බහු අවයවික

විකිපීඩියා වෙතින්
(බහු අවයවක වෙතින් යළි-යොමු කරන ලදි)



බහුඅවයවික යනු පුනරාවර්තී ව්‍යුහ ඒකක හෝ ඒක අවයවක වලින් සමන්විත හා විශාල අණුක ස්කන්ධවලින් යුත් අණුවලින් සැදුම්ලත් අණු මේනමින් හැඳින්වේ. මෙම ඒක අවයවක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ සහ සංයුජ රසායනික බන්ධන වලිනි. මෙම වදන ව්‍යුත්පන්න වී ඇත්තේ ග්‍රීක පොලු, πολυ,(බොහොමයක්) හා මෙරෝස් μέρος, ( කොටස් ) යන වදන් වලිනි. බහුඅවයවික සඳහා උදාහරණ ලෙස ප්ලාස්ටික් , DNA හා ප්‍රෝටීන අයත් වේ. වඩා සරල උදාහරණයක් වන පොලිප්‍රොපිලීන් හි පුණරාවර්තී ඒකකය දකුණු පැත්තෙහි දක්වා ඇත.

කෘතීම බහුඅවයවික සෑම විටම ඒක අවයවිකවලින් සෑදී ඇත.



විශේෂයෙන් සඳහන් කර නොමැති නම් දත්ත දී ඇත්තේ ඒවායේ සම්මත තත්ත්වවල තිබෙන ද්‍රව්‍යය සඳහාය. ( සෙලසියස් අංශක 25 , 100 kPa )

පොලිප්‍රොපිලීන්

බහුඅවයවික, මෙම වදන විවිධ ගුණ හා කාර්ය භාරයයන්ගෙන් යුත් ස්වාභාවික හා කෘත්‍රීම ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් හැඳින්වීම සඳහා යෙදේ. ස්වාභාවික බහු අවයවක ද්‍රව්‍යය අතරට ශතවර්ෂ ගණනක් තිස්සේ භාවිතා කළ ෂෙලැක් හා ඇම්බර්ද ඇතුළත් වේ. ප්‍රෝටීන් ( උදාහරණ ලෙස හිසකෙස්, සම හා අස්ථි ව්‍යුහයේ කොටසක් ) වැනි ජෛව බහුඅවයවික හා න්‍යෂ්ටික අම්ල ජෛවීය ක්‍රියාවලිවල වැදගත් භූමිකාවක් රඟපායී. ලී හා කඩදාසිවල ප්‍රධාන සංඝටකය වූ සෙලියුලෝස් වැනි තවත් ස්වාභාවික බහුඅවයවික රාශියක් පවතී. කෘත්‍රීමව සංශ්ලේෂණය කළ බහුඅවයවික වන්නේ බේක් ලයිට්, නියෝප්‍රීන්, නයිලෝන් ,PVC (පොලිවයනයිල් ක්ලෝරයිඩ් ) , පොලිස්ටරීන් , පොලි ඇක්රිලෝනයිට්‍රයිඩ් හා PVB ( පොලි වයනයිඩ් බියුටයිරල්) ය. බහුඅවයවික රසායන විද්‍යාව හා බහුඅවයවක විද්‍යාව යන ක්ෂේත්‍රවලදී අධ්‍යයනය කරනු ලැබේ.

සටහන්[සංස්කරණය]

Polymer
"https://si.wikipedia.org/w/index.php?title=බහු_අවයවික&oldid=624624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි