ත්‍රිමාණ පරිලෝකන යන්ත්‍ර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ත්‍රිමාන පරිලෝකන යන්ත්‍රයක් යනු තාත්වික වස්තුවක හෝ පරිසරයක හැඩය සහ ඇතැම් විට ස්වභාවය (වර්ණය වැනි) පිළිබද දත්ත ලබාගැනීම සදහා එය විශ්ලේෂණය කිරීමට භාවිතා කරන උපකරණයකි. මෙසේ එකතුකර ගනු ලබන දත්ත ඉන් පසු ඩිජිටල් ත්‍රිමාන අනුරුවක් නිර්මාණය කිරීම සදහා භාවිතා කල හැකි අතර එය විශාල පරාසයක යෙදුම් සදහා භාවිතා කල හැක. මෙම උපකරණ විනෝදාස්වාද නිර්මාණ කර්මාන්තයේදී චිත්‍රපට සහ වීඩියෝ ක්‍රිඩා නිර්මාණය සදහා බහුලව භාවිතා කෙරේ. මෙම තාක්ෂණය ‍පොදුවේ යොදා ගැනෙන අනෙකුත් ක්ෂේත්‍ර අතරට කාර්මික ආකෘති නිර්මාණය, ප්‍රති ඉන්ජිනේරු විද්‍යාව, ප්‍රතිරූපක නිර්මාණය, සංස්කෘතිකමය නිර්මාණ පිළිබද තොරතුරු රැස්කිරීම සහ පරිගණකමය දර්ශන නිර්මාණය අයත් වෙයි. මෙවැනි ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර නිර්මාණය සදහා විවිධ තාක්ෂණයන් ගණනාවක් භාවිතා කල හැකි අතර මෙම එක් එක් තාක්ෂණය සදහා ඒහා බද්ද වු සිමා, වාසි සහ වියදම් පවතියි. මෙහිදි සැලකිය යුතු අනෙකුත් කාරණය වන්නේ ඩිජිටල් තත්ත්වයට පත් කල හැකි වස්තූන් පිලිබද තවමත් බොහෝ සීමා පවතින බවයි. උදාහරණයක් ලෙස පාර දෘෂ්‍ය, පරාවර්ථක හෝ දිලිසෙන සුළු වස්තූන් හමුවේ ප්‍රකාශ තාක්ෂණයන් බොහෝ ගැටලු වලට මුහුණ දෙයි. කෙසේ නමුත් දිලිසෙන සුළු වස්තූන් පරිලෝකනය සදහා ක්‍රම වේදයන් පවතින අතර එවන් වස්තුවක් තුනී සුදු පැහැ කුඩු තට්ටුවකිවකින් ආවරණය කරීම මගින් පරිලෝකන යන්ත්‍රයට වැඩි ආලෝක පෝටෝන ප්‍රමාණයක් පරාවර්තනය වීමට සැලැස්වීම මෙවන් එක් ක්‍රම වේදයකි. ලෙසර් පරිලෝකන යන්ත්‍රයකට වස්තුවක් වෙත ආලෝක පෝටෝන ට්‍රිලියන ගණනක් යැවිය හැකි අතර ඒවායේ භාවිතා වන ප්‍රකාශක්‍රම ඔස්සේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් නැවත ප්‍රතිග්‍රහණය කල හැක. වස්තුවක පරාවර්තී ස්වභාවය එහි වර්ණය හෝ පෘෂ්ටීය සුදු බව මත පදනම් වෙයි. සුදු පැහැ පෘෂ්ඨයක් මගින් ආලෝකය වැඩි ප්‍රමාණයක් පරාවර්තනය කරන අතර කලු පැහැ පෘෂ්ඨයකින් පරාවර්තනය කරනුයේ කුඩා ආලෝක ප්‍රම‍ා‍ණයක් වෙයි. වීදුරු වැනි පාර දෘෂ්‍ය වස්තූන් මගින් ආලෝකය වර්තනය පමණක් සිදු කෙරෙන අතර ඒ ඔස්සේ ව්‍යාජ ත්‍රිමාන තොරතුරු ලබාදෙයි.

ක්‍රියාකාරීත්වය[සංස්කරණය කරන්න]

ත්‍රිමාන පරිලෝකන යන්ත්‍රය සාමාන්‍ය අරමුණ වනුයේ අභිමත වස්තුවක පෘෂ්ඨයට අනුරූප ලක්ෂ්‍ය සමුහයක ජ්‍යාමිතික නියැදියක් නිර්මාණය කිරීමයි‍. අනතුරුව මෙම ලක්ෂ්‍ය වස්තුවෙහි හැඩය තක්සේරු කිරීම සදහා භාවිතා කල හැක. (මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය ලෙස හැදින්වේ) යම් හෙයකින් එක් එක් ලක්ෂ්‍යය සදහා වර්ණ තොරතුරුද එකතු කර ගෙන ඇත්නම් වස්තුවේ පෘෂ්ඨය මතු පිට වර්ණයන්ද නිර්ණය කළ හැක. ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර බොහෝ දුරට කැමරාවකට ප්‍රතිසමවේ. කැමරාවක් ආකාරයටම ඒවායේ දර්ශණ පථය කේතූ හැඩති වන අතර කැමරා මෙන්ම පරිලෝකක මගින් ද තොරතුරු ලබාගත හැකි වනුයේ ආවරණය නොවු පෘෂ්ඨ සම්බන්ධයෙන් පමණි. කැමරාවක් තම දර්ශන පථය තුළ පවතින පෘෂ්ඨයන්ගේ වර්ණ තොරතුරු එකතු කර ගන්නා අතර ත්‍රිමාණ පරිලෝකණ යන්ත්‍රයක් මගින් සිදු කරනුයේ තම දර්ශණ පථයෙහි පිහිටන පෘෂ්ඨයන් පිළිබද දුර ප්‍රමාණ සම්බන්ධ තොරතුරු රැස්කර ගැනීමයි. ත්‍රිමාන පරිලෝකන යන්ත්‍රයක් මගින් නිපදවනු ලබන රූපය මගින් එහි අඩංගු පෘෂ්ඨයන්ගේ එක් එක් ලක්ෂ්‍යය වෙත පවතින දුර ප්‍රමාණය විස්තර කෙරේ. පරිලෝකන යන්ත්‍රය කේන්ද්‍රණය වන පරිදි ගෝලීය කණ්ඩාංක පද්ධතියක් අර්ථ දැක්වුයේ නම් හා පරිලෝකන යන්ත්‍රයෙහි ආසන්නයේම ඊට ඉදිරියෙන් පිහිටන ලක්ෂ්‍යය Ψ = 0 සහ θ = 0 වේ නම් රූපයේ අඩංගු ඕනෑම ලක්ෂ්‍යයක් සදහා කිසියම් Ψ සහ θ අගයක් පවතියි. පරිලෝකන යන්ත්‍රයට සාපේක්ෂව ප්‍රදේශීය කණ්ඩාංක පද්ධතියක් තුළ r සංරචකය මගින් නියෝජනය වන දුර ප්‍රමාණය සමග මෙම ගෝලීය කණ්ඩාංකයන් රූපයේ එක් එක් ලක්ෂ්‍යයේ ත්‍රිමාණ පිහිටුම පුර්ණ ‍ලෙස විස්තර කරයි. බොහෝ අවස්ථාවන් සදහා අභිමත වස්තුවෙහි පුර්ණ ආකෘතියක් ලබා ගැනීම තනි පරිලෝකනයක් මගින් සිදු කල නොහැක. විවිධ දිශාවන් ඔස්සේ සිදු කරන පරිලෝකනයන් ගණනාවක් සදහා ඇතැම් විට සිය ගණනක් අදාල වස්තුවෙහි සියළු පැති පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා සිදු කල යුතු විය හැක. මෙම පරිලෝකනයන් එක් පොදු සමුද්දේශ පද්ධතියක් තුළට ලබාගත යුතු වන අතර මෙම ක්‍රියාවලිය පෙළ ගැසුම හෝ ලියා පදිංචිය යනුවෙන් හැදින් වේ. අනතුරුව ඒවා සංයෝජනය කිරීමෙන් සම්පුර්ණ ආකෘතියක් නිර්මාණය කෙරේ. තනි පරාස සිතියමක සිට සම්පුර්ණ ආකෘතිය නිර්මාණය කිරීමේ මුළු ක්‍රියාවලිය ත්‍රිමාණ පරිලෝකන වැඩ පිළිවෙල ලෙස හැදින්වේ.

තාක්ෂණය[සංස්කරණය කරන්න]

ත්‍රිමාණ ස්කෑනර වර්ග දෙක වන්නේ සම්බන්ධක හා සම්බන්ධක - නොවන යන වර්ග දෙකයි. අසම්බන්ධක වර්ගය තව දුරටත් ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැක. ඒවා නම් සකර්මක ස්කෑනර හා අකර්මක ස්කෑනර ලෙසය. මෙම වර්ග දෙකම විවිධ තාක්ෂණයන් අනුයුක්ත වේ.

සම්බන්ධක වර්ගය[සංස්කරණය කරන්න]

සම්බන්ධක ත්‍රිමාණ ස්කෑනර වස්තූන් භෞතික ස්පර්ශය මඟින් විමර්ශනය කිරීම සිදුකරයි. මෙම වර්ගයට උදාහරණයක් වන්නේ සමකක්ෂ මනින යන්ත්‍රයයි. එය බොහෝවිට නිෂ්පාදනයට යොදාගන්නා අතර ඉතාම නිවැරදි උපකරණයක්ද වේ. භෞතික ස්පර්ශයෙන් විමර්ශනය කරන නිසා වස්තුව හානි වීම හො වෙනස්විම සිදුවිය හැක. මෙය අවාසියක් ලෙස ගත හැක. අනික් අවාසිය වන්නේ එය අනිකුත් ස්කෑනර වලට සාපේක්ෂව වේගයෙන් අඩුවීමයි. මෙම වර්ගයේ වේගවත්ම ස්කෑනරයක් හට්ස් සිය ගණනක පමණක වේගයෙන් ක්‍රියාත්මක වන අතර ලේසර් ස්කෑනර වැනි ප්‍රකාශ පද්ධතියක් හට්ස් 10 සිට කිලෝ හට්ස් 500 ක පමණවූ වේගයකින් ක්‍රියාත්මක වේ.

අනිකුත් උදාහරණයක් වන්නේ අනිත් ධාවනය කෙරෙන ස්පර්ශ විමර්ෂකයි. මේවා පරිගණක නිර්මාණක කර්මාන්තයේ මැටි මොඩල සංඛ්‍යාංක බවට පත්කිරීමට යොදාගනී.

අසම්බන්ධී සක්‍රිය වර්ගය[සංස්කරණය කරන්න]

සක්‍රීය ස්කෑනරයකින් යම් කිසි විකිරණ ප්‍රමාණයක් විහිදුවා එහි පරාවර්තනය නිරීක්ෂණය කරනු ලබයි. මෙසේ විහිදුවන කිරණ වර්ග නම් දෘෂ්‍යය ආලෝකය, අති ධ්වනි හා X - කිරණය.

උත්පන කාලය[සංස්කරණය කරන්න]

උත්පන කාල ත්‍රිමාණ ස්කෑනරය සක්‍රීය වර්ගයේ ස්කෑනරයකි. මෙහි ප්‍රධාන අංගය වන්නේ ලේසර් පරාස සොයනයයි. ආලෝක ස්පන්දනයක් ගමන් කිරීමට ගත වන කාලය අනුසාරයෙන් වස්තුවකට ඇති දුර මෙමඟින් තීරණය කරයි. ආලෝකයේ වේගය දන්නා බැවින් දුර තිරණය කිරීමට පහත සමිකරණය භාවිතා කරයි.

d - දුර C - ආලෝකයේ ප්‍රවේගය t - ගතවන කාලය d = ct /2

පැහැදිලි ලෙසම දුරෙහි මිනුමේ නිවැරදිතාවය, කාලය (t) නිවැරදිව ගණනය කිරීම මත රඳා පවතී.

ලේසර් පරාස සොයනය එක් ලක්ෂ්‍යයකට ඇති දුර මැන ගැනීමේදී ,දර්ශන තලයේ දිශාවට පමණක් මැනීම සිදුකරයි. මෙලෙස දර්ශන තලයේ දිශාව වෙනස්කරමින් වරකට එක් ලක්ෂ්‍යය බැගින් වස්තුවලට ඇති දුර මැනිනු ලැබේ . මෙම දර්ශන තලයේ දිශාව වෙනස් කිරීම උපකරණය කැරකවීම මඟින් ද එහි කැඩපත් කැරකැවීම මඟින්ද සිදුකරයි. කැඩපත් බරින් අඩු නිසා වඩා වැඩි වේගයකින් කැරකැවීම සිදුකළ හැකි අතර එම ක්‍රමය බහුලව භාවිතයට ගැනේ. මෙවන් උපකරණයකට තප්පරයකට ලක්ෂ්‍යය 10000 හා 100000 ප්‍රමාණයක් මැනිය හැකිය.

ත්‍රිකෝණකරණය[සංස්කරණය කරන්න]

ත්‍රිකෝණකරන ත්‍රිමාණ ලේසර් ස්කෑනරය, ලේසර් ආලෝකය මඟින් අවට පරිසරය නිරික්ෂණය කරයි. කාල උත්පන ලේසර් ස්කෑනරයට සාපේක්ෂව මෙය ලේසර් ආලෝකය වස්තුව වෙත යවා කැමරාවක් ආධාරයෙන් ලේසර් ලක්ෂ්‍යය සොයා ගනී. වස්තුව තිබෙන දුර ප්‍රමාණය අනුව කැමරාවේ දර්ශන තලයෙහි එම ලක්ෂ්‍යය පිහිටන ස්ථානය වෙනස්වේ. ලේසර් ලක්ෂ්‍යය, කැමරාව හා ලේසර් කිරණ විදිනය ත්‍රිකෝණයක පිහිටන නිසා මෙම ක්‍රමයට ත්‍රිකෝණකරණය නමින් හදුන්වයි. කැමරාව හා ලේසර් විදිනය අතර ඇති දුර දන්නා කරුණකි. ලේසර් විදිනයේ කෝණය ද දන්නා අගයකි. එම කෝණය කැමරාවේ දර්ශන තලයේ ලේසර් ලක්ෂ්‍යය තිබෙන ස්ථානය අනුව බලා තීරණය කරයි. බොහෝ අවස්ථාවල තනි ලේසර් ලක්ෂ්‍යය වෙනුවට ලේසර් තීරුවක් වස්තුව හරහා යවා ප්‍රතිග්‍රහණ ක්‍රියාවලිය වේගවත් කර ගනියි. වර්ෂ 1978 දී මෙම ක්‍රමය සොයාගැනීමට පුරෝගාමි වූ ආයතන අතරින් කැනඩා ජාතික සමීක්ෂණ කවුන්සිලයද එක් ආයතනයකි.

වාසි හා අවාසි[සංස්කරණය කරන්න]

කාල උත්පන හා ත්‍රිකෝණමිතික සීමා සොයන්නන් නමින් හැදින්වෙන ස්කෑනර වල වාසි මෙන්ම හා අවාසිද පවතියි. කාල උත්පන වර්ගයේ වාසිය වන්නේ ඒවා දිගු දුරක පවත්වා ගත හැකිවීමය. ඒ නිසා ඒවා විශාල ආකෘති (ගොඩනැගිලි හෝ භූගෝලීය පිහිටීම) සුපිරික්සීමට භාවිතා කළ හැකිය. මෙහි අවාසියක් වන්නේ ඒවායේ නිවැරදිතාවය අඩුවීමයි. එනමුත් ත්‍රිකෝණමිතික වර්ගය නිවැරදිතාවයෙන් වැඩි අතර ඒවා භාවිතා කළ හැකි දුර ප්‍රමාණයෙන් සාපේක්ෂව අඩුවේ.

කාල උත්පන ස්කෑනර භාවිතයේදී, එහි ලේසර කදම්භ, වස්තුවල කොන්වලින් විසිරීයාම නිසා දත්ත හානිවීමක් සිදුවේ. මෙවන් කොන්වලට ඇති දුර සාමාන්‍යය අගයක් ලෙස ගණනය කරන නිසා එම දත්ත නිවැරදි ලක්ෂ්‍යයවල ස්ථානගතවීමක් සිදුනොවේ. වඩා අඩු කදම්භ පළලක් සහිත ස්කෑනර මෙම ප්‍රශ්නය විසඳීමට සමත් අතර ‍ඒවායෙන් ආවරණයවන දුර ප්‍රමාණය අඩුවේ. මෘදුකාංග මඟින් ද මෙසේ සිදුවන දෝෂය මඟහරවා ගත හැකිය.

තප්පරයට සාම්පල ලක්ෂ්‍යයක (100,000) සීඝ්‍රතාවයක් යටතේ වැඩකරන ස්කෑනර වලට. අඩු විභේදන සුපිරික්සීම් තප්පරයට අඩු කාලයකදී නිම කළහැකිය. මෙහිදී ඇතිවන ප්‍රශ්නය වන්නේ චලනය නිසා රූප විකෘති වීමක් එමඟින් සිදුවීමයි. සුළු කම්පන මඟින් මෙම විකෘති වීම නැති කිරීමට, අවශ්‍යය අධ්‍යයනයන් මෑත කාලයේදී සිදුකර තිබේ.

එක ස්ථානයක වැඩි දිනක් සුපිරික්සීම් සිදුවන විට සුළු වෙනස්කම් ඇතිවිය හැකිය. මෙයට හේතුවන්නේ ස්කෑනරයේ උෂ්ණත්වයේ වෙනස්වීම වේ. ආධාරකයක් මත තබා ඇති ස්කෑනරය මතට සූර්යාලෝකය පතනය වනවිට සූර්යාලෝකය වැටෙන පැත්තේ ආධාරකය ‍රත්වීම නිසා රූප විකෘති වීම සිදුවිය හැකිය. සමහර ලේසර ස්කෑනරවල මෙම ආධාරක මට්ටම්වල වෙනස්වීම පාලනය කළ හැකි ක්‍රියාදාමයගෙන් සමන්විත පද්ධති දක්නට තිබේ.

Conoscopic හො‍ලෝග්‍රෑම්[සංස්කරණය කරන්න]

මෙම Conoscopic පද්ධතියක් පළමුව ලේසර් කදම්බ මුහුණතක් මත ප්‍රක්ෂේපණය කරවයි. අනතුරුව එහි පරාවර්තනය Conoscopic ස්ඵටිකයක් තුලින් යවා CCD සංවේදක වලට ප්‍රක්ෂේපණය කරවයි. එමඟින් විවර්තිත රටාවක් ඇතිවන අතර එහි සංඛ්‍යාතය විශ්ලේෂණය කිරීමෙන් මනින ලද මුහුණතට දුර තීරණය කළ හැකිය. Conoscopic හො‍ලෝග්‍රෑම් වල ප්‍රධාන වාසිය වන්නේ ඒ සඳහා තනි කදම්භයක් පමණක් අවශ්‍යය වීමයි. එනිසා ඉතා සියුම්ව විදි (drilled) සිදුරකට ඇති දුරද මැනිය හැකිය.

ව්‍යුහගත ආලෝකය[සංස්කරණය කරන්න]

මෙම වර්ගයේ ස්කෑනරවලින් ආලෝක රටාවක් වස්තුව මත එල්ල කර එහි ඇතිවන රටා වෙනස ග්‍රහණය කර ගනී. මෙම රටාවන් එක් මානයක් හෝ ද්වි-මාන ආකාරයක් හෝ විය හැකිය. මෙම තනි කදම්භය, LCD ප්‍රක්ෂේපණ උපකරණයක් මඟින් හෝ පැද්දෙන ලේසර උපකරණයන් මඟින් හෝ වස්තුව මත එල්ල කරයි. අනතුරුව ත්‍රිකෝණාකාර ස්ථාන හඳුනාගන්නා ක්‍රමයට දුර ගණනය කිරීම සිදුකරයි.

ද්විමාන රටාවකට උදාහරණයක් වන්නේ කොටු හෝ රේඛා තීරු රටාවන්ය. රටා වෙනස කැමරාවක් මඟින් ලබාගන්නා අතර සංකීර්ණ ඇල්ගොරිතමයක් මඟින් එම ලක්ෂණ වල දුර මැනීම සිදුකරයි. මෙම සංකීර්ණතාවයට ඒක හේතුවක් වන්නේ වස්තුවේ ඇති ව්‍යාකූලතාවයයි. උදාහරණ ලෙස සිදුරු, නිරෝධන හා වැඩි ගැඹුරින් යුක්ත වස්තුන් හරහා ලේසර් කදම්භ අනුක්‍රම යවන විට ඒවායෙන් ආපසු පැමිණෙන කදම්භ වෙනස්වීම හෝ රටාව වෙනස්වීම සිදුවිය හැකිය. එමඟින් කදම්භ තීරු වල ව්‍යාකූලතාවයන් ඇතිවේ. මෙම ව්‍යාකූලතාවය මෑතකදී බහුතීරූ ලේසර් ත්‍රිකෝණකරණය නම් තාක්ෂණයෙන් විසඳන ලදී.

ව්‍යුහගත ත්‍රිමාණ ආලෝක ස්කෑනර එක් වරකට ලක්ෂ්‍යය වැඩි ගණනක් සුපිරික්සන නිසා වේගයෙන් වැඩිවේ. එනිසා චලනය නිසා ඇතිවන විකෘතිතාවයන්ද මඟ හැරේ. සමහර නවතම ස්කෑනර් පද්ධති චලනය වන වස්තූන් පවා සුපිරීක්සීමට සමත් ඒවා වේ. මෑතකාලයේදී සෝන්ග් සැන්ග් හා පේසන් හන්ග් (ස්ටෝනි බෘක් විශ්ව විද්‍යාලයේ) යන අය විසින් කලාප වෙනස් කරන හා අංකිත ප්‍රක්ෂේපණය යන තාක්ෂණ යොදා වඩා දියුණු ස්කෑනරයක් නිපදවන ලදී. මෙම පද්ධතිය ඝනත්වයෙන් වැඩි දත්ත (මුහුණේ ඇතිවන ප්‍රකාශන වැනි) තප්පරයට රාමු 40ක සීඝ්‍රතාවයකින් ග්‍රහණය කර නිර්මාණ කිරීමට සමත්කම් දක්වයි.

උස් පහත සැකසු ආලෝකය[සංස්කරණය කරන්න]

මෙම වර්ගයේ ස්කෑනර් දිගින් දිගටම වස්තුව වෙත යොමුකෙරෙන ආලෝකය වෙනස් කරමින් දීප්තිය ඇති කරයි. සාමාන්‍යයෙන් එය සිදුකරන්නේ ආලෝක ප්‍රභවය සයිනාකාර රටාවකට වෙනස් කරමිනි. ප්‍රතිවර්තිත ආලෝකය කැමරාවක් මඟින් අනාවරණය කර‍ගන්නා අතර රටාව වෙනස් වූ ප්‍රමාණය ආලෝකය ගමන් කරන දුර මඟින් තීරණය කරයි. අඩු වැඩි කළ ආලෝකය නිසා ස්කෑනරයට ලේසර් ප්‍රභවයෙන් බැහැරව ඇති ආ‍ලෝකයන් නොසළකා හැරීමට උදව්වේ. මෙමඟින් බාධක නැතිවේ.

අසම්බන්ධී නිෂ්ක්‍රිය[සංස්කරණය කරන්න]

ත්‍රිමාණ ස්කෑනර - තාක්ෂණය

මෙම වර්ගයේ ස්කෑනර විකිරණ පිට නොකරන අතර පවතින විකිරණ අභීක්ෂණය කරයි. මෙවන් බොහෝ ස්කෑනර වලට දෘෂ්‍යය ආලෝකය අභීක්ෂණය කරගත් අර්ධරක්ත විකිරණද යොදාගත හැකිය. මෙම ක්‍රමයන් ඉතා ලාභදායී වේ. ඊට හේතුවන්නේ මේවාට විශේෂිත උපකරණ අවශ්‍යය නොවීමයි.

  • ත්‍රිමානේක්ෂ - මෙම පද්ධතියක දර්ශනයක් ලබාගැනීමට විඩියෝ කැමරා දෙකක් උපයෝගි කරගනී. කැමරා දෙකෙන් දර්ශනයකට ලැබෙන දුර පරතරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රූපයේ එම ලක්ෂ්‍යවල දුර තීරණය කළ හැකිවේ.
  • ඡායාදර්ශකය - මෙම වර්ගයේ ත්‍රිමාණ ස්කෑනරවලින් ඡායාරූප අනුපිළිවෙළක් නිරීක්ෂණය කිරීමෙන් පසු වස්තුවේ ත්‍රිමාණ ප්‍රතිරූපය ලබා ගනි. මෙහිදී වස්තුවට ආසන්නව සමාන දෘෂ්‍ය අහුවැස්මක් මෙම ඡායා දර්ශකය මඟින් ඇති කරයි. එනමුත් වස්තුවල තිබෙන සමහර කුහර මෙමඟින් අභීක්ෂණය නොවේ.‍

භාවිතාකරන්නාට සහයවන (ඇඹීම පදනම් වූ රූප)[සංස්කරණය කරන්න]

සමහර ක්‍රම භාවිතා කරන්නාගේ අභීක්ෂණය හා හඳුනා ගැනීම මත පදනම් වේ. මෙහිදී භාවිතා කරන්නා වස්තුවේ ලක්ෂණ හා හැඩ නිරික්ෂණය කිරීමෙන් වස්තුවට ආසන්න රූපයක් තනා ගනි. මෙම ක්‍රමයේ ගොඩනැඟිලි සරල හැඩැති වස්තු නිරික්ෂණයට උචිතය.

මෙම වර්ගයේ ත්‍රිමාණ පිරික්සුම ඡායාලේඛනමිතියේ නියාම මත පදනම් වේ. එය පරිදර්ශක ඡායාරූප ශිල්පීය ක්‍රමවේදයට තරමක් සමාන‍වේ. එනමුත් ඡායාරූප පෙළක් ගන්නවා වෙනුවට වස්තුවේ ඡායාරූප ත්‍රිමාණ අවකාශයකට ගැනීම ‍මඟින් හාත්පස වටපිටාව ප්‍රතිනිර්මාණය කිරිමක් මෙහිදී සිදුවේ.

ප්‍රතිනිර්මාණකරණය[සංස්කරණය කරන්න]

3D පරිලෝකන මගින් නිපදවන ලද ලක්ෂ වළාකුළු සාමාන්‍යයෙන් ඍජුවම භාවිතා නොවේ. බොහොමයක් යෙදුම් ලක්ෂ වළාකුළු භාවිතා නොකරයි. නමුත් ඒ වෙනුවට බහුඅස්‍ර 3D වළාකුළු භාවිතා කරයි. ලක්ෂ වළාකුලක් බහුඅස්‍ර 3D ආකෘතියක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණකරණය ලෙස හැඳින්වේ. ප්‍රතිනිර්මාණයකරණයට අඛණ්ඩ මතුපිටක් නිර්මාණය කිරීම සඳහා ආසන්න ලක්ෂ සෙවීම හා සම්බන්ධ කිරීම ඇතුළත් වේ. මෙම කාර්ය සඳහා බොහොමයක් ඇල්ගොරිතම සේවයෙහි යෙදී ඇත (උදාහරණ - Photomodeler, imagemodel).

භාවිත අවස්ථා[සංස්කරණය කරන්න]

දන්ත වෛද්‍ය විද්‍යාවේ දී පරිගණක ආශ්‍රිත නිර්මාණවලට[සංස්කරණය කරන්න]

පුටුවට පැත්තෙන් සවිකර ඇති බොහෝ දන්ත පරිගණක නිර්මාණ (Dental CAD/CAM System) පද්ධතිවල ත්‍රිමාණ මුහුණත බලාගැනීමට යොදාගනී. මෙමඟින් හා පරිගණක ආශ්‍රිත මෘදුකාංග මඟින් දන්ත ප්‍රතිස්ථාපනය කෙසේ සිදුවිය යුතුද යන්න තීරණය කරයි. මෙම කාර්යන් සඳහා CAM (පරිගණක ආශ්‍රිත නිර්මාණය වූ) තාක්ෂණය යොදා ගනී. මෙම තාක්ෂණයට උදාහරණ වන්නේ CWC මෙහෙලීම් යන්ත්‍රය, ත්‍රිමාණ මුද්‍රකය වැනි ඒවාය. මෙය සම්බන්ධ කරන පුටුව ඒවාට උදව්වන ආකාරයට නිර්මාණය කර තිබේ.

  • Orthotics (විකලාංග උපකරණ) CAD/CAM (පරිගණක ආශ්‍රිත නිර්මාණ) - බොහෝ විකලාංග සේවකයන් රෝගියාගේ ත්‍රිමාණ මුහුණත බලාගැනීමට ත්‍රිමාණ ස්කෑනර් භාවිතා කරයි. එය බොහෝ වෙහෙස කරවන පැලැස්තර වාත්තු වෙනුවට යොදාගත හැක. ඉන් අනතුරුව මෙම විකලාංග උපකරණ පරිගණක ආශ්‍රිත නිර්මාණකයන් (CAD) හා මෘදුකාංග මඟින් නිර්මාණය කරනු ලබයි.

විනෝදයට හා විලෝම ඉංජිනේරු විද්‍යාව[සංස්කරණය කරන්න]

විනෝදය[සංස්කරණය කරන්න]

චිත්‍රපට හා පරිගණක ක්‍රීඩා වලට අවශ්‍යය ත්‍රිමාණ මොඩල නිර්මාණය කිරීමට ත්‍රිමාණ ස්කෑනර යොදා ගනී. ත්‍රිමාණ මොඩල සාදන මෘදුකාංග වලට වඩා හොඳින් මෙම ක්‍රමයෙන් ත්‍රිමාණ මොඩල නිපදවිය හැකිය. බොහෝ විට මෙම නිර්මාණ ශිල්පීන් භෞතික මොඩල මූර්ති බවට පත්කර, භෞතික මොඩල සාදා ඒවා ත්‍රිමාණ ස්කෑනර මඟින් අංකිත ආකාරයට පරිගණක ගත කරයි.

විලෝම ඉංජිනේරු විද්‍යාව[සංස්කරණය කරන්න]

යාන්ත්‍රික අංගයක විලෝම ඉංජිනේරු විද්‍යාව බවට නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීමටනම් වස්තුවල ඉතා නිවැරදි අංකිත මොඩල උවමනා වේ. මෙහිදී වස්තුව තිත් සමූහයකට වඩා මුහුණත් සමූහයකින් නිරූපණය කිරීම සිදුවේ. මෙම මුහුණත් ත්‍රිකෝණාකාර සමතල හෝ සමතල හෝ වක්‍ර වූ NURBS ඒවා විය හැකිය. ත්‍රිමාන ස්කෑනරයක් නිදහස් ආකාරයේ සංඛ්‍යාංක බවට පත්කිරීමක් හෝ ක්‍රමයෙන් වැඩිවන හැඩයෙන් යුක්ත අංග සංඛ්‍යාංක බවට පත්කිරීමට හෝ භාවිතා කළ හැකිය. එසේම ප්‍රිස්මාකාර ජ්‍යාමිතිකයන් සංඛ්‍යාංක බවට පත්කිරීමට ද මෙය භාවිතා කළ හැකිය. මෙම දත්ත අංක පසුව අංකිත මොඩල බවට පත්කරනු ලබයි.

සංස්කෘතිකමය කටයුතු සදහා[සංස්කරණය කරන්න]

පහත සඳහන් ඓතිහාසික ප්‍රදේශ හා පුරාතණ මානව කෘති සුවිශේෂි සුපිරික්සීමකට ලක්කරන ලදී.

මිචලැන්ගලෝ[සංස්කරණය කරන්න]

වසර 1999 දී සමීක්ෂණ කණ්ඩායම් 2ක් මිචලැන්ගලෝ පිළිරූ සුපිරික්සීමට ලක්කරන ලදී. මාර්ක් ලුයර් ගේ ප්‍රධානත්වයෙන් ලේසර් ත්‍රිකෝණකරන ස්කෑනරයක් ආධාර කරගනිමින් මෙම පිළිරුව හා මෙඩිකි චැපල්හි තිබූ තවත් පිළිරූ 4ක්ද සුපිරීක්සුමට ලක්කරන ලද්දේ ස්ටැන්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසිනි . මෙම සවිස්තර සුපි‍රීක්සුම නිසා විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකිවූ අතර ඒවා සැකසීමට ‍මාස 3ක් පමණ ගතවිය. අනිකුත් සමීක්ෂණ කණ්ඩායම වන IBM සාර්ථක ලෙස ජ්‍යාමිතික හා වර්ණ විස්තර සහත සුපිරික්සුම කරන ලදී.

මොන්ටිකෙලෝ[සංස්කරණය කරන්න]

වසර 2002 දී ඩේවිඩ් ලුබෙක් ඇතුලු පිරිස විසින් තෝම්ස් පේෆසන්ගේ මොන්ටිකෙලෝ සුපිරික්සීමට භාජනය කරන ලදී. පසු එය අංකිත ඡායාරූප සමඟ එක්තරා දෘෂ්‍යය මොන්ටිකෙලෝ නිපදවන ලද අතර එය නිව් ඕලියන් කෞතුකාගාරයේ 2003 දී ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශක භාණ්ඩය ත්‍රිමාණ දර්ශනයෙන් යුක්ත විය.

කියුනෙෆෝම් පෝරුව[සංස්කරණය කරන්න]

වසර 2003 දී සුබෝධි කුමාර් හා පිරිස විසින් මෙම මානව කෘතිය පිරික්සන ලදී. මෙයට ත්‍රිමාණ ත්‍රිකෝණාකාර ස්කෑනරයක් භාවිතා කළ අතර 0.025 මිලිමීටර විභේදනයක් සහිත කොටු රාමු රටාවක් එම පිරික්සීමට යොදාගන්නා ලදී.

ප්ලාස්ටිකෝ ඩි රෝමා ආටිකා[සංස්කරණය කරන්න]

2005 දී ගැබ්‍රියෙල් ගුයිඩි හා පිරිස විසින් මෙම රෝම ආකෘතිය සුපිරික්සන ලදී. මෙම මොඩලය විශාලත්වයෙන් වැඩිවූ නිසා එයට ලැබෙන ආලෝකය සීරුමාරු කළහැකි පරිදි සැකසූ ස්කෑනරයක්, ත්‍රිකෝණාකාර ස්කෑනරයක් සමඟ එක්ව යොදාගන්නා ලදී.

ද්‍රව්‍යය සැකසීම හා නිෂ්පාදනය[සංස්කරණය කරන්න]

ලේසර පිරික්සුමේදී පළමුව වස්තුව මතුපිට පරික්ෂා කරයි.එයට හේතුවනම් ලේසර් වල ශක්තියේ වෙනස්කම් මත එම භාවිතද වෙනස් වීමයි. ශක්තියෙන් අඩු ඒවා ලේසර් උත්තීරණයට යොදාගනී. ශක්තියෙන් වැඩි ලේසර මඟින් ඝන ද්‍රව්‍යය ද්‍රව බවට පත්කරන නිසා ඒවා ද්‍රව්‍යය කැපීමට භාවිතා කරයි.

මෙම භාවිත සඳහා උපයෝගීවන මූල හා නියාම බොහෝ දුරට සමාන වේ. මූල ක්‍රියාවලියම පරිගණකයකට සම්බන්ධවූ මෘදුකාංගවලින් සමන්විත පද්ධතියකින් හැසිරවේ. මෙම පද්ධතියට සම්බන්ධ ස්කෑනර් පත්‍රය දෛශික දත්ත ‍චලිත දත්ත බවට හරවන අතර එය ස්කෑනර් ශීර්ෂ ස්ථානයට යවනු ලබයි. මෙම ස්ථානය කැඩපත් දෙකකින් යුක්ත වේ. එමඟින් ලේසර් කදම්භය X හා Y සමකක්ෂ වලට හැරවීම සිදුකරයි. අවශ්‍යය වුවහොත් පමණක් Z සමකක්ෂය විශේෂිත දෘෂ්ටියක් මඟින් ලබාගනි.

විශේෂිත අවස්ථාවල වඩා හොද සුපිරීක්සිම් ලබාගැනීමට ස්කෑනර් ශිර්ෂස්ථාන එකකට වැඩි ගණනක් යොදාගනී. මේවාට යොදාගන්නා මෘදුකාංග වෙනස් වේ. සමහර අවස්ථාවල කළයුතු කාර්යයේදී ශිර්ෂ ස්ථානවල බෙදීම මඟින් වැඩි කාර්යක්ෂමතාවය ලබාගනී.