තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති

විකිපීඩියා වෙතින්
(තත්කාලීන (Real – time) මෙහෙයුම් පද්ධති වෙතින් යළි-යොමු කරන ලදි)

රියල් ටයිම් මෙහෙයුම් පද්ධතියක් (RTOS) [සාමාන්‍යයෙන් ‘ආර් - ටොස් ලෙස උච්චාරණය වේ’]රියල් ටයිම් යෙදුම් සඳහ‍ා තනන ලද බහු කාර්ය මෙහයුම් පද්ධතියකි. එවැනි යෙදුම්වලට කාවැද්දූ පද්ධති (ක්‍රමලේඛ ගත කළ හැකි උෂ්ණත්ව පාලක , ගෘහස්ථ උපකරණ පාලක ජංගම දුරකතන ) , කාර්මික රොබෝවරු , අභ්‍යවකාශ යානා , කාර්මික පාලනය (SCADA බලන්න) හා විද්‍යාත්මක පර්යේෂණ උපකරණ ආදිය ඇතුළත් වේ. RTOS රියල් ටයිම් පද්ධති නිර්මාණයට අවකාශය ලබා දෙනමුත් අවසාන ඵලය රියල් ටයිම් පද්ධතියක් වීම හෝ නොවීම පිළිබඳ වග කියනු නොලැබේ. ඒ සඳහා මෘදුකාංගය නිවැරදිව ගොඩ නැංවිය යුතුය. RTOS මෘදුකාංගය එතරම් ප්‍රභල කේතන හැකියාවක් නොමැත. විශාල throughput එකක් නොමැත. වඩා හොඳ විකල්පයක් වශයෙන් RTOS , නියමාකාරයෙන් භාවිතා කළ හොත් වගකීම් සීමා සාමාන්‍ය ලෙස (මෘදු රියල් - ටයිම්) හෝ ස්ථිර ලෙස ( දෘඩ රියල් ටයිම් ) ළඟා කරගත හැකි පහසුකම් සපයයි. RTOS යක් , රියල් ටයිම් මෘදුකාංග නිර්මාපකයෙකුට අවසාන පද්ධතියේ නිශ්චිත ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය මෙවලම් සැපයීමට විශේෂිතව වර්ගීකරණය වන අංක ගණිත ක්‍රමයක් භාවිතා කරයි. RTOS යකට කාලයක් තිස්සේ කළ හැකි වැඩ ප්‍රමාණයට වඩා යම්කිසි අවස්ථාවක් සඳහා එය ප්‍රතිචාර දක්වන වේගය හා / හෝ අනුමාන කළ හැකි බව අගය කෙරේ. වැදගත් කරුණක් වන්නේ, RTOS භාවිතය නිසා බාධා වීම් හා කාර්ය කොටස් මාරුවීම් කාලය අවම වීමයි. මුල්කාලීන මහා පරිමාණ රියල් ටයිම් මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් වන්නේ ඇමරිකානු ගුවන් සේවය හා IBM මගින් සේබර් ගුවන් සේවා වෙන් කිරීමේ පද්ධතියට නිපදවන ලද කටයුතු සැකසීමේ පහසුකමය.

සැලසුම් කිරීමේ දර්ශන[සංස්කරණය]

මූලික සැලසුම් 2ක් පවතී[සංස්කරණය]

  • • අවස්ථානුකූලව ක්‍රියාත්මක (ප්‍රමුඛතා කාර්ය සටහන) සැලසුම් කාර්යය මාරු කරන්නේ වැඩි ප්‍රමුඛතාවක් ඇති සිද්ධියකට සේවාවන් අවශ්‍ය වූ විට අතර පෙර ශූන්‍ය කරන ලද ප්‍රමුඛතාව (Per – emptive priority) ලෙස හඳුන්වනු ලැබේ.
  • • කාලය බෙදා ගන්නා සැලසුම් (Time sharing design) කාර්ය මාරු කරන්නේ ස්පන්ද සංඥාවක් මත හා රවුන්ඩ් රොබින් (round robin) ලෙස හඳුන්වන අවස්ථාවලදීය.

කාලය බෙදා ගන්නා සැලසුම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නිරන්තරයෙන් කාර්යයන් මාරු කරයි. නමුත් එය වඩා සුමට වඩා නිශ්චිත බහුකාර්ය වන අතර එමගින් ක්‍රියාවලිය හෝ පරිශීලකයා යන්ත්‍රය තනිකරම භාවිතා කරතැයි හැඟීමක් ඇතිවේ.

මුල් කාලීන CPU සැලසුම්වලට කාර්යයක් මාරු කිරීමට චක්‍ර ගණනාවක් අවශ්‍ය වන අතර එම කාලය තුළට CPU එකට ප්‍රයෝජනවත් කිසිවක් කළ නොහැක. එම නිසා පැරණි OS අනවශ්‍ය ක්‍රියා මාරු කිරීම් උපරිම ලෙස වැළැක්වීමෙන් CPU වල අපතේ යන කාලය අවම කිරීමට උත්සාහ දරා ඇත.

මෑත කාලීන CPU එක් කාර්යයකින් තවත් කාර්යයකට මාරු වීමට ගන්නේ වඩා අඩු කාලයකි. එයට හේතුව එක් කාර්යයක සිට අනෙක් කාර්යයට චක්‍ර බින්දුවකදී මාරුවන බරණි සකසුය (barrel processors). නව RTOS බොහෝ විට අචල කාලය බෙදා ගන්නා කාර්ය සටහන් ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක වන කාර්ය සටහන් සමග ක්‍රියාත්මක වේ.

උදාහරණ[සංස්කරණය]

  • Chibi OS/RT
  • eCos
  • FreeR TOS
  • Fusion RTOS
  • Nucleus RTOS
  • OSE
  • OSEK
  • QNX
  • RT- 11
  • RTEMS
  • RT Linux
  • Talon DSP RTOS
  • ගනුදෙනු සැකසුම් පහසුකම (Transaction Processing Facility)
  • Vx Works

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Real-time_operating_system