රාජ්‍ය නිර්බාධවාදය යනු කුමක්ද ?

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

18 වන ශතවර්ෂයේ ආරම්භයේදී ඇඩම් ස්මිත් නම් ආර්ථික විද්‍යාඥයා හරහා ප්‍රථම වරට ලෝකයට රාජ්‍ය නිර්බාධීකරණ‍ය වඩාත් පෘථුල හා සංවිධානාත්මක අදහසක් ලෙස ඉදිරිපත් විය. මෙහිදී රාජ්‍ය නිර්බාධවාද‍‍ය ලෙස ඔහු හදුන්වාදුන්නේ ආර්ථිකයක ක්‍රියාකාරීත්වයට රජයේ අවම මැදිහත් වීමක් විය යුතු බවයි. සමාජයක මිනිසුන්ගේ ආර්ථික කටයුතු රජයක් මගින් පාලනය වනවාට වඩා ඔවුන් එකිනෙකා තම ස්වාධිපත්‍ය ලඟා කර ගැනීමට පෞද්ගලිකව උත්සාහ දැරීමට කැමති අතරම ඒ හරහා ආර්ථිකයක් සංවර්ධනය කරා ගෙන යා හැකි බව අදහස් විය. මෙය නිදහස් වෙළඳ පොළ , ආර්ථික නිදහස්කරණය යන නම් වලින්ද හදුන්වන අතරම මෙම සංකල්පය වඩාත් පුළුල්ව ව්‍යාප්ත වීම තුළින් වර්තමානයේ මෙය ගෝලීයකරනය හෙවත් ජගත්කරණය යන ප්‍රචලිත සංකල්ප හරහා ඉදිරියට ඇදී යයි.

වඩාත් පුළුල් ලෙස සැළකීමේදී මෙය පෞද්ගලික අයිතීන් හා සමාන අවස්ථාවන් ලබා දීම, සියළු දෙනාටම සිතීමේ හා කතා කිරීමේ නිදහස ලබාදීම, රජය සතු බලයන් සීමා කිරීම, දැඩි නීතිම‍ය පාලනයන් ලිහිල් කිරීම, නිදහස් අදහස් හුවමාරුව, රජයේ විනිවිධභාවය, නිදහස් ආර්ථික තීරණ ගැනීම ආදී සමාජ ආර්ථික තීරණ ගැනීම ආදී සමාජ, ආර්ථික, දේශපාලන හා නීතිමය වැනි අංශයන් රාශියක් හරහා ව්‍යාප්ත වී යයි. ආර්ථිකයක් සම්බන්ධයෙන් ගෙන බැලූ විට රාජ්‍ය නිර්බිධකරණය ලෙස අදහස් වන්නේ ආර්ථිකයක කටයුතු වලට රජයේ ඇඟිලි ගැසීම් හැකිතාක් දුරට අවම කිරීම සහ එම කටයුතු වෙළඳ පොළ ක්‍රියාකාරකම් හරහා හෙවත් ඇඩම් ස්මිත් හදුන්වා දුන් පරිදි "අදෘශ්‍යමාන හස්තය" හරහා ඉටු වීමට ඉඩ හැරිය යුතු බවයි. එහිදී රජය බදු අය කිරීම, විනිමය පාලනය, ආර්ථිකයනකට නීති රීති පැනවීම, පෞද්ගලික දේපල අයිතිය සීමා කිරීම ආදී විවිධ අංශයන්ගෙන් සිදුවන රාජ්‍ය මැදිහත් වීම් අවම කළයුතු බවට අදහස් වේ.

රාජ්‍ය නිර්බාධවාදය වඩාත්පුළුල් ලෙස පිළිගන්නා මතයක් වන්නේ මනුෂ්‍ය සමාජය යම්කිසි වෙනස් කළ නොහැකි හා බලපෑම් කළ නොහැකි අයිතීන් සමූහයකින්සංවිධානය විය යුතු බවයි. රාජ්‍ය නිර්බාධවාදය තුල ගොඩනැගෙන ප්‍රධාන මතවාදයන් දෙකකි. ඉන් පළමු වැන්න ලෙස සම්භාව්‍ය නිර්බාධවාදය හැඳින්විය හැක. මෙය අවධාරණය කරන්නේ පෞද්ගලික ව්‍යාපාර, පෞද්ගලික දේපල අයිතිය, නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්, සුභසාධන ආර්ථික විරෝධී අදහස් යනාදියයි. එසේම නීතිය ඉදිරියේ සමානත්වය, තරඟකාරී නිදහස් වෙළඳ පොළ කටයුතු නිසා ඇති වන ආර්ථික අසමානතාවය අවධාරණය කරන අතර රජයේ ධනය ප්‍රතිව්‍යාප්ත කිරීම සාධාරනීකරනය නොකරයි.

අනෙක් කොටස ලෙස සමාජවාදී නිර්බාධවාදය හැඳින්විය හැක. මෙහිදී පුද්ගල අයිතිවාසිකම් ආරක්‍ෂාවට, විශ්වීය අධ්‍යාපන පහසුකම් සළසාදීම, සුභසාධනය ආදිය සඳහා රජයේ මැදිහත්වීම අපේක්‍ෂා කරයි. මෙහිදී සුභසාධනය යන්නට සේවා වියුක්තිකයන්ට සහන ලබා දීම, සෞඛ්‍ය පහසුකම් දළසා දීම හා ඒ සඳහා යහපත් බදු ක්‍රමයක් අනුගමනය කිරීම ආදිය අයත් වේ.

මේ ආකාරයේ වූ ආර්ථිකයක් තුළට රජයේ මැදිහත් වීම අවම වන ක්‍රමයක් මෙම සංකල්පයෙන් කතා කෙරෙන අතර මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් ඉතා දියුණු තත්වයට පත් වූ රටවල් ලෙස උතුරු ඇමරිකාව, ජපානය සහ සමහර නැගෙනහිර ආසියානු රටවල් හඳුන්වා දිය හැක.