සිවිල් නීතිය

විකිපීඩියා වෙතින්
(මහාද්වීපික නීතිය වෙතින් යළි-යොමු කරන ලදි)

සිවිල් නීතිය හෝ මහාද්වීපික නීතිය හෝ රෝමානු- ජර්මානික නීතිය ලෙසින් හඳුන්වනු ලබන්නේ ලෝකයේ ප‍්‍රධානතම නීති පද්ධතියයි. සිවිල් නීතිය බොහෝවිට පොදු නීතිය සමඟ සන්සන්දනය කරනු ලබන නීති පද්ධතියකි. මෙම පද්ධති දෙක අතර දක්වනු ලබන ප‍්‍රධාන වෙනස්කම වන්නේ පොදු නීතිය විශේෂිත තත්වයන් මත වියුක්ත රීති මත පදනම්වන බවත්, සිවිල් නීති තමන් ඉදිරියේ ඇති විවිධ නඩුවලදී විනිසුරුවරුන්ට අදාල කරගත හැකි වියුක්ත රීතීන් මත පදනම්වන බවත්ය.

සිවිල් නීතියේ මුල් රෝම නිතිය, ධර්ම නීති සහ පුනරුදය දක්වා විහිද යයි. ඉස්ලාමීය නීතිය වැනි වෙනත් ආගමික නීතිවල බලපෑමද එයට ලැබී ඇත. සිවිල් නීති රටවල නීති පද්ධතීන් නිතියට මඟ පෙන්වනු ලබන මූලධර්මයන්ගෙන් සමන්විත නීති සංග‍්‍රහයන් කිහිපයක් මත පදනම් වෙයි. ප‍්‍රංශ සිවිල් නීති සංග‍්‍රහය මෙයට හොඳම උදාහරණයකි. ජර්මානු හා ස්විස් සිවිල් නීති සංග‍්‍රහයන්ද සිවිල් නීති ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයන් වෙයි. ස්කොට්ලන්තයේ හා දකුණු අපි‍්‍රකාවේ සිවිල් නීති පද්ධතීන් සංගෘහිතකොට නොමැති අතර එහි වඩාත් විසුරුනු ස්වභාවයේ නීති පද්ධතියක් ස්කැන්ඩිනේවියානු රටවල දැකගත හැක.

සමාජවාදී නීතිය ලෙස හඳුන්වනු ලබන්න පශ්චාත් සමාවාදී රටවල් විසින් ස්වාධීන නීති පද්ධතියක් ලෙස නොසලකනු ලබන අතර එය රෝමානු - ජර්මානු සිවිල් නීතියේ විශේෂ ආකාරයක් ලෙසින් හඳුනාගැනේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Civil_law_%28legal_system%29

"https://si.wikipedia.org/w/index.php?title=සිවිල්_නීතිය&oldid=472765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි