ජාත්‍යන්තර කම්කරු සංවිධානය

විකිපීඩියා වෙතින්


පළමු ලෝක යුද්ධයෙන් පසු ලොව වෙසෙන විවිධ ජාතීන් හට ලොව නැවත ගොඩනැගීම හා කම්කරු සංවිධාන ආරක්ෂා කර ගැනීමට අවශ්‍යතාවක් ඇති විය. මහා බ්‍රිතන්‍යය විසින් ඉදිරිපත් කරන ලද විට්ලි අතුරු කොමිසමේ ‍නියෝග මත කාර්මික සංවර්ධන සභා ‍ලොව පුරා පිහිට විණි. එසේම මහා බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය විසින් තවත් අදහසක් ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ ‍පොදු සම්මුතියේ මාතෘකාව වූයේ කම්කරු හා නව සමාජ ප්‍රතිපත්තියකි. වර්ෂ 1918 පෙබරවාරි මාසයේ දී මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම, ඉතාලිය, හා ප්‍රංශය යන රටවල් සාමූහිකව එකතු වී පොදු සම්මුතියක් ලෙස ජාත්‍යන්තර කම්කරු අයිතීන් රැකීම සහ රහස් රාජ්‍ය සම්බන්ධතා හා වෙනත් අභිමතාර්ථයන් සඳහා පොදු සම්මුතීයක් ‍ඉදිරිපත් කෙරුණි. අන්තර් එකමුතු කම්කරු සමාජීය සම්මුතිය ලෙස එය නම් කෙරුණි. තවද 1918 දෙසැම්බර් මස දී ඇමෙරිකානු කම්කරු සංවිධානය (AFL) විසින් තවත් මතයක් ලොවට ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ සම්මුතිය වූයේ සාමූහික අදහස් ලොවට හුවමාරු කිරීමේ ප්‍රතිපත්තියකි.

ලෝක යුද්ධ‍ය නිමාවීමත් සමඟම, පශ්චාත් යුද්ධයේ ලෝකය තුළ තරඟකාරී දැක්මවල් දෙකක් පැන නැගුණි. පළමුවන දැක්ම අන්තර්ජාතික එක්සත් වෘත්තිය සංගමයයි. එය 1919 ජුලි මස සමුළුවක් කැඳවන ලදී. බර්න් (Berne) සමුළුව විසින් IFTU හි අනාගතය හා පසුගිය වසරවල ඉදිරිපත් කරන ලද විවිධ යෝජනා යන කරුණු දෙකම සළකන ලදී. IFTU මඟින් බලය විමධ්‍යගත කිරීම පිළිබඳ යෝජනා කෙරිණි. ALF හි සභාපති වන සැමුවෙල් ගොම්පස් (Samuel Gompers) එම සමුළුව වර්ජනය කළේය. ඔහු බලය බෙදාහැරීම, යුද්ධ නගා ‍‍ගෙනා පුද්ගලයින් හට රටට ඒමට දොර ඇරීමක් ලෙස සැළකුවේය. ඒ වෙනුවට ඔහු විසින් සභාපතිගේ වුඩ්රෝ විල්සන්ගේ කරුණු දහ හතරට (wodrow wilgan's fourteen points) සහයෝගය දක්වන ලදී. ඇමෙරිකන් නියෝජිතයාගේ සහභාගීත්වය නැතිව වුවද නියම කරගත් පරිදි සමුළුව පැවැත්විණි.

එහි අවසාන වාර්තාවේදී බර්න් සමුළුව විසින් මුදලට වහල් වැඩ කිරීම නැවත්වනු ලැබීය. සමාජවාදය ස්ථාපිත කිරීම යන කාරණා අවධානයට ලක් කෙරිණි. මෙම නැවැත්වීම ඉක්මනින් ලබා ගැනීමට නොහැකි වූවත් එක්සත් ජාතීන්ට සම්බන්ධ වූ ජාත්‍යන්තර ආයතන සේවකයන් හා වෘත්තීය සමිති ආරක්ෂා කිරීමට නීති පැනවීමට කටයුතු කර යුතුයි. මේ අතර පැරිස් සාම සමුළුව (Paris Peace Conference) විසින් කොමියුනිස්ට්වාදයට ජනතාවගේ සහයෝගය අඩුවිම සොයා බලන ලදී. ඉන් පසු එලයිඩ් පවර්ස් (Allied Powers) විසින් කම්කරු සංවිධාන සහ සේවකයන්ගේ අයිති ආරක්ෂා කරන වාක්‍යයක් ඇතුලත් කල යුතු බවට එකඟ විය. අන්තර්ජාතික කම්කරු සංවිධානය ගොඩ නැගිමෙන් අන්තර් ජාතික කම්කරු සම්බන්ධය ගොඩ නැගීමට උදව් වෙයි. සාම සමුලුව මඟින් මෙම යෝජනා කෙටුම්පත් කිරීමට අන්තර්ජාතික කම්කරු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ උපදේශක සමුළුව පිහිටුවන ලදී. 1991 පෙබරවාරි 1 වන දින පළමුවරට එක් වූ කොමිසම මඟින් ගොම්පර්ස් (Gampers) සභාපති ලෙස පත්කර ගන්නා ලදී.

ජාත්‍යන්තර කම්කරු සංවිධාන නියෝජනය කරන රටවල්[සංස්කරණය]

E. H. Greenwood, U.S. Delegate and Harold B. Butler, Secretary-General, with secretarial staff of the පළමු ජාත්‍යයන්තර කම්කරු සමුළුව වොෂින්ටන්හිදී, D.C., October–November 1919, in front of the Pan American Building.

අනෙක් එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිතායතන මෙන් නොව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ව්‍යුහය කොටස් 3 කින් අන්තර්ගතව ඇත. මේවා රාජ්‍ය, හාම්පුතුන් හා සේවකයන් නියෝජනය කරයි.

පරිපාලන ආයතන[සංස්කරණය]

අන්තර්ජාතික කම්කරු කාර්යාලයේ විධායකය පරිපාලන ආයතන වේ. මෙම නිලධාරීන් වසරකට වාර 3 ක් මුණ ගැසීම කරනු ලබයි. මුණ ගැසීම/ සාකච්ඡා කරනු ලබන්නේ වසරේ මාර්තු, ජුනි හා නොවැම්බර් යන මාස වලදී ය. නිලධාරීන් තීරණ ගනු ලබන්නේ (ILO) ප්‍රතිපත්තිවලට අනුවය. මෙහි න්‍යාය පත්‍රය සකසනු ලබන්නේ අන්තර් ජාතික කම්කරු සම්මේලනයට අනුවය. තවද මෙම සංවිධානයට වැඩසටහන් හා අයවැයෙන් යන වාර්ෂික වැඩසටහන් මෙම සමුළුවටම බාරදෙනු ලබයි. තවද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විධායක අධ්‍යක්ෂක තෝරාගනු ලබයි.


ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පරිපාලනය සෑදී තිබෙන්නේ රටවල් 28 ක රාජ්‍ය නිලධාරීන්ගේ එකමුතුවෙන් හා 14 දෙනෙක්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් ය. තවත් 14 දෙනෙක් කණ්ඩායමේ නියෝජිතයන් වශයෙන් සේවය කරති. අන්තර් ජාතික කම්කරු සංවිධානයේ නිත්‍ය සාමාජිකයන් වන්නේ බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ජපානය, ඉතාලිය, රුසියාව, එංගලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි. අවුරුදු 3 කට වරක් මෙහි නියෝජිතයන් තෝරාගනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනි.


ජාත්‍යන්තර කම්කරු සම්මේලනය[සංස්කරණය]

සෑම වර්ෂයකදීම ජුනි මස ජාත්‍යන්තර කම්කරු සම්මේලනය ජිනිවාහි දී පවත්වනු ලබයි. එහි එකඟතාවයන් පොදු සම්මුතීන් තුලින් ඉදිරි සැලසුම් ස්ථාපිත කරයි. තවද ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන අතර අය - වැය හා වැඩසටහන් සම්පාදනය කරනු ලබයි.


සාමාජික රටවල්වල නිත්‍ය රාජ්‍ය නිලධාරීන් දෙකක් හා හාම්පුතුන්ගේ නියෝජනයක් හා සේවක නියෝජනයක් ඉහත සම්මේලනයට සහභාගී වේ. සියලුම නියෝජිතයන්ට ඡන්ද අයිතිය ලැබෙන අතර, සෑම ඡන්දයක්ම එක හා සමානය. නියෝජිතයන්ගේ රටවල ජනගහනය ප්‍රමාණ‍ය මත එම ඡන්ද බලය වෙනස් නොවේ.


ජාත්‍යන්තර කම්කරු ප්‍රඥාප්තිය[සංස්කරණය]

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පොදු සම්මුතියට අනුව මුලික ක්‍රියාකාරීත්වය සිදුවනුයේ අන්තර් ජාතික කම්කරු ප්‍රඥාප්තීන්ට අනුවය. මෙහි නිර්දේශයන්ට අනුව කම්කරු සබඳතා විෂයන් ජාත්‍යන්තර කම්කරු ප්‍රඥාප්තියට අනුකූලව සකසයි. මෙහි මාතෘකා සකසනු ලබන්නේ පහත සඳහන් විෂයන්ට ගැලපෙන ලෙසයි. හමුවීමේ නිදහස, හොඳ සෞඛ්‍ය තත්ත්වය, ආරක්ෂාව, මුහුදු ආශ්‍රිත රැකියාවන් කරන අයට ලැබෙන පහසුකම්, රාත්‍රී සේවකයන්ට ලැබෙන පහසුකම්, සමාන අයිතීන් නොලැබීම, වයස් අඩු සේවයකයන් සේවයේ යෙදවීම හා පීඩනයන්ට ලක්කොට වැඩ ගැනීම.