අයිපෑඩ් (4වන පරම්පරාව)

විකිපීඩියා වෙතින්
(අයිපෑඩ්(4වන පරම්පරාව) වෙතින් යළි-යොමු කරන ලදි)

4 වන පරම්පරවේ අයිපෑඩ් යනු ඇපල් සමාගම මගින් නිපදවා වෙලද්පොලට නිකුත් කල tablet පරිගණකයකි.(මෙය Retina සංදර්ශකය සමග වෙලදාම් කරන අතර අයිපෑඩ් 4 ලෙස ව්‍යවහාර කරයර්‍. )මීට පෙර නිකුත් කල පරම්පරා සමග සංසන්දනය කල විට 4 වන පරම්පරාවේ ipadය Retina සංදර්ශකය පවත්වා ගෙන ඇති නමුත් නවතම අංග සහ කොටස් වැඩි දියුණු කර ඇත.2012 සැප්තැම්බර් 12 වන දින හදුන්වා දුන් ඇපල් A6x චිපය සහ lightinig සම්බන්ධකය නවතම අංග වේ.මෙය ios6.0 සමග එන අතර iso6.0 audio visual මාධ‍යට platformයක් සාදන අතර මෙහි ඉලෙක්ට්‍රොනික් පොත්,පුවත්පත්,චිත්‍රපට ,සංගීතය, පරිගණක ක්‍රීඩා,presentation සහ වෙබ් අන්තර්ගතයන් ඇතුලත් කර ඇත.

2012 ඔක්තෝම්බර් 23 වන දින මාධය සාකච්චාවකදී පලමුව මේ ipadය පිලිබදව නිවේදනය කරන ලදී.මෙම ipadය 2012 නොවැම්බර් 2 වන දින රටවල් 35ක වෙලදපොලට නිකුත් කරන ලදී.මෙම උපාංගය දේසැම්බරය පුරවටම චීනය,ඉන්දියව,බ්‍රසීලය යන රටවල් සමග රටවල් 10කට නිකුත් කරන ලදී.4 වන පරම්පරවේ ipad පිලිබද නිවේදනය කර පසු 3 වන පරම්පරවේ නවත්වන ලදී.

මෙම උපාංගය කලු හෝ සුදු ඉදිරිපස පැනලයකින් සමන්විත වන අතර විවිධ පරිගනක සම්බන්ධන හැකියවක් සහ දත්ත ගබඩා පහසුකම් ඇත.ගබඩා විශලත්වය වන්නේ 16GB,32GB,64GB,128GB වේ. යොදා ගත හැකි සම්බන්ධත නම් wi fi පමනක් සහ wi fi සමග ජංගම දුරකතන පද්ධතිය හැකියව සමග.

මෙම ipadය දෘඩාංග වැඩි දියුනු කිරිමට තුනීවට සාදා ඇත.ඒ අයුරෙන් Retina සංදර්ශකය නිපදවා ඇත.4 වන පරම්පරාවේ ipadය CPUවට අදාල කාර්යන් පුර්ව පරම්පරාවන්ට වඩා දෙගුණයක් වේගයෙන් සිදුකරන බව අනාවරණය කර ඇත.වෙලදාමේ පලමු සතියේ මිලියන 3ක 4 වන පරම්පරාවේ ipad සහ ipad Minis විකිණීම සිදු කර ඇත.

ඉතිහාසය[සංස්කරණය]

2012 ජුලි මස ඩිජිටයිම් පුවත්පතේ අනාවැකි වලට අනුව ඇපල් සමාගම අනුරැපික ප්‍රභව යොදාගෙන කුඩා ප්‍රමණයේ ipad සැදු බවත් එවා නිකුත් කිරිමට 2012 අග කාලය යොදගත් බවත් කියවේ.2012 ඔක්තෝම්බර් 16 දී ඇපල් සමාගම මගින් නිවේදනයක් පල කලේය.එනම් ඔවුන්ගේ මාධය අංගයක් ඔක්තෝම්බර් 23 වන දින Sanjose කැලිෆොනියා හිදි කැලිෆොනියා රගහලේ පැවැත්වෙන බවයි.මෙම සමාගම, මාධය අංගයේ මාතෘකාව කලින් හෙලි කල අතර විශාල පිරිසක් බලාපොරොත්තු වුයේ මෙම අංගය ipad mini පිළිබද වන බවයි.මාධය අංගයට ටික කලකට පෙර උපාංගයේ dock සම්බන්ධකය හා ඉදිරිපස කැමරාවේ ඡායාරූප එලිදක්වන ලදී.

මාධය අංගයේදී ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධරී ටිම් කුක් විසින් නවතම අනුවාදය වන iBooks ,නව පරම්පරාවේ Mac Book Pro ,mac mini සහ iMac යන උපංග 4 වන පරම්පරාවේ ipad සහ ipad Mini උපංග වලට ප්‍රථමව විවෘත කලේය.අනාවරණය කරන අතරතුරේ දී ඇපල් සමාගම 4 වන පරම්පරාවේ ipad සබැදි හරහා තෝරගත් රටවල් වලට කලින් ඇනවුම් කිරීමට ඔක්තෝම්බර් 26 දින සිට අරඹන ලදී.නොවම්බර් 2 දින ඇපල් සමාගම විසින් උපංගයේ WiFi මොඩලය යුරෝපය ,නැගෙනහිර ආසියව හා ඇමරිකාව හරහා රටවල් 35කට නිකුත් කරන ලදී.උපංගයේ ආරම්භක නිකුත් කිරිමට සති කිහිපයකට පසු ජංගම දුරකතන මොඩලය නිකුත් කරන ලදී.

4 වන පරම්පරවේ ipad නිකුත් කර පසු පුර්ව පරම්පරා නිකුත් කිරිම නවතා දමන ලදී.මේ හේතුව නිසා විශාල පුර්ව පරම්පරාවේ පරිශිලකයන් මෙයට විරුද්ධ විය.මෙයට පිළිතුරක් වශයෙන් බාරදිමේ ප්‍රතිපත්තිය දින 14 සිට දින 30 දක්වා දීර්ඝ කරන ලද බව ItProportal සටහන් කර ඇත.මොඩල දෙකේම මිල සමාන බවත් 3 වන පරම්පරාවේ ipad මිල දී ගත් අයට මෙම කාල පරාසය තුල 4 වන පරම්පරාවේ ipad මාරු කළ හැකි බවත් ItProportal සටහන් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අයිපෑඩ්_(4වන_පරම්පරාව)&oldid=471142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි