් තෙක් ගනුදෙනු සදහා වාණිජ ඩොලරය වලංගු බවට ප්‍රකාශයට පත් කරන ලදී. මෙය නිර්මාණය සදහා මෝස්‌තර විශාල ප්‍රමාණයක් සැලකිල්ලට ගත නමුත් ඒ සදහා තෝරාගන්න ලද්දේ විලියම් බාබර් විසින් නිර්මාණය කරන ලද මුනත සහ පිට පැත්තයි.

පළමු වරට මෙම කාසි භාවිතයට ගැනුනේ 1873 දීය. නිපදවූ කාසි වලින් බහුතරයක් චීනයට යැවුනි. ක්‍රමයෙන් ඝන රත්රන් නිපදවන්නන් විශාල වශයෙන් රිදී තොග වාණිජ ඩොලර බවට පත් කිරීමට පෙළඹුන අතර, මේ හේතුවෙන් කාසි ඇමෙරිකානු වාණිජ නාලිකා තුලට සංසරණය වීමට මාර්ගය සැකසිනි. මෙම කාසි විශාල වශයෙන් අපකීර්තියට පත්වීම හා කාසියක් එක් ඩොලරයකටත් වඩා අඩු වටිනාකමකට වෙලදාම් වීම හේතුවෙන්, එම කාසි ගෙවීම් ලෙස ලැබුවන් ඉච්චාභංගත්වයට පත්විය.

ඇමෙරිකාව තුල පුළුල් ලෙස ව්‍යාප්තවීමට ප්‍රතිචාර ලෙස, 1876 දී නිල වශයෙන් භාවිතයේ පවත්නා මුදල් අවලංගු කලද සංසරණයවීම දිගටම සිදුවිය. හුවමාරු කටයුතු සදහා වූ කාසි නිපදවීම 1878 දී අවසන් වුවද විශේෂ කාසි සාම්පල ටන්කනය කිරීම නිල වශයෙන් 1883 වනතෙක් සිදුවිය. 1965 කාසි මුද්‍රණ පනත නීතිගත කිරීමත් සමග වාණිජ ඩොලරය නැවත වලංගු කාසියක් බවට පත්විය.

පසුබිම[සංස්කරණය]

John Jay Knox popularized the idea of a dollar coin to compete with the Mexican dollar for use in East Asia.

1849 පටන් ගත් කැලිෆෝනියානු රන් ආක්‍රමණය හා 1851 පටන් ගත් ඕස්ට්‍රෙලියානු රන් ආක්‍රමණයට පසුව සාමාන්‍ය නාලිකා හරහා පහසුවෙන් අවශෝෂණය කරගත කරගත නොහැකි තරම් රන් තොග වානිජ්‍ය තුලට දමන ලදී.[1] මේ හේතුවෙන් රත්රන් වල අගය අඩු වූ අතර රිදී වල සාපේක්ෂ වටිනාකම වැඩි විය. මෙහි ප්‍රතිපලයක් ලෙස රිදී කාසි රස කිරීම හෝ උණුකිරිම නිසා සීග්‍රයෙන් සන්සරණයෙන් ඉවත්විය. ඊට ප්‍රතිචාර ලෙස මහා සභාව විසින් ශත 3 හා ඩොලරයේ කාසියේ හැර අනෙකුත් සියලුම අභිධානයන්හි රිදී ප්‍රමාණය අඩු කිරීම සදහා ටැංකාන බලධාරීන්ට අවසර ලබාදෙන ලදී. 1860 දශකයේ මුල් භාගයේදී රිදී නිෂ්පාදනය වර්ධනය වූ අතර මිල පිරිහීම ලක්විය. මෙම කාලය අතරතුර රිදිකාසි විශාල වශයෙන් සංසරණයෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට කඩදාසි හා තඹ භාවිතයට ගැනුනි.

චීන වානිජ්‍ය තුල මෙක්සිකානු පෙසෝ විශාල වශයෙන් ඇගයීමට ලක්විය. කෙසේ නමුත් චීන ජනතාව කාසි වල නිර්මාණයේ සිදුවන වෙනස්කම් වලට සංවේදී අතර අලුත් කාසි වල නිර්මාණයේ සිදුවන ඉතා කුඩා වෙනස්කමක් අනුමත කිරීමට අකමැතිවිය. ඇමෙරිකානු රිදී ඩොලරය එහි ස්පාඤ්ඤ පිටපතට වඩා ග්‍රෑම් 0.49 ක් සැහැල්ලු විය. එය පෙරදිග තුල ප්‍රසිද්ධියට පත් නොවූ අතර, එය ඇමෙරිකානු වෙළදුන් හට වෙලදාමේදී යොදාගැනීමට මෙක්සිකානු හෝ ස්පාඤ්ඤ අයිතම මිලදී ගැනීමට බලපෑම් කිරීමට හේතුවිය. මැක්සිමිලන් අධිරාජ්‍යාගේ රාජ්‍ය පාලන කාලය අතරතුර, 1866 මුල් අවධියේදී මෝස්තරය වෙනස්කොට අධිරාජ්‍යාගේ ගතරුව ඇතුලත් කිරීමත් සමග, කාසි චීනය තුල විශාල වශයෙන් අප්‍රතිග්‍රහණයට ලක්විය.

සැන් ෆ්‍රාන්සිස්කොහි ටැන්කන ආයතනයෙහි විමර්ශනයක් අතරතුර ව්‍යවහාර මුදල් නියෝජ්‍ය පාලක ජෝන් ජේ. නොක්ස්, එවකට සැන් ෆ්‍රැන්සිස්කෝ ටන්කන ආයතනයෙහි භාණ්ඩාගාරික හා පරීක්ෂක වූ ලුයිස් ඒ. ගාර්නට් සමග මුල්‍ය තත්වය පිලිබදව සාකච්චාවකට එළඹිනි. ගානට් විසින් එහිදී එක්සත් ජනපද ටන්කන ආයතනය වෙත එවකට පෙරදිග පුරා ජනප්‍රියව පැවති විශාල රිදී කාසි සමග තරග කිරීම සදහා අපනයනය කිරීමට වානිජ්‍ය ඩොලරයක් නිර්දේශ කිරීමට සිදුවිය. ගානට්ගේ තර්කය වුයේ කාසි ආසියාව තුල රැස්කොට හෝ උග්‍රකර තබනු ඇති බවත්, රජයන් හට ස්වාමිපුරස්කාර මගින් ලාභ ලැබීමට ඒවා කෙදිනකවත් නිදහස් නොවනු ඇති බවයි. නොක්ස් සැන් ෆ්රන්සිස්කෝහි සිටි සමයේ, යෝජිත වාණිජ්‍ය ඩොලරය පිලිබදව එවකට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කල හෙන්රි ලින්ඩර්මෑන් සමගද සාකච්චාකළේය. 1870 දී නොක්ස් භාණ්ඩාගාරය වෙත වාර්තාවක් ලියු අතර කාසි මුද්‍රණය සදහා පනතක් කෙටුම්පත් කළේය. නොක්ස්ගේ පනත භාණ්ඩාගාරයේ ලේකම් ජෝර්ජ් බොට්වෙල් විසින් අනුමත කරන ලදි. පෙර හා එවකට සිටි රාජ්‍ය නිලධාරීන්ගේ විකරණ හා පුනරීක්ෂණ වලින් පසුව මහා සභාව වෙත ඉදිරිපත්කරන ලදි.

Designed by Mint Chief Engraver William Barber, this "Amazonian" design showing Columbia with an eagle was rejected by Mint authorities as too militaristic.

1872 නොවැම්බර් 19, කාසි මුද්‍රණ පනත මහා සභාව ඉදිරියේ තිබෙන අතරතුර, ලින්ඩමෑන් භාණ්ඩාගාරයේ ලේකම් සදහා වාර්තාවක් සකස්කළේය. එහිදී ඔහු, කාසිය නිත්‍යානුකුල මිල ගණන් තත්වයක් හෙබවීම අවශ්‍ය නොවනබවත්, සරල ලෙසම විශිෂ්ට හා බරකින් යුක්ත රිදී මුද්‍රණ අයිතමයක් වීම ප්‍රමාණවත් බවත් තර්ක කළේය. එවැනි නිපැයුමක් මගින් මෙක්සිකානු ඩොලරය අභාවයට පත් කල හැකි අතර ක්‍රමයෙන් සියයට 6-7 අතර ප්‍රතිශතයක අධිමිලක් දක්වා පාලනය කල හැකි බවද ඔහු එහිදී සදහන් කර ඇත. එවකට පෙරදිගට අපනයනය කල ඇමෙරිකානු රිදී අලෙවි වුයේ සියයට 2 ක අවමිලක් යටතේය. එම කාසි ඒ වනවිට නිෂ්පාදනය වෙමින් තිබු සම්මත කාසි වලින් ප්‍රභේදනය කර පෙන්වීම සදහා 'Silver Union' ලෙස නම්කළ යුතු බවට යෝජනා කළේය.1872 පෙබරවාරි මාසයේදී, මහජන මන්ත්‍රී මණ්ඩලය මගින් වාණිජ ඩොලරය ග්‍රාම 27 ක බරකින් යුක්ත විය යුතු බවට අවසරදීම ඇතුලත් කරමින් පනත සංශෝදනය කරන ලදී. මෙය සැලකිල්ලට ගනු ලැබුවේ ඊට මාස 3 කට පසු මණ්ඩලය විසින් නිෂ්පාදිත සම්මත රිදී ඩොලරයක බර ග්‍රෑම් 24.9 විය යුතු බවට ඡන්දය දැක වූ විටය.

සෙනෙට් මණ්ඩලයේ තුර, මණ්ඩලය තුල පෙර සිදු කල ආකාරයටම භාණ්ඩාගාරයට 27g බරැති වාණිජ ඩොලරයක් මුද්‍රණය කිරීම අවශ්‍ය වන පරිදි නියෝගයක් ලබාදෙන ලදී. 1873 කාසි මුද්‍රණ පනත ලෙස හැදින්වුණු සංශෝධිත පනත, මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර 1873 පෙබරවාරි 12 දින ජනාධිපති Ulysses S. Grant විසින් අත්සන් තබන ලදී.

Patterns for the Trade Dollar.

පනත විසින් යම් ප්‍රමාණ වශයෙන් නිත්‍යානුකුල මිලගණන් තත්වය ඩොලර් 5 තෙක් ගනුදෙනු සදහා අවස්තාව සලසන ලදී. අවසන් මොහොතේ ගෙන එන ලද අතුරු වාර්තාවක් මගින් නිත්‍යානුකුල මිලගණන් නියෝගයක් රිදී ලබදියාවේ අණමත පනවන ලදී. Ohio සෙනෙට් සභික John Sherman ගේ බලකිරීම මත අයිතමයේ බර සහ විශිෂ්ටත්වය පිට පැත්තේ උක්ත කරන ලද අතර, “චීන වෙළදුන් කිසිදා තේරුම් නොගන්නා” අනාවබෝධ්‍ය ආරෝපනයක් ලෙස කාසි විද්‍යාව හා සම්බන්ධ ඉතිහාසඥ Don Taxay හැදින්විය.

කාසි ටංකන පනත පැනවීමට පෙර, සියලුම ටංකන ආයතන ශාඛා පාලනය කරන ලද්දේ Philadelphia Mint හි අධ්‍යක්ෂක විසිනි. පනතින් පසුව අධ්‍යක්ෂක කාර්යාලය වොෂින්ටනයට ස්ථාන මාරු කරන ලද අතර, එක් එක් ටංකන ආයතනයෙහි වගකීම පාලකයින් හට පවරන ලදී.

මෝස්‌තර තේරීම[සංස්කරණය]

1872 වර්ෂය පුරාවටම, ටංකන පනත පැනවීමේ අපේක්ෂණයෙන් භාණ්ඩාගාරය වාණිජ ඩොලර මෝස්‌තර මාලාවක් ගෙන එන ලදී. මෝස්‌තර නිෂ්පාදනය 1873 තෙක් පවතී නමුත් මෝස්‌තර කාසි වල නාමිකය, පනත නීතිගත කිරීමට ප්‍රථම ‘වාණිජ ඩොලරය’ සිට ‘වෙළද ඩොලරය’ ලෙස වෙනස් විය. කාසි මුද්‍රණ පනත් පැනවීමෙන් පසුව, අලුතින් අවසර ලබාදුන් වාණිජ ඩොලර මෝස්තරය ගැන සාකච්ඡ කිරීම සදහා Linderman ටංකන ආයතනයෙහි අධ්‍යක්ෂ James Pollock හමුවිය. ඔවුන් දෙදෙනා ඒ වන විටත් ප්‍රධාන කැටයම්කරු විසින් නිර්මිත මෝස්තරය සමග සංසන්දනය කිරීම සදහා අභරණ හා කැටයම් ආයතනයක් වන Baily Banks සහ Biddle of Philadelphia වෙතින් ඉල්ලීම් කිරීමට එකග විය.

දෙපාර්ශවයේම මෝස්‌තර අධ්‍යනය කිරීමෙන් පසුව Linderman විසින් මෝස්තරය අධිරාජ්‍යයේ දිශාව පෙන්නුම් කරන ලෙස බලන්නන්ගේ වම්පසට මුහුණලා සිටින හිදගත් ලිබෙර්ටි රුව චිත්‍රයෙන් විස්තර කලයුතු බවට නියෝග කළේය. Linderman පැහැදිලිවම වෙනස්වූ රට දෙකකින් යුක්ත නිර්මාණ තෝරාගන්න ලදී. 1873 ජුනි මාසයේදී Linderman, Barber විසින් නිර්මාණය කරන ලද විවිධ මෝස්‌තර පුනරීක්ෂණය කළේය. ඔහු තොර ගන්න ලද්දේ සමකාලින වාර්තාකරුවකු විසින් “‘Liberty’ යන වචනය සහිත පොතක් වමතෙහි රදවාගත්, වෙළද බදු මිටියක් මත හිදගත් කාන්තා රුවක්” යයි විස්තර කරන ලද මුනතයි. ඇයගේ පසුපස, කාසියේ වාණිජ ගුණාංග ප්‍රකාශ කරන ලෙස වෙළද බදු මිටියක් සමග තිරිගු හුරුල්ලකි, දිගුකල දකුණත ඔලිව් අත්තක් දර සිටි. තෝරාගත් පිටපැත්ත නිතිප්‍රකරව Bald Eagle කෙනෙකුව චිත්‍රයෙන් විස්තර කර දක්වයි. රාජාලිය දකුණු නිය මගින් ඊතල තුනක් රදවාගෙන සිටින අතර වම නිය මගින් ඔලිව් අත්තක් දර සිටින්නේ එකල තිබු බොහොමයක් එක්සත් ජනපද කාසි වලට වැඩ වෙනස් ආකාරයටය. යොදාගත් පිටපැත්තේ යම් යම් වෙනස්කම් සහිතව හතරක්ද Liberty රුව සහිතව දෙකක්ද ඇතුළුව මෝස්‌තර කට්ටල 6 ක් ටංකන ආයතන විසින් සීමිත ප්‍රමාණ වලින් මහජනයාට විකුණන ලදී.

නිෂ්පාදනය[සංස්කරණය]

Coiner A. Loudon Snowden formally complained that the high points of the trade dollar were not being fully struck.

Linderman ටංකන ආයතනයෙහි අධ්‍යක්ෂක තනතුර බාරගත් අතර Pollock, Philadelphia ටංකන ආයතනයෙහි පාලක තනතුරට පත් විය. 1873 දී කාසි නිෂ්පාදන සදහා අවශ්‍ය අච්චු මත කාසි සැදීම ආරම්භවිය. මෙක්සිකෝව කලකට පෙර ආසියාව තුල ජනප්‍රියව තිබු 1866දී අතහැර දැමු මෝස්තරයක් භාවිත කරමින් තවත් ඩොලර් මාලාවක් නිකුත් කිරීමට සුදානම් වන නිසා, Linderman ටෙලිග්‍රෑම් පණිවිඩයක් මගින් Pollock හට වාණිජ කාසි නිපදවීම ඉක්මන් කලයුතු බව දැන්ව සිටියේය. පළමු වාණිජ ඩොලර සාදන ලද්දේ 1873 ජුලි 11 දින උත්සවයක් අතරතුරදීය. ජුලි 14 දින පළමු නිකුතුවේදී අයිතම 40000ක් නිකුත් කර ඇත. Carson City ටංකන ආයතනය වෙත ඔවුන්ගේ පළමු අච්චු ජුලි 22 දින ලැබුණු අතර, ඒ වෙනුවෙන්ම වූ San Francisco ටංකන ආයතනය වෙත ලැබුනේ ටික කලකට පසුවය. සම්පුර්ණ වශයෙන් 396635 ව්‍යාපාර කාසි හා 865 ආදර්ශ කාසි Philadelphia ටංකන ආයතනය විසින් පළමු නිෂ්පාදන වර්ෂය තුලදී නිපදව ඇත. Carson City හා San Francisco ටංකන ආයතන පිලිවෙලින් කාසි 124500 ක් හා 703000 නිපදව ඇත.

The experimental reverse design created by Anthony C. Paquet paired with a dateless obverse. Linderman approved the design, but did not implement it due to fears of Chinese disapproval of a new and unfamiliar design.

ඒ වසරේදී කාසි වල ගුණත්වය සම්බන්ධයෙන් නිලධාරීන්ගේ පැමිණිලි තිබුණි. 1874 ගිම්හාන කාලයේදී Pollock වෙත කාසි නිපදවන්නෙකු වූ A. Loudon Snowden විසින් කාසි නිකුතුවල ප්‍රධාන වශයෙන් මෝස්තරයේ උස තැන් පිලිබදව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. Barber පසු වර්ෂයේදී නෙරීම් අඩු කරමින් මෝස්තරය වැඩි දියුණු කළේය. වැඩිදියුණු කල අච්චු 1875දී සේවය ආරම්භ කළේය. වසරේ පරිහානියත් සමග, Linderman විසින් වාණිජ ඩොලරයේ පිටපැත්ත 1876 දී ඇමෙරිකා නිදහසේ ශත සංවත්සරය සැමරීම සදහා වෙනස් කලයුතු බවට යෝජනා කළේය. Pollock එම අදහසට විරුද්ධ වුයේ, එවැනි වෙනසක් අපහසු වනු ඇති බව, මක් නිසාද යත් ඒ සදහා කොන්ග්‍රසයේ අනුමැතිය අවශ්‍ය බව හා එමගින් කාසිය සදහා අධිරාජ්‍ය තුල ඇති ප්‍රසාදය හීන වී යනු ඇති බවත් සදහන් කරමිනි. 1876 දී හිටපු සහකාර කැටයම්කරු Anthony C. Paquet , Linderman විසින් කාසි නිපදවීමේ ගුණත්වය වැඩිදියුණු කිරීම සදහා කුලියට ගත පසු පිටුපස අච්චුවක් නිරමාණය කළේය. Linderman එම මෝස්තරය අනුමත කලද, අවසානයේදී ටංකන නිලධාරීන් එය [ප්‍රතික්ෂේප කලේ, චීනය විසින් එය ප්‍රතික්ෂේප කරනු ඇති බියෙනි.

1878දී ව්‍යාපාරමය කාසි නිපදවීම අවසන් වුවද, සීමිත වශයෙන් ආදර්ශ කාසි නිපදවීම 1883 දක්වා සිදුවූ අතර, අවසාන කාසි 979 ටංකනය කිරිම සිදුවුයේ Philadelphia ටංකන ආයතනයේදීය. 1908 දී 1884 දාතම දරන ආදර්ශ කාසි 10 ක් හා 1885 දාතම දරන ආදර්ශ කාසි 5 ක් නිපදවූ බව සොයාගැනිණි, නමුත් මේවා නිල වාර්තා වල ලැයිස්තු ගත නොවී ඇති නිසා ඒවා නිපදවූ කාලය ගැන සදහනක් නැත.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. Bowers, p. 869.

තවත් කියවීම්[සංස්කරණය]

  • Bowers, Q. David (1993). Silver Dollars & Trade Dollars of the United States. Wolfeboro, NH: Bowers and Merena Galleries. ISBN 0-943161-48-7.
  • Breen, Walter (1988). Walter Breen's Complete Encyclopedia of U.S. and Colonial Coins. New York, NY: Doubleday. ISBN 0-385-14207-2.
  • Evans, George G. (1887). Illustrated History of the United States Mint. Philadelphia, PA: George G. Evans.
  • Lange, David W. (2006). History of the United States Mint and its Coinage. Atlanta, GA: Whitman Publishing. ISBN 0-7948-1972-9.
  • Taxay, Don (1983) [1966]. The U.S. Mint and Coinage. New York, NY: Sanford J. Durst Numismatic Publications. ISBN 0-915262-68-1.
  • Vermeule, Cornelius (1971). Numismatic Art in America. Cambridge, MA: The Belknap Press of Harvard University Press. ISBN 0-674-62840-3.
  • Yeoman, R.S. (2010). A Guide Book of United States Coins (63rd ed.). Atlanta, GA: Whitman Publishing. ISBN 0-7948-2767-5.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

{{succession box | title = Dollar coin of the United States (1873–1885)