ඡාරූපීකරණය

විකිපීඩියා වෙතින්
(ජායාරෑපකරනය වෙතින් යළි-යොමු කරන ලදි)

History of Photography''''තද පැහැති අකුරු පෙළ' What is the Photography?'තද පැහැති අකුරු පෙළ • ප්‍රභාලේඛණය • ආලෝකයෙන් රටා මැවීම තමන් දකින දේ නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඡායාරූප ශිල්පයේ ආරම්භයයි.

E.g. - ගල් යුගයේ මිනිසුන් තමන් දකින දේ ගල් ගුහා වල බිත්ති මත නැවත ප්‍රතිනිර්මාණය කිරීම


PHOTOGRAPHY අප අවට ආලෝකයේ ඇති වස්තූන් අලෝකය මාධ්‍ය කොට ආලෝකයට සංවේදී ද්ව්මාන මතුපිටක් මත ස්ථාවරම ලියා පදිංචි කර ගැනීම ඡායාරූපකරනයයි.


HISTORY OF CAMERA ජායාරූපකරනයේ මුල් යුගයේ කැමරාව භාවතා කලේ අරාබි ජාතික ජායාරූප ශිල්පීන් වේ. ලෝකයේ පළමු කැමරාව වන්නේ Pinhole camera වයි. ඡායාරූප ශිල්පයේ පුරාවත මිනිස් ඇසට හසුවන වස්තුවක් හෝ අවස්ථාවක් ඒ අයුරින්ම සටහන් කර රදවා තබා ගැනීම ට මිනිසාට ඉතිහාසයේ සිට අවශ්‍යව ඇත.  චීන පුරාව්‍යාඥයින්ට ක්‍රි.පූ.2000 කාලයට අයත් යැයි සැලකෙන ආලෝක සංවේදී ද්‍රවයන්ගෙන් සැරසිලි කරන ලද මැටි භාජන හා මෙවලම් හමු වීම.  ඡායාරූපකරනය යනු පුද්ගලයන් රාශියකගේ පර්යේෂණ වල ප්‍රතිඵලයකි.  නූතන සමාජයේ සෑම කටයුත්තකටම ඡායාරූපකරනය ඇතුලත් වේ.  ඡායාරූප මිනිසාගේ දෙවෙනි මතකය ලෙසට හදුන්වා දිය හැකිය  එදිනෙදා ජීවිතයේ මිනිසා විසින් මුහුණ දෙන කටුක සුන්දර මතක සටහන් සදා නොමියෙන සේ සනිටුවන් කර ගැනීමට ඡායාරූපයට පුලුවන  විවිධ කශේත්‍රයන් හි විවිධ මුහුණුවරයන්ගෙන් ඡායාරූප කලාව ව්‍යාප්ත වී ඇත. Wild Photography. Micro photography, Bird photography, underwater photography….and more…

ක්‍රි.පූ.110 දී අරාබි ජාතික අල් හසන් ගේ සටහන් වල කැමරා පිළිබදව තොරතුරු ඉදිරිපත් කර ඇතත් මුලින්ම නිවැරදි සටහන් ඉදිරිපත් කර ඇත්තේ ඉතාලි ජාතික ලියනාඩෝ ඩා වින්සි විසිනි(1452-1519),

   “ආලෝකය පරාවර්තනය වන ඕනෑම වස්තුවක සේයාව පවත්නා වර්ණයෙන්,පවත්නා තත්වයෙන් අදුරු කුටියක්(කැමරාව)මගින්,කඩදාසියක් මත පතිත කර ගත හැකිය යන්න” 

ඔහු සදහන් කලේය. නමුත් මෙය එකල බොහෝ දෙනා දන්නා කරුණක් වූ බැවින් නව සොයා ගැනීමක් වූවේ නැත.


අදුරු කුටියක් වන සිදුරක් තුලින් ලැබෙන රූප සේයාව කාචයක් භාවිතය කර උසස් තත්වයකට වර්දනය කලේ 1550 දී ඉතාලි ජාතික “ඩැනියෙල් බාබරෝ”විසිනි මින් අඩ සියවසකට පසු මෙය සංයුක්ත කාච කට්ටලයක් දක්වා වර්දනය විය.

19 වන සියවස ආරම්භය තෙක් කැමරා භාවිතා කරන ලද්දේ චිත්‍ර ශිල්පීන් හා තාරකා විද්යාඥයින් පමනි ඉන් පසු තිරයකට ගන්නා ලද මෙම සේයාව ස්ථාවරවම රදවා ගැනීමට ආලෝක සන්වේදී ද්‍රවය ගැන පර්යේෂන පවත්වන්නට විය. 1727 දී ජර්මන් ජාතික හෙන්රි ෂූල්ස් johan henrich schultz රිදී ළවණ (silver nitrate) ආලෝකය නිසා අදුරු වන බව සොයා ගන්නා ලදි. Silver chloride ආලේපයන් ගල්වන කද තහඩුවකින් රූප සටහන් කර ගැනීම කළ නමුත් මේ සදහා කැමරා භාව්තා කලේ නැත. එම නිසා මෙය විද්වත් සමාජය පිළිගත්තේ නැත.

             johan henrich schultz (1727)   

ශූල්ස් ගේ මග ඔස්සේ පර්යේෂණ වල නියැලුනු තෝමස් වේස් වූඩ් Thomas Wedgwood (1771-1805) silver nitrate හා silver chloride උපයෝගී කර ගැනීමට සමත් විය.

     Thomas Wedgwood (1771-1805)  

1805 දී වේස් වූඩ් ගේ මරණයෙන් පසු පර්යේෂණ අඩාල වූ අතර රූපයක් ස්ථාවර කර ගැනීමේ නව ක්‍රමයක් 1826 දී ප්‍රංශ ජාතික ජෝසප් නිසපෝර් නිප්සේ විසින් සොයා ගන්නා ලදි.


නිප්සේ (1765-1833) ආලෝකයේ දැව්න විට දියවී නොයන ආලේපයක්,එනම් තාර දහනයේ දී ලබා ගන්නා ලද ඇවිලෙන සුලු ආලේපයක් වන තුත්තනාගම්(Zn) තහඩුවක් මත තවරා කැමරාවක් තුලට බහාලා ඒ මතට ආලෝකය පතිත කල විට ආලෝකය නොවැටුන තැන් දිය වී යයි. ඉන් පසු එම තහඩුව ගිනි වතුරෙන් පිරියම් කිරීමෙන් ඉතිරිවෙන සේයාව සාමාන්‍ය මුද්‍රනාලයක මෙන් ලිතොග්‍රැපි Lithography ක්‍රමයට සමාන ක්‍රමයකින් මුද්‍රනය කලේය. මෙය Heliography යනුවෙන් හදුන්වයි. පැය 8-10 ආලෝකයට නිරාවරණය කරන ලදි. මෙමගින් චංචල වස්තූන් රූපගත කල නොහැකිය.


Heliography Photo by Nipse.

ලොව මුල්ම චායාරූපය-වහලය

ඩ්‍රැගියුරේ [1839 Louis Daguerre] නිප්සේ ගෙන් පසු ඔහුගේ මිතුරෙකු වන ප්‍රංශ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු හා චිත්‍ර ශිල්පියෙකු වන ඩ්‍රැගියුරේ [1839 Louis Daguerre]පැරිස් විද්‍යා ඇකඩමියේ දී තම නමින් ඩ්‍රැගුයුරේ ටයිප් Daguerreotype”නමින් ඡායාරූප ස්ථාවර කර ගැනීමේ ක්‍රමයක් නිදර්ෂක සහිතව හදුන්වා දුනි. එනම් ඔප දමා රිදී ආලේප කරන ලද තඹ තහඩුවක් අයඩීන් හුමාලයට ඇල්ලීමෙන් ආලෝක සංවේදී සේයා තහඩුවක් සාදා ගැනීම. මෙය කැමරාවක් තුලට දමා කෙටි කාලයක් අනාවරණය කිරීමෙන් ප්‍රතිභිම්භය සටහන් කර ගත හැහි බව පෙන්වා දුනි. ඉන් පසු රසදිය හුමාලයට ඇල්ලීමෙන් විකාශය කොට ලවණ මිශණයක් බහා ස්ථාවර කර ගන්නා ලදි.

                   Louis Daguerre.                           

Sir john frederick william Herschel පසු කලෙක sir john Frederick William Herschel ගේ අදහස් පරිදි ගනු ලබන හයිපෝ හෙවත් සෝඩියම් පයෝ සල්ෆේට් චායාරූප ස්ථාවරණය කිරීමට යොදා ගන්නා ලදි..

1939 දී ඩැගියුරේ නියමයට බිහිවූ මිනිස් රූපයක් සහිත ප්‍රථම චායාරූපය ගන්නා ලදි.(1st Human Photography)
රින පටලයේ බිහිවීම

ඉංග්‍රීසි ජාතික හෙන්රි ෆොක්ස් ටැල්බෝට් (1800-1877) ප්‍රථම රින පටලය නිපදවීමෙ පුරෝගාමියා විය. වස්තුවක් රින පටලයක් මගින් අනාවරනය හා විකාෂණය කර ගැනීමේ ක්‍රමයක් හදුන්වා දුනි.

Henry Fox Talbot

ලොව මුල්ම වර්ණ සෙයා පටලය බිහි වීම ලක්ශ්මන් බර්ග් හි උපත ලද ගේබ්‍රයල් ලිප්මාන් (1845-1921) Gabriel Lippmann ඩ්‍රැගියුරේ ටයිප් ක්‍රමය අනුසාරයෙන් මුල්ම වර්ණ ඡායාරූපය නිපදවීම 1908 දී සිදු කරන ලදි. මේ සදහා ඔහු නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.

නමුත් වර්ණ සේයා පටලයක් වෙළද පොළට නිකුත් කිරීමට ඔහු උත්සුක නොවීය… Box Camera 1888 දී ලොව ප්‍රථම කොඩැක් කැමරාව (Box Camera) බිහි විය. 1907 දී ප්‍රථම වාණිජමය වර්ණ පටලය Achromatic Plate’s ප්‍රංශයේ ලුවී ලූවියන් ආයතනයේ නිපදවන ලදී 19 වන සියවසේ දී ඡායාරූප කලාවේ සීග්‍ර දියුණුවක ඇති විය..

"https://si.wikipedia.org/w/index.php?title=ඡාරූපීකරණය&oldid=469242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි