න්‍යෂ්ටියක රසායන විද්‍යාව-ඉතිහාසය

විකිපීඩියා වෙතින්

විල්හෙල්ම් රොන්ජන් විසින් X කිරණ සොයාගැනීමෙන් පසුව, බොහෝ විද්‍යාඥයන් (අයනීකරණ විකිරණය) සඳහා උත්සුක විය. සුථර දීපනය සහ ඡායාරූප තහඩුවේ කළු වීම අතර සම්බන්ධය අධ්‍යයනය කළ හෙන්රි බෙකරෙල් ඒ අතර එක් පුද්ගලයෙක් විය. කිසිදු බාහිර ශක්තියක් නොමැතිව යුරේනියම් විසින් නිෂ්පාදනය කරනු ලබන කිරණ ඡායාරූප තහඩුව කළු පැහැති කිරීමට හැකියාවක් ඇතැයි බෙකරෙල් සොයාගත් කල්හි , විකිරණශීලීතාවය සොයා ගන්නා ලදී. (පැරීසියේ සේවය කරන) මාරි කියුරි සහ ඇයගේ සැමියා පියෙර් කියුරි විකිරණශීලී මූලද්‍රව්‍ය දෙකක් අශුද්ධ යුරේනියම්වලින් වෙන් කරන ලදී. ඔවුන් විකිරණමිතික ක්‍රම යොදා ගනු ලැබුවේ සෑම රසායනික වෙන්කිරීමකදීම විකිරණශීලීතාවය ගමන් කරනු ලබන්නේ කුමන මාර්ගයකදැයි හඳුනාගැනීමටයි. යුරේනියම් ශුද්ධ ලෝහය ඔවුන් එකල ප්‍රසිද්ධ නොයෙකුත් රසායනික සංයෝගවල විකිරණශීලීතාවය මණින ලදී. ඉන්පසු ඔවුන් මෙම විකිරණශීලී කුඩා අංශු තවත් කුඩා කොටස්වලට වෙන් කළ අතර මෙලෙස සිදු කරන ලද්දේ විශේෂිත ක්‍රියාවලියක් සිදු කිරීමට කුඩා කොටස්වලට වෙන් කළ යුතු බැවිනි. (විකිරණශීලීතාවය , ස්කන්ධයෙන් බෙදන ලදී) මේ ආකාරයට ඔවුන් පොලෝනියම් සහ රේඩියම් වෙන් කරන ලදී. 1901 වර්ෂයේ දී අවධානයට යොමු වූ පරිදි මේ ආකාරයට ඉතා විශාල ප්‍රම‍ාණයේ විකිරණ මිනිසුන්ට හානිදායක විය හැකිය. බෙකරෙල් විකිරණ සාම්පලයක් තම සාක්කුවේ දමාගෙන යෑමට පුරුදු වී සිටි අතර, මේ නිසා විකිරණ විශාල ප්‍රමාණකට නිරාවරණය වීමෙන් විකිරණශීලී පිලිස්සීම්වලට ඔහු ලක් විය. මෙම ආපදාව හේතුවෙන් විකිරණවල ඇති ජීව විද්‍යාත්මක ගුණ අධ්‍යයනය කිරීමට පෙළඹුණ අතර, එයින් පසුව වෛද්‍ය ප්‍රතිකාරවල ද දියුණුවක් ඇති විය. මාරි කියුරිගේ දියණිය (ඉරේන් ජෝලියට් කියුරි) සහ ඇයගේ සැමියා විකිරණශීලීභාවය “නිර්මාණය” කිරීමේ ප්‍රමුඛයන් වූහ. ප්‍රෝටෝනවලින් අධික නයිට්‍රජන් සමස්ථානිකයක් නිර්මාණය සඳහා ඔවුහු ඇල්ෆා සංඝටක බොරෝන් සමග විචර්ෂණය කළහ. මෙම සමස්ථානිකය පොසිටෝන නිකුත් කරයි. මීට අමතරව, නව විකිරණශීලී සමස්ථානියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ඇලුමිනියම් සහ මැග්නීසියම් නියුට්‍රෝන සමග විචර්ෂණය කරන ලදී. කැන‍ඩාවේ සහ එංගලන්තයේ වැඩ කරමින් සිටි, අර්නස්ට් රදර්ෆර්ඩ් පෙන්ණුම් කරන ලද්දේ විකිරණශීලීභාවයේ පරිහානිය සරල සමීකරණයක් මගින් විස්තර කළ හැකි බවයි. (ප්‍රථම පන්තියේ රේඛීය ව්‍යුත්පන්න සමීකරණයක් වර්තමානයේ හඳුන්වනු ලබන්නේ ප්‍රථම පන්තියේ චාලක ශක්තිය ලෙසයි) මෙයින් අදහස් කරනු ලබන්නේ දෙනු ලබන විකිරණ සංඝටක අර්ධ ජීවකාලය ලක්ෂණ දක්නට ලැබෙන බවයි. (යම් මූලයක අඩංගු විකිරණ ප්‍රමාණය භාගයකින් අඩු කිරීමට ගන්නා කාලය) ඔහු විසින් ඇල්ෆා, බීටා හා ගැමා විකිරණ යන පද හඳුන්වා දෙන ලදී. ඔහු නයිට්‍රජන් , ඔක්සිජන් බවට පත් කළේය. එමෙන්ම විශේෂයෙන්ම ගයිගර් මාර්ස්ඩන් පරීක්ෂණය (ස්වර්ණ පත්‍ර පරීක්ෂණය) පරමාණුවක “ප්ලම් පුඩිම -ආකාරය” වැරදි බව පෙන්ණුම් කළේය. මෙම ප්ලම් - පුඩිම ආකාරය යෝජනා කරන ලද්දේ 1904 දී ජේ.ජේ. තොම්සන් විසිනි. මෙහිදී පරමාණුව සකස් වී ඇත්තේ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තුලිත කිරීමට සකස් වූ ධන ආරෝපිත “වළාකුලක්” මගිනි. රදර්ෆර්ඩ්ට නම්, ස්වර්ණ පත්‍ර පරීක්ෂාවෙන් අදහස් කෙරෙනුයේ, මුලින්ම පරමාණුවේ රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව ද ඉන් පසුව ක්‍රමයෙන් බොහර් ආකෘතියට අනුව ධන ආරෝපිත සීමා වන්ගේ ඉතා කුඩා න්‍යෂ්ටියකට පමණක් බවද ඉන්පසුව ක්‍රමයෙන් බෝර් ආකෘතියට අනුව ධන න්‍යෂ්ටිය වටා ඍණ ඉලෙක්ට්‍රෝන වටවී ඇති බවත් සඳහන් වුනි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Nuclear_chemistry#Early_history