ටී.ආර්. ආරියරත්න

විකිපීඩියා වෙතින්
(මහාචාර්ය ටී. ආර්. ආරියරත්න වෙතින් යළි-යොමු කරන ලදි)

1960 වසරේ ර/කරඳන මහා විද්‍යාලයෙන් අට වසරේ ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වූ ටී. ආර්. අරියරත්න මහතා 1966 දී අපොස උසස් පෙළ විභාගය සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1972 දී භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය (BSc Special - Physics) දෙවන පෙළ ඉහළ සමාර්ථයක් ලබාගනිමින් සමත්වූ ඔහු 1979දී එක්සත් රාජධානියේ ඩරම් විශ්ව විද්‍යාලයෙන් න්‍යෂ්ඨික උපකරණ තාක්ෂණය (Nuclear Instrumentation) පිළිබඳ ආචාර්ය උපාධියත්, භෞතික විද්‍යා පර්යේෂණ හා අදාල මැක්ග්‍රෝහිල් ත්‍යාගයත්, එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයත් දිනාගන්නා ලදි.

1972දී සහය කථිකාචාර්යවරයෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කිරීම ඇරඹු ආරියරත්න මහතා 1979දී භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවියටත්, 1998දී මහාචාර්ය පදවියටත් පත්විය. එමෙන්ම 1991දී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ E කොටසේ සභාපතිත්වයත්, 1999-2001 දක්වා භෞතික විද්‍යා ආයතනයේ සභාපතිත්වයටත් පත් විය. එම වකවානුවේදී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ප්‍රධානී තනතුර හෙබවූ ඔහු දැනට එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුර දරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ටී.ආර්._ආරියරත්න&oldid=169278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි