මන්දෝදරී

විකිපීඩියා වෙතින්
(මන්ඩෝදරි වෙතින් යළි-යොමු කරන ලදි)

මන්දෝදරී (සංස්කෘත : मंदोदरी , අර්ථය "මෘදු උදරයක් ඇති") කුමරිය යනු හින්දු මහා කාව්‍යයක් වන රාමායනයට අනුව, ලංකාපුර රජු වූ රාවණා ගේ අග බිසවයි. රාමායනයේ සදහන් ආකාරයට ඇය සුන්දර, පක්ෂග්‍රාහී මෙන්ම ධර්මිෂ්ඨ කාන්තාවක් ලෙස නිරූපණය කරයි. ඇය පංචකන්‍යාවන් ගෙන් කෙනෙකු ලෙස ද පුරාවෘත වල සදහන් වන අතර, ඇයගේ නාමයේ ආනුභාවයෙන් පාපය දුරු වන බවද විශ්වාස කෙරේ.

මන්දෝදරී කුමරිය,මැයගේ පියාණන් මයදාන නම් වූ යක්ශ ගෝත්‍රික නවනිපැයුම් කරුවෙක්ද මව යක්ෂ ගෝත්‍රික රජෙකු වූ මායාසුර ගේ හා ආකාශ අප්සරාවක් වූ හේමා ද විය. මන්දෝදරී දාව මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්, ආථිකාය සහ අක්ෂයකුමාර නම් පුත්‍රයන් තිදෙනෙක් වූහ. සමහර රාමායණ අනුවර්තන වලට අනුව, මන්දෝදරී යනු රාවණා විසින් පැහැර ගන්නා ලද රාම ගේ බිරිය සීතා ගේ මව වේ. ඇගේ සැමියා වූ රාවණා ගේ ක්‍රියාකලාපය සම්බන්ධව නොතකන ඇය ඔහුට ප්‍රේමය දක්වන අතරම ඔහුට නිවැරදි මාර්ගය අනුගමනය කිරීමට උපදෙස් දෙයි. මන්දෝදරී සීතා ආපසු රාම වෙත භාර දෙන මෙන් රාවණා ගෙන් ඉල්ලා සිටි නමුත් රාවණා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. රාවණා රජු කෙරෙහි ඈ තුළ වූ ප්‍රේමය හා පක්ෂපාතිත්වය රාමායණය තුළ ප්‍රශංසා කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මන්දෝදරී&oldid=452688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි