Jump to content

ඇඹුල් කෙසෙල්

විකිපීඩියා වෙතින්
(ඇඹුල් වෙතින් යළි-යොමු කරන ලදි)

ව්‍යාජ කඳ රතු පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 3-6 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.3-1 උස්ව වැඩේ. පත්‍ර නටුව පිටතට වක් වී ඇත. පත්‍රයේ මැද නාරටිය රතු පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා රතු පාටට හුරු කොළ පාටය. කෙසෙල් මුහය දම් පාටය. ‌කෙසෙල් ‌ගෙඩියේ මදය රසවත්ය, පිටි රහිතයි. මෙම කෙසෙල් කැනක ඇවරි 7 -13 ක් ලබාගත හැකි ය. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කොළ පැහැතිය‍. කැනක බර කි.ග්‍රෑම් 18-25 ක් පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදය පැනමා රෝගය සඳහා ප‍්‍රතිරෝධීතාවය ඇත. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි සාමාන්‍ය වටිනාකමක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ඇඹුල්_කෙසෙල්&oldid=706955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි