කේටි පෙරී

විකිපීඩියා වෙතින්
(කැටී පේරි වෙතින් යළි-යොමු කරන ලදි)
කේටි පෙරී
කේටි පෙරී 2016 ඩිමොක්‍රටික් පක්ෂ ජාතික සම්මේලනය හමුවේ ඉදිරිපත් කිරීමක් කරමින්.
උපත
කැතරින් එලිසබෙත් හඩ්සන්

ඔක්තෝබර් 25, 1984 (1984-10-25) (වයස 39)
වෙනත් නම්
  • කේටි හඩ්සන්
  • කැතරින් පෙරී
රැකියාව
  • ගායිකාවක්
  • ගී රචිකාවියක්
  • නිලියක්
  • සමාජ සේවිකාවක්
  • රියැලිටි තරඟ විනිසුරැවරියක්
කලත්‍රයා(යන්)රසල් බ්‍රෑන්ඩ් (වි. 2010; දි. 2012)
සහකරුවා(වන්)ඕර්ලැන්ඩෝ බ්ලූම් (2016-)
දරුවන්1
  • ඩේසි ඩව් බ්ලූම්
ඥාතීන්ෆෑන්ක් පෙරී (මාමා)
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩ
  • ගායන
  • ගිටාර්
  • පියානෝ
සක්‍රීය වර්ෂ1999–අද දක්වා
ලේබල
සම්බන්ධිත රඟපෑම්ද මැට්‍රික්ස්
වෙබ් අඩවියkatyperry.com

කේටි පෙරී යන වේදිකා නාමයෙන් වැඩි දෙනා හදුන්වන කැතරින් එලිසබෙත් "කේටි" හඩ්සන් යනු 1984 ඔක්තෝබර් 25 දින උපත ලැබූ ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක් සහ රියැලිටි තරඟ විනිසුරැවරියකි.

ළමා අවදියේදී පල්ලියේ ගී ගායනා කිරීමේදී තමාට ගායන ක්ශේත්‍රයෙන් ඉදිරියට යාමට හැකි බව තේරුම් ගත් කේටි පෙරී නව යොවුන් වියේදීම ආගමික ගීත ගායනයට යොමු වූවාය. ඇය රෙඩ් හිල් රෙකෝඩ්ස් සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තම පලමු ඇල්බමය වන කේටි හඩ්සන් ඇල්බමය 2001 වසරේදී නිකුත් කලාය. නමුත් එම ඇල්බමය ආදායමෙන් අසාර්ථක ඇල්බමයක් බවට පත් විය.

ඇය රෙඩ් හිල් රෙකෝඩ්ස් සමග ඇති ගිවිසුම අවසන් වූ පසු මීලග අවුරුද්දේදී ලොස් ඇන්ජලිස් වෙත පැමිණියාය. ද අයිලන්ඩ් ඩෙෆ් ජෑම් මියුසික් කණ්ඩායම සහ කොලොම්බියා රෙකෝඩ්ස් යන පටිගත කිරීමේ ආයතන මගින් ඇයව අත්හැරීමෙන් අනතුරුව 2007 වසරේදී කේටි පෙරී කැපිටල් රෙකෝඩ්ස් සමග ගිවිසුමක් අත්සන් කරනු ලැබුවාය.

කේටි පෙරී 2008 වසරේදී සමලිංගික තේමාවක් යටතේ විවාදයට ලක් වූ "අයි කිස්ඩ් අ ගර්ල්" සහ ඇයගේ දෙවන පොප් රොක් ඇල්බමයක් වන වන් ඔෆ් ද බෝයිස්හි "හොට් ඇන්ඩ් කෝල්ඩ්" ගීත මගින් ජනප්‍රියත්වයට පත් විය. ඇයගේ තුන් වන ඇල්බමය වන ටීනේජ් ඩ්‍රීම් (2010) ඩිස්කෝවට ඇතුලත් කර ගන්නා අතර එහි "කැලිෆෝනියා ගර්ල්ස්", "ටීනේජ් ඩ්‍රීම්", "ෆයර්වර්ක්", "ඊ.ටී.", සහ "ලාස්ට් ෆ්රයිඩේ නයිට් (ටී.ජී.අයි.එෆ්.)" එක්සත් ජනපද බිල්බෝඩ් හොට් 100 ඇතුලත් විය. එමෙන්ම එහි "ද වන් දැට් ගොට් අවේ" ගීතය බිල්බෝඩ් වර්ගීකරණයට අනුව 3 වන ස්ථානයට පත් විය.

බිල්බෝඩ් හොට් 100 ලැයිස්තුවටට ගීත 5ක් එකවර ඇතුලත් කරගත් එකම කාන්තා නියෝජනය කේටි පෙරී වන අතර සමස්තයක් ලෙස මයිකල් ජැක්සන්ගේ ඇල්බමයක් වන බෑඩ් ගීත ඇල්බමයට පමනක් මේ වන විට දෙවනුව සිටී. 2012 මාර්තු මස ඇය "පාට් ඔෆ් මී" සහ "වයිඩ් අවේක්" යන ගීත අන්තර්ගත වන ටීනේජ් ඩ්‍රීම්: ද කම්ප්ලීට් කන්ෆ්ලෙක්ශන් ලෙස ඇල්බමයක් නිකුත් කරනු ලැබීය. ඇයගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන "රෝර්" ගීතය ඇතුලත් "ප්‍රිස්ම්" ගීත ඇල්බමය 2014 දී නිකුත් වූ අතර "විට්නස්" හෙවත් පස්වන ගීත ඇල්බමය 2017 දී නිකුත් කලාය. "ස්මයිල්" නැමැති ඇයගේ හයවැනි ගීත ඇල්බමය 2020 වසරේදී නිකුත් විය.

කේටි පෙරී විසින්, "හෙලෝ කේටි" (2009), "කැලිෆෝනියා ඩ්‍රීම්ස්" (2011-2012), "ප්‍රිස්මටික් වර්ල්ඩ් ටුවර්" (2014-2015) සහ "විට්නස්: ද ටුවර්"(2017-2018) ලෙස ප්‍රසංග ලෝක සංචාර 4ක් පවත්වා ඇත.

2015 වසරේදී පැවැත්වුණු, ඇමරිකානු ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹා ඇති රූපවාහිනී විකාශය ලෙස සැලකෙන 49 වන සුපර් බෝල් මහා පාපන්දු තරඟයේ අර්ධ-කාලය තුලදී පෙරී විසින් සිදුකල ඉදිරිපත් කිරීම, මිලියන 118.5 ක් සජීවීව නරඹන ලද අතර, එය සුපර් බෝල් අර්ධ-කාල ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසද වේ. 2013 සිට 2019 දක්වා ට්විටර් සමාජ ජාලය තුල වැඩිම අනුගාමික පිරිසක් සිටි ගිණුමද ඈ සතු වූ අතර ඒ සඳහා ගිනස් ලෝක වාර්තාවක් ද හිමිය.

2018 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ගායිකාව කේටි පෙරී වන අතර, මිලියන 18 කට වැඩි ඇල්බම ප්‍රමාණයක් අලෙවි කිරීමට සමත් වී ඇති ඇය සංගීත ඉතිහාසයේ සාර්ථකම ගායිකාවකි. කෙසේවෙතත් ඇය තවමත් එකදු ග්‍රැමී සම්මානයක් දිනා නොමැත. ලොවම හඳුනන සුපිරි තරුවක් බවට පත්වීම දක්වා ඇයගේ ජීවිත කතාව ඇතුලත් "කේටි පෙරී: පාට් ඔෆ් මී" වාර්තා චිත්‍රපටය 2012 ජූලි මස නිකුත් විය.

කේටි පෙරී දැඩි ක්‍රිස්තියානි ආගමික පවුලකින් පැවතෙන අතර, ඇගේ දෙමාපියන් ආගම් ප්‍රචාරණ කටයුතු වල නිරත වෙති. 2010 වසරේදී කේටි පෙරී, රංගන ශිල්පී රසල් බ්‍රෑන්ඩ් සමග විවාහ වුනු අතර පසුව 2012 දී ඔවුන් දික්කසාද විය. 2019 වසරේදී ඇය ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් රංගන ශිල්පී ඕර්ලැන්ඩෝ බ්ලූම් සමග විවාහ ගිවිසගත්තාය. 2020 මාර්තු මසදී ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තු වන බව 'නෙවර් වෝ(ර්)න් වයිට්' ගීතය හරහා ප්‍රකාශයට පත් කල අතර ඇයගේ හයවැනි ගීත ඇල්බමය නිකුත් වීමට දින දෙකකට පෙර, අගෝස්තු 26 දින "ඩේසි ඩව් බ්ලූම්" නමින් දියණියක් බිහි කළාය.

"https://si.wikipedia.org/w/index.php?title=කේටි_පෙරී&oldid=549331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි