ඊජිප්තියානු දේවාල

විකිපීඩියා වෙතින්
(ඊජිප්තු දේවස්ථාන වෙතින් යළි-යොමු කරන ලදි)
Stone building fronted by a tall gateway, a colonnade, and another gateway.
වමෙහි අටළු සහ ආවෘත මළුවක්ද දකුණෙහි ඇතුළු ගොඩනැගිල්ලද සහිත ෆිලේහී අයිසිස් දේවාලය

පුරාතන ඊජිප්තුවෙහි සහ ඊජිප්තියානු ආධිපතිත්වය යටතේ පැවැති පළාත්වල ඊජිප්තියානු දේවාල තැනුනේ දෙවිවරුන්ට නිල වන්දනාව සිදුකිරීමට පාරාවෝවරුන් සිහිකිරීමටය. ඔවුන් සඳහා කැපකෙරුනු දේවාල සැලකුණේ දෙවිවරුන් හෝ රජවරුන් සඳහා නිවෙස් ලෙසටය. ඊජිප්තියානු ආගමෙහි කේන්ද්‍රීය කාර්යයන් ලෙස සැලකුණු විවිධ පූජාවිධි මාලාවක්, ඊජිප්තියානුවන් විසින් මෙම දේවාල තුල සිදුකෙරුණු අතර, මේවා අතර දෙවිවරුන් වෙත සිදුකෙරුණු පූජාවන්, ඔවුන් හා පැවැති මිථ්‍යාවාදී අන්තර්-සම්බන්ධතා උත්සව මාර්ගයෙන් අළුත් කර ගැනුම, සහ ව්‍යාකූලත්වය ජනිත කරවන බලයන් පලවා හැරීම වැනි දෙය විය. මාආට් නම්වූ විශ්වය තුල දිව්‍යමය ක්‍රමතාවය පවත්වාගෙන යෑමට දෙවිවරුන්ට උපකාරී වීම සඳහා ඔවුන් වෙත මෙම පූජාවිධි පැවැත්වීම ආවශ්‍යයික බවට අදහස් කෙරිණි. දෙවිවරුන්ට නිවහන් සැපයීමට සහ ඔවුන්ට සාත්තු කිරීමට පාරාවෝවරු බැඳී සිටි අතර, එබැවින්ම මෙම දේවාල තැනීම සහ නඩත්තු කිරීම සඳහා ඔවුහූ අතිමහත් සම්පත් සම්භාරයක් වෙන් කලහ. පූජාවිධි සිදුකිරීමට ඔවුන් වෙත පැවැරී තිබුණු රාජකාරි බොහෝමයක්, අවශ්‍යතාවය සපුරාලීමට හැකි වන පරිදී, පාරාවෝවරුන් විසින් පූජකවරුන් සමූහයකට පවරන ලද නමුත්, ජනගහණයෙහි බොහෝ කොටසක් සඳහා මෙම උත්සවයන් හා සෘජු ලෙසින් සහභාගීවීමට අවසර නොලැබුනු අතර සහ දේවාලයන්හී මහත් ශුද්ධවූ කොටස් වලට ඇතුළුවීම ඔවුන්ට තහනම් කර තිබුණි. කෙසේවෙතත්, දේවාලයක් යනු සෑම සමාජ පංතියකම ඊජිප්තිවරුන් සඳහා වැදගත් ආගමික ස්ථානයක් වූ අතර, යාච්ඤාකිරීමට, පූජාවන් පැවැත්වීමට, සහ එහි නිවැසි දෙවියන්ගෙන් දිවැස්මය උපදේශනය ලැබුමට ඔවුහූ එහි ගියහ.

දේවාලයෙහි වඩාත් වැදගත් කොටස වූයේ අභය ස්ථානය වූ අතර, සාමාන්‍යයෙන් එහි වන්දන රූපයක් එනම් දේවාලයෙහි දෙවිවරයාගේ පිළිමයක් තැන්පත් කෙරිණි. ඉතිහාසයෙහි විවිධ කාලසීමාවන් පසුවත්ම, අභය ස්ථානයට පිටතින් වූ කාමරවල ප්‍රමාණය ක්‍රමයෙන් විස්තාරිත වූයේ, පසුකාලීන පූර්ව-රාජවංශික යුගයෙහි (පසුකාලීන ක්‍රිපූ   සතරවන සහස්‍රයෙහිදී) කුඩා සිද්ධස්ථානයන්ගෙන් ඇරඹී නව රාජධානියට ( ක්‍රිපූ   1550–1070 පමණ) සහ ඉන්පසුව අතිවිශාල පාෂාණමය ප්‍රාසාද බවට පරිණාමය වීමට දේවාල ලක්වූ බැවිණි. ඊජිප්තියානු ගෘහ නිර්මාණ ශිල්පයෙහි විශාලතම සහ වඩාත් චිරස්ථායී නිදසුන් අතරට මෙම ප්‍රාසාද ගැනෙන අතර, ඒවායේ කොටස් ආගමික සංකේතත්වයෙහි සංකීර්ණ රටාවන් පරිදී සකස් කොට සහ අලංකෘත කොට තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ඊජිප්තියානු_දේවාල&oldid=392053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි