දෛහික සෛල න්‍යෂ්ටි මාරුව

විකිපීඩියා වෙතින්
(දේහික සෛල න්‍යෂ්ටි මාරුව වෙතින් යළි-යොමු කරන ලදි)
දේහික සෛල න්‍යෂ්ටි මාරුව විසින් ප්‍රජනක සහ චිකිත්සීය යන භාවිතා දෙකම සඳහා ක්ලෝන තනයි. මෙම රූපසටහන විසින් ක්‍රමානුරූප භාවිතයන් සඳහා දායක න්‍යෂ්ටිය ඉවත් කිරීම දක්වා සිටින මුත් සැබෑ ව්‍යවහාරයෙහිදී සම්පූර්ණ දායක සෛලයම මාරු කෙරෙයි.

ප්‍රවේණි විද්‍යාවෙහි සහ විකසන ජීව විද්‍යාවෙහි, දේහික සෛල න්‍යෂ්ටි මාරුව (එස්සීඑන්ටී) යනු, දේහ සෛලයක් සහ ඩිම්බ සෛලයක් භාවිතයෙන් ජීව්‍ය කලලයක් තැනීම සඳහා වන පරීක්ෂණාගාර මූලෝපායක් වෙයි. මෙම ශිල්ප ක්‍රමය තුල සිදුවන්නේ, වින්‍යෂ්ටික අණ්ඩසෛලයක් (ඩිම්බ සෛලයක්) ගෙන, දේහික (දේහ) සෛලයක් වෙතින් ලබා ගත් දායක න්‍යෂ්ටියක්, එය තුලට අධිරෝපණය කිරීමයි. චිකිත්සීය සහ ප්‍රජනක ක්ලෝනකරණය යන දෙතැන්හිදීම එය භාවිතා වෙයි . ඩොලී නම් බැටළුවා ජනප්‍රිය වූයේ, ක්ෂීරපායියෙක් සාර්ථක ලෙසින් ප්‍රජනක ක්ලෝනකරණය කල පළමු අවස්ථාව වූ බැවිනි.[1] 2018 ජනවාරි මාසයෙහිදී, ෂැංහයි හී විද්‍යාඥයින් කණ්ඩායමක් ප්‍රකාශයට පත් කලේ, කකුළුවන්-බුදින මැකී රිලවුන් දෙදෙනෙකු, භ්‍රෑණ න්‍යෂ්ටි වෙතින් සාර්ථක ලෙසින් ක්ලෝනකරණය කල බවයි.[2] "චිකිත්සීය ක්ලෝනකරණය" ලෙසින් හැඳින්වෙන්නේ පුනර්ජනක වෛද්‍ය විද්‍යාවෙහිදී එස්සීඑන්ටී සඳහා ඇති භව්‍ය භාවිත ඉඩකඩ වෙයි. කලල මූලික සෛල (ඊඑස්සී) පිළිබඳව සහ වෛද්‍යමය භාවිතයන් සඳහා ජීව්‍ය කලල විනාශකිරීම සම්බන්ධිත බොහෝ ගැටළු සඳහා පිළිතුරක් ලෙසින් මෙම ක්‍රමවේදය ඉස්තරම් බව පිළිගැනුනත්, සෛල වර්ග දෙක කෙතරම් සත්‍ය ලෙසින් සමජාතද යන පැණය තවමත් පිළිතුරු නොමැතිව පවතියි.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ලී, ජේ; ලියු, එක්ස්; වං, එච්; සැං, එස්; ලියු, එෆ්; වැං, එක්ස්; වැං, වයි (2009). "හියුමන් එම්බ්‍රියෝස් ඩිරයිව්ඩ් බයි සොමැටික් සෙල් නියුක්ලියර් ට්‍රාන්ස්ෆර් යූසිං ඇන් ඕල්ටර්නේටිව් ඉනියුක්ලිවේෂන් එප්‍රෝච්". ක්ලෝනිං ඇන්ඩ් ස්ටෙම් සෙල්ස්. 11: 39–50. doi:10.1089/clo.2008.0041. PMID 19196043.
  2. ලියු, සෙන් සහ අනෙකුන් (24 ජනවාරි 2018). "ක්ලෝනිං ඔෆ් මැකෑ මංකීස් බයි සොමැටික් සෙල් නියුක්ලියර් ට්‍රාන්ස්ෆර්". සෙල් (ජර්නලය). doi:10.1016/j.cell.2018.01.020. සම්ප්‍රවේශය 24 ජනවාරි 2018.