ප්‍රිස්මය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ප්‍රිස්ම - ක්‍රියාකරන අයුරු වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රකාශ විද්‍යාවේදී, ප්‍රිස්මයක් යනු පැතලි, ඔප දැමන ලද මුහුණත් සහිත ආලෝකය වර්තනය කරදමන පාරදෘශ්‍ය ප්‍රකාශ වස්තුවකි. අවම වශයෙන් එහි පැතලි මුහුණත් දෙකක් අතර කොණයක් පැවතිය යුතුම වේ.

ක්‍රියාකරන අයුරු[සංස්කරණය කරන්න]

ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ආලෝකය අපකිරණය කරයි

ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට යාමේ දී එහි වේගය වෙනස් වේ. (උදාහරණ -වාතයේ සිට වීදුරු ප්‍රිස්මයක් තුළට යාමේ දී) එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ආලෝකය ඇතුළු වීමේ දී වර්තනයට ලක් වී නව මාධ්‍යයට පතන කෝණයට වෙනස් කෝණයකින් ඇතුළු වීමට මෙම වේග වෙනස බලපායි. (හයිගන් සංකල්පය) ආලෝකයේ පථයේ අපගමන කෝණයත් ආලෝක කදම්භය පෘෂ්ඨය සමඟ සාදන පතන කෝණයත් අතර අනුපාතය සහ මාධ්‍ය දෙකෙහි වර්තන අංක අතර අනුපාතය (ස්නෙල්ගේ නීතිය) මත රඳා පවතී. බොහෝ ද්‍රව්‍යවල (වීදුරු වැනි) වර්තන අංකය ආලෝකයේ තරංග ආයාමය හෝ භාවිතාකරනආලෝකයේ වර්ණය අනුව වෙනස් වේ. මෙම සංසිද්ධිය අපකිරණය ලෙස හැඳින්වේ. මෙය ආලෝකයේ වර්ණ වි‍භේදනය වීමට හා වෙනස් කෝණවලින් ප්‍රිස්මයෙන් පිට වී දේදුන්නක ආකාරයේ වර්ණාවලියක් ඇති කිරීමට හේතු වේ.මෙම ආචරණය සුදු ආලෝකයේ වර්ණ වර්ණාවලියේ වර්ණවලට වෙන් කිරීමට භාවිතා කරයි . සාමාන්‍යයෙන් ප්‍රිස්ම, විවර්තන ග්‍රේටිමවලට සාපේක්ෂව ඉහළ සංඛ්‍යාත පරාසයක් ආලෝකය අපකිරණය කරන නිසා ඒවා පුළුල් වර්ණාවලි වර්ණාවලීක්ෂය නිර්මාණයේදී යොදා ගනී. සියලු ග්‍රේටිමවලට පොදු වර්ණාවලි පෙළ අතිච්ඡාදනය වීමෙන් ඇතිවන සංකූලතා, ප්‍රිස්ම යොදාගත් විට ඇති නොවේ.

අපකිරණය වෙනුවට සමහර අවස්ථාවන්හි දී අභ්‍යන්තර පරාවර්තනය කිරීම සඳහා ද ප්‍රිස්ම භාවිතා වේ. ආලෝකය(ගහණතර මාධ්‍යක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී) අධික ආනතියකින් ප්‍රිස්මයේ එක් මුහුණතක් හා ගැටීමේදී එම ගැටුණු ආලෝකය ප්‍රිස්මයෙන් ඉවතට වර්තනය නොවේ. නැවත ප්‍රිස්මය තුළටම ඇතුළු වීමෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවන අතර එවිට සියලු ආ‍ලෝකය පරාවර්තනය වේ. මේ නිසා සමහර අවස්ථාවන්හි දී ප්‍රිස්ම දර්පණ සඳහා ආදේශක ලෙස ද වැදගත් වේ.

ප්‍රිස්ම සහ ආලෝකයේ ස්වභාවය[සංස්කරණය කරන්න]

අයිසැක් නිවුටන්ගේ සමයේ දී ආලෝකය අවර්ණ බව හා ප්‍රිස්මයක් විසින් වර්ණ නිපදවන බව විශ්වාස කළහ. ආලෝකය තුළ විෂම ජාතීය ආකාරයෙන් වර්ණ පවතින බව සහ වෙනස් වර්ණ සහිත අංශු ප්‍රිස්මය තුළින් විවිධ වේගයන්ගෙන් ගමන් කරන නිසා ආලෝක (අංශු) අපකිරණය වන බව නිවුටන්ගේ පරීක්ෂණ මගින් ඔහුට පැහැදිලි විය. වර්ණයන් යනු ආලෝකයේ තරංග ආයාමය දෘශ්‍යමානව ප්‍රකාශ වීමක් බව පෙන්වීමට පසුව යං (young) හා ෆෙස්නෙල් (fresnel) විසින් නිව්ටන්ගේ අංශු වාදය හා හයිජන්ගේ තරංග වාදය සම්බන්ධ කරන ලදී.

එක් ප්‍රිස්මයක සිට එන රතු වර්ණය තවත් ප්‍රිස්මයක් තුළින් යවමින් නිව්ටන් ඔහුගේ නිගමනය කරා එළඹිණි . එසේ සිදුකළ විට වර්ණය වෙනස් නොවන බව සොයා ගත්තේය. ප්‍රදාන ආලෝකය තුළ දැනටමත් වර්ණය තිබෙන බවත් ප්‍රිස්මයක් වර්ණ නොසාදන අතර එමගින් දැනටමත් ආලෝකය තුළ ඇති වර්ණ වෙන් කරන බවත් මෙම පරීක්ෂණ තුළින් ඔහු නිගමනය කළේය. අපකිරණ වර්ණාවලිය නැවත සුදු ආලෝකය බවට පත් කිරීම සඳහා ඔහු කාචයක් හා ප්‍රිස්මයක් භාවිතා කරන ලදී. මෙම පරීක්ෂණය විද්‍යාත්මක විප්ලවය අතරතුර හඳුන්වා දුන් විධි ශාස්ත්‍රයේ ශ්‍රේෂ්ඨ නිදසුනක් බවට පත් විය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ලොක්ගේ (John Locke's) ද්විතීකයට එරෙහි ප්‍රාථමික ගුණ විශිෂ්ටත්වයට මග පෙන්වමින් පාර භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ පෙරළියක් කිරීමට දායක විය.

නිවුටන් ප්‍රිස්ම අපකිරණය පිළිබඳ වැදගත් විස්තර ඔහුගේ 'Opticks' නැමැති ග්‍රන්ථයෙහි සාකච්ඡාවට ලක් කර ඇත. තවද, ඔහු අපකිරණය පාලනය කිරීම ප්‍රිස්ම එකකට වඩා වැඩි ගණනක් භාවිතා කරන ආකාරය ද ඉදිරිපත් කරන ලදී. ප්‍රිස්ම අපකිරණය පිළිබඳ ඔහු කළ පරීක්ෂණ ඔහුගේ විග්‍රහයක් ගුණාත්මක හා ඉතා ප්‍රිය උපදවන සුළු වේ. 1980 දී බහු ප්‍රිස්ම ලේසර් කදම්භ වර්ධක හඳුන්වා දෙන තෙක් බහු ප්‍රිස්ම විසිරීම් පිළිබඳ ප්‍රමාණාත්මක විග්‍රහයක් අවශ්‍ය නොවීය.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රිස්මය&oldid=362011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි