ඉලන්දාරි දෙයියෝ

විකිපීඩියා වෙතින්
(ඉලන්දාරි දෙවියෝ වෙතින් යළි-යොමු කරන ලදි)

මී හරකුන්ට සහ එල හරකුන්ට අධිපති දේවතාවා ඉලන්දාරි දෙයියෝ හෙවත් ගොපළු යකා වේ.


ඉලන්දාරි දෙවියෝ

අපෙන් ගිලිහී යන පැරණි සිංහල දෙව විශ්වාසයන්ගෙන් තවත් එකක් තමයි ඉලන්දාරි දෙවියෝ.

හියු නෙවිල් විසින් රචනා කරන ලද සිංහල කවි සංග්‍රහයේ කවි පංතියක් ඉලන්දාරි දෙවියන් වෙනුවෙන් වෙන්වී තිබීමෙන් එකල ජනප්‍රයව පැවති දේව විශ්වාසයක් ලෙස උපකල්පණය කල හැකයි.

වන්නි හත් පත්තුවේ කලක් ජනප්‍රියව පැවති දේව විශ්වාසයක් තමයි ඉලන්දාරි දෙවි. හියු නෙවිල් විසින් රචනා කරන ලද සිංහල කවි සංග්‍රහයේ කවි පංතියක් ඉලන්දාරි දෙවියන් වෙනුවෙන් වෙන්වී තිබීමෙන් එකල ජනප්‍රයව පැවති දේව විශවාසයක් ලෙස උපකල්පණය කල හැකයි.

දිනක් පත්තිනි මෑනියන් දිය නෑමට සූදානම් වී ඇගේ හිසේ ගසා පැවති සපු මලක් සළුව මත තබා දිය නෑවාය. ආපසු ගොඩට එන විට දක්නට ලැබුණේ සපු මල නොව හිනැහෙමින් නටන ලස්සන බිළිදෙකි. මලින් උපන් කුමරා යැයි ඉලන්දාරි දෙවියන්ට නම් පට බැදෙන්නේ මේ නිසාය. මොහු ඉතාම රූමත් තරුණයෙක්ව පත්තිනි දේවියගේ පුත් තනතුරේ හැදූ වැඩුණ බව කියවේ. මෙතුමා ඉතාම බල ඇත්තෙක්ව සිටි බව පැරණි කතාන්දර වල සදහන් වෙනවා. පත්තිනි සළඹත් අතින් ගෙන නැව් තොටවල් වල නැව් පෙරළමින් පෙරළි කළේලු. දකුණත රන් තොන්ඩුවක්ද, වමත මුගුරක්ද පැවති බව වර්ණිත කවි වලින් කියවේ. හෙතෙම උණු කිරෙන් සහ බුලතින් පුද ලද බව කියවේ. එක් වැනුමක මෙසේ කියවේ රිටිගල නගරය ඉදිකල ඉලන්දාරි තොමෝ රන් නැවකින් කල්එළියට ගොස් ගොනාවේ සතියක් ගතකොට දිඹුලංකඩ දෙවොලක් තනවා මල් ආරුක්කුවේ යක්ෂයින් රදවා පව්පින් සදහන් කරන පොතක්ද රැගෙන ආවේය. මේ වර්ණනයට අනුව මොහු දේවත්වයට පත්වූ මෙරට කිසියම් බලයක් පැවැති අයෙක් බව පෙනේ. මින්නේරි වැවේ දුපත් හතට, කලා බළොළු වැවට, විල්හතට, තඹලතොමුවට, කලතුරට, මුතු පංතියට, විලච්චියට අණසක පැතිරවූ බව කියවේ. පසුකලක අයියනායක දෙවියන්ගේ සේවක දෙවියෙක් ලෙස වන්දනයට පාතු වුවද, ක්‍රමයෙන් ජන මතකයෙන් මේ කඩවසම් ඉලන්දාරි දෙවියා අමතක වෙමින් පවතී.

මින්නේරිය දොළොස් දූව පසුකර සක්මන් කරන්ඩ ෴ ඉන්නෑරිය මෙ සිංහලේ වැව් බැඳි රට බලා ඉන්ඩ ෴ කන්කාරිය සමඟ මෙ ඔබ කිරි ඉතිරුම් බාර ගන්ඩ ෴ දැන් සූරිය රැස් විලසින් ඉලන්දාරි දෙවි වඩින්ඩ ෴

සැපත පතිනි ජල කෙලියට ගන්තෙර ගොස් සළු දිග ඇරි ෴ විපත ඉසේ තිබු සපුමල සලුපොට පිට ගෙන දිග ඇරි ෴ නැවත එසපු මල බැලු විට කෙළ රන් කුමාරි ෴ උපත පතිනි නම කිව්වේ කුමරු මගේ ඉලන්දාරි ෴

දේවාල[සංස්කරණය]

ප්‍රධාන දේවාලය[සංස්කරණය]

දිඹුල්කඩ

ආයුධය[සංස්කරණය]

රන් කෙවිට

"https://si.wikipedia.org/w/index.php?title=ඉලන්දාරි_දෙයියෝ&oldid=471150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි