ව්‍යාජ පුරා විද්‍යාව

විකිපීඩියා වෙතින්


ව්‍යාජ පුරා විද්‍යාව (විචිත්‍ර පුරා විද්‍යාව හෝ කල්ට් පුරා විද්‍යාව ලෙසද හදුන්වන) යනු ද්‍රව්‍ය අවශේෂ හා වැඩබිම් ප්‍රදේශ විද්‍යාත්මක නොවන ආකාරයෙන් අර්ථ නිරූපණය කිරීම වු ව්‍යාජ විද්‍යාත්මක පුරා විද්‍යාවයි. සම්මතව පිළිගත් පුරාවිද්‍යාත්මක ක්‍රම වලට නොගැල පෙන පුරා විද්‍යාත්මක සිද්ධාන්ත, වැඩබිම්, කැණීම් හා ප්‍රකාශන ව්‍යාජ පුරාවිද්‍යාව යන කාණ්ඩය යටත‍ට වැටෙයැයි සැලකෙයි. ජන පුරා විද්‍යාවේ තතු නොදන්නා අදහස් එකතුවලට මුහුදෙන් එතෙර චාරිකා, ගිලුණු මහද්වීප, නැති වූ රාජධානි, අමතක වූ භාෂා මේ දක්වා හඳුනානොගත් ශිලා ලේඛණ හා පැරණි තක්සේරු හරහා නැවත සොයා ගැනීම ඇතුළත් වේ. 1990 දී මයිකල් ජී. මිචලොවික් මෙලෙස ප්‍රකාශ කර සිටි අතර තවදුරටත් ඔහු විසින් පවසා සිටියේ ජන පුරා විද්‍යාව, පුරා විද්‍යාවේ අතීතය තේරුම් ගැනීමේ ඒකාධිකාරයට අභියෝගයක් එල්ල කරන අතර රජය මඟින් මුදල් ලබා දෙන සහයෝගීත්වය මත වූ ඔවුන්ගේ පරාදීනත්වයේ ප්‍රතිඵලයක් ලෙස පුරා විද්‍යාඥයින් මේ සියල්ලටම ප්‍රතිචාර දැක්වීම සිදු කරන ලදී. ‍

ව්‍යාජ පුරා විද්‍යාව සිතා මතා හෝ නොසිතාම සිදු කළ හැක. පුරා විද්‍යාත්මක බොරු හා ප්‍රයෝග සිතාමතා සිදු කරන ව්‍යාජ පුරා විද්‍යාව ලෙස සැලකේ. නියම පුරා විද්‍යාත්මක සොයා ගැනීම් විද්‍යාත්මක නොවන තේරුම් ගැනීම් හරහා ව්‍යාජ පුරා විද්‍යාවට නොසිතා පරිවර්තනය විය හැක. ව්‍යාජ පුරා විද්‍යාව නිරන්තරයෙන් ජාතිකත්වයෙන් හෝ යම් විශේෂිත ආගමික, ව්‍යාජ ඓතිහාසික, දේශපාලනික හෝ මානව විද්‍යාත්මක සිද්ධාන්තයක් ස්ථිර කිරීම සඳහා වූ ආශාව මඟින් නිරන්තරයෙන් පොළඹවනු ලැබේ. බොහොමයක් අවස්ථාවලදී පූර්ව නිගමනයක් ප්‍රකාශයට පත් කරන අතර විස්තර සහිතව සිද්ධාන්තය සනාථ කිරීම සඳහා ක්ෂේත්‍ර කාර්යයන් යොදා ගනු ලැබේ.

ව්‍යාජ පුරා විද්‍යාව අනුගමනය කරන්නන් සාමාන්‍යයෙන් අධ්‍යාපනික පුරා විද්‍යාඥයින්ට එරෙහිව යන අතර සාම්ප්‍රදායික විද්‍යාව වැදගත් සාක්ෂි ඕනෑවට වඩා නිරීක්ෂණය කරනවා යැයි පවසමින් විද්‍යාත්මක ක්‍රම ප්‍රකාශයට පත් කරයි. වැදගත් සාක්ෂිවල වංචා කිරීම, සැලසුම් කිරීම ඇතුළත් වන කුමන්ත්‍රණ සිද්ධාන්ත කැඳවීම සිදු විය හැක.

ජන පුරා විද්‍යාවට ද පුළුල් ආධාරයක් ලැබෙනු ඇත. ප්‍රාග් ඓතිහාසික අස්ථිමය අවශේෂ නැවත වැළලීම සඳහා‍දේශීය ඇමරිකානුවන්ගේ ඉල්ලීමට ඇමරිකානු පුරා විද්‍යාඥයින් දැක්වූ ප්‍රතික්‍රියාව මඟින් මහජනතාව වෘත්තීමය අදහස් හා හැසිරීම්වලට නැමෙන ආකාරය හොඳින් නිරූපණය කරනවා යැයි මිකොලොවික් නිරීක්ෂණය කළේය.





References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Pseudoarchaeology

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාජ_පුරා_විද්‍යාව&oldid=465038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි