මහජන සෞඛ්‍ය ‍ක්‍ෂේත්‍ර නිළධාරී, ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්
(මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරී වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරී යනු සමහර ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ කටයුතු සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ වෙත අනියුක්ත කර ඇති නිළධාරී කාණ්ඩයකි. මෙම තනතුරට ඉතා පැරණි අතීතයක් ඇත. මුල් කාලීනව මැලේරියා ක්ෂේත්‍ර සහයක ලෙස හැඳින් වූ අතර අද එය මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරී ලෙස ‍වෙනස් කර ඇත. මහජන සෞඛ්‍ය ‍ක්ෂේත්‍ර නිළධාරීන් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මැලේරියා මර්ධන ව්‍යාපාරයට හා බරවා මර්ධන ව්‍යාපාරයට අනියුක්ත කොට ඇත.