රෝමානු කතෝලික-පළමු නිකාය (පළමු පල්ලිය)

විකිපීඩියා වෙතින්
(පළමු නිකාය (පළමු පල්ලිය) වෙතින් යළි-යොමු කරන ලදි)

පළමු නිකාය (පළමු පල්ලිය)


රෝමානු කතෝලික පල්ලිය පළමු සහ පැරණිතම දේවස්ථාන නිකාය ලෙස හැඳින්වීමේ අයිතිය හිමිකර ගන්නා අතර ඕතඩොක්ස් සහ ඇන්ග්ලිකන් නිකායෝ ද මේ බව ප‍්‍රකාශ කර සිටිති. කිතුනු දහම යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ ගේ උපතත් සමග රෝමානු යුදෙව් දේශයෙන් ඇරඹුනු අතර ක‍්‍රමයෙන් ආසියාව ඊජිප්තුව ඉලිරියා හා රෝමය හරහා ක‍්‍රමයෙන් සමස්ත අධිරාජ්‍යය පුරා පැතිරුණි. ඓතිහාසිකව සම්පූර්ණයෙන්ම ක‍්‍රිස්තියානි යැයි පැවසිය හැකි මුල්ම භූගෝලීය හෝ දේශපාලනික ප‍්‍රදේශය වනුයේ ඇන්ටියොක් නගරය සහ ඇන්ටියොක් දේවස්ථානයයි. ඇන්ටියොක් සමාජයට අධිකාරි බලය ඍජුවම අපෝස්තුලූ පීතර ගෙන් ලැබුණු අතර පසුව ඔහු පල්ලියේ සංවිධානාත්මක රාමුව රෝමයේ ඇතිකලේ ය. රෝමානු කතෝලික පල්ලිය සතුව රෝමයේ පළමු බිෂොප් වරයා වන ශාන්ත පීතර දක්වා දිවෙන අඛණ්ඩ බිෂොප් පෙළපතක් ඇත. එමගින් එය ඓතිහාසිකව මුල්ම හා පැරණිතම පල්ලිය බවට පත් කරවයි. ශුද්ධවූ ලියවිලි වල පල්ලිය අරභයා කිසිදු සුවිශේෂ අධිකාරියක් ශාන්ත පීතර සතුව තිබුනේ නැතැයි තර්ක කරන ඕතඩොක්ස් පල්ලිය රෝමයේ බිෂොප් ඇතුලූ සෑම දේවගැතිවරයෙකුගේම මුල් පළමු අපෝස්තුලූවරුන් දක්වා විහිදෙන්නේ යැයි පවසයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Christian_Church#First_church