ද්‍රව්‍ය පවිත්‍රීකරණය (රසායන විද්‍යාව)

විකිපීඩියා වෙතින්

රසායන ද්‍රව්‍යයක පවිත්‍රීකරණය යනු වැදගත් වන ද්‍රව්‍ය ඊට ආගන්තුක හෝ ඒ සමග මිශ්‍ර වී පවතින අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් භෞතිකව වෙන්කර ගැනීමයි. පහතින් දැක්වෙන්නේ එසේ රසායනික ද්‍රව්‍ය පවිත්‍රීකරණය කරගැනීමේ ක්‍රම පිළිබද කෙටි සමාලෝචනයකි.

පෙරීම[සංස්කරණය]

පෙරීම යනු ඝනයක් ද්‍රව හෝ වායුන්ගෙන් වෙන් කර ගත හැකි යාන්ත්‍රික ක්‍රමයකි. මෙහිදී රෙදි කැබැල්ලක් හෝ තුනී පටලයක් වැනි සවිවර තලයක් හරහා අදාල මිශ්‍රණයට ගලා යාමට සැලැස් වු විට සවිවර තලය මත ඝන ද්‍රව්‍ය ඉතිරි කරමින් ද්‍රවය සිදුරු තුළින් ඉවතට ගලා යයි.

කේන්ද්‍රාපසරණය ==

ද්‍රව්‍යවල ඝනත්වය පදනම් කරගනිමින් ඝනයක් ද්‍රවයකින් වෙන් කිරීමට හෝ අමිශ්‍ර ද්‍රාවක 2ක් එකිනෙකින් වෙන් කිරීමට කේන්ද්‍රාපසරණය සිදු කරයි.

වාෂ්ප කිරීම[සංස්කරණය]

ද්‍රව්‍ය අංශු කුඩා වීම හේතුවෙන් පෙරීමෙන් වෙන් කර ගත නොහැකි වාෂ්පශීලී ද්‍රව්‍ය , වාෂ්පශීලී නොවන ද්‍රාවකයකින් වෙන්කර ගැනීමට භාවිතාවේ.

නිස්සාරණය[සංස්කරණය]

මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍ය අතුරින් වෙන් කරගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය පමණක් දියවන ද්‍රාවකයක් භාවිතා කර මිශ්‍රණයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම නිස්සාරණයේ දී සිදුවේ.

ස්ඵටිකීකරණය[සංස්කරණය]

ද්‍රව ප්‍රවාහයක් සිසිල් කිරීමෙන් හෝ එයට අවක්ෂේපයක් එක් කර එහි ද්‍රාව්‍යතාවය අඩු කිරීමෙන් එහි අඩංගු යම් සංඝටකයක් ස්ඵටික බවට පත්කොට වෙන් කිරීම ස්පටිකීකරණය වේ. ද්‍රව ප්‍රවාහය තුළ පවතින ස්ඵටික පසුව පෙරීමෙන් හෝ කේන්ද්‍රාපසරණයෙන් ඉවත් කරගනී. මෙහි දී ඇති කරගන්නා ස්ඵටිකවල එම සංඝටකය ඉතා සංශුද්ධ තත්වයෙන් පවතී. විශ්ලේෂණ හා සංස්ලේෂණ කර්මාන්යන්වල දී මිළට ගන්නා ප්‍රතිකාරකවල පවිත්‍රතාව පිළිබද සැක සහිත වූ විට එම ප්‍රතිකාරක දියකර නැවත ස්ඵටිකීකරණය කරනු ලැබේ. එසේ අදාල ස්ඵටික ඉතා පිරිසිදු ද්‍රාවකයක දියකර නැවත ස්ඵටිකීකරණය කළ විට නැවත ස්ඵටික බවට පත්වූයේ නම් ඒවායේ සංශුද්ධ බව තහවුරු වේ. වර්ණාලේඛ ශිල්පයේ දී තනි ද්‍රව ප්‍රවාහයක අඩංගු සංරචක කීපයක් සංශුද්ධ තත්වය පත් කරගැනීමට ඝනයක් මත අධිශෝෂණය හා නිරධිශෝෂණය භාවිතාවේ.

ලෝහ උණු කිරීම[සංස්කරණය]

අමු ලෝපස් ‍වලින් ලෝහ නිෂ්පාදනය සදහා මෙම ක්‍රමය භාවිතා වේ. අමු ලෝපස්වලට රසායනික ද්‍රව්‍ය එකතු කොට ලෝහයේ ද්‍රවාංකය තෙක් රත්කිරීම මෙහි දී සිදු කරයි.


ප්‍රසාදනය[සංස්කරණය]

මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ දීය. මෙහිදී බොර ‍ෙතල් රත් කරමින් එක් එක් මුලද්‍රව්‍යය ඝනීභවනය වන උෂ්ණත්වය අනුව පියවරෙන් පියවර සංයෝග එකින් එක වෙන් කර ගැනීම සිදු කරයි.

ආසවනය[සංස්කරණය]

පෙට්‍රෝලියම් කර්මාන්තයේ දී හා එතනෝල් පවිත්‍ර කිරීම සදහා විශාල ලෙස ආසවනය භාවිතා වේ.වාෂ්පශීලී සං‍යෝග ඒවායේ තාපාංකය අනුව වෙන් කරගැනීම මෙහිදී සිදු කරයි.

ජලය පිරිසිදු කරගැනීම[සංස්කරණය]

ජලය බීමට සුදුසු තත්වයට පත් කරගැනීමේ ක්‍රම රාශියක් පවතී.


පිරිසැකසුම්කරණය[සංස්කරණය]

රසායනික ද්‍රව්‍යය , ඹෟෂධ වර්ග සහ පැසවීම හෝ සත්ව හා ශාක පටක මගින් සංස්ලේශිත ආහාර අමුද්‍රව්‍ය පිරිසිදු කරගැනීම සදහා මෙම ක්‍රමය භාවිතා වේ. ප්‍රතිජීවක, සිට්රික් අම්ලය , විටමින් E සහ ඉන්සියුලින් මේ ආකාරයට පිරිසිදු කරගන්නා ද්‍රව්‍ය කිහිපයකි.

විභාජනය[සංස්කරණය]

සාපේක්ෂව ගත් කළ පවිත්‍රකරණය සදහා එතරම් සාර්ථක නොවන ක්‍රමවේදයක් දිගින් දිගටම භාවිතා කරමින් අදාල ද්‍රව්‍යයේ සංශුද්ධතාවය වැඩි කර ගැනීම සිදුවේ.

විද්‍යුත් විච්ඡේදනය[සංස්කරණය]

විද්‍යුත් ධාරාවක් යොදා ගනිමින් ද්‍රව්‍යයක් සංඝටකවලට බිද හෙළීම සිදුවේ. මෙහිදී විද්‍යුත් ධාරාව ගලා යන ද්‍රව්‍යයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ.විද්‍යුත් විච්ඡේදනය යනු විද්‍යුතය ගලා යන ද්‍රව හෝ ද්‍රාවණ වේ.

ආශ්‍රිත[සංස්කරණය]