අප‍්‍රිකානු ඇමරිකානු අධ්‍යයන

විකිපීඩියා වෙතින්

අප‍්‍රිකානු අමෙරිකානු අධ්‍යයන යන්න අප‍්‍රිකානු අධ්‍යයන හෝ කළු ජාතික අධ්‍යයන වල උප කොට්ඨාසයකි. මෙය අප‍්‍රිකානු අමෙරිකානුවන්ගේ ඉතිහාසය සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ වූ අන්තර් කලාපීය අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයකි. වඩා පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය හුදෙක් අමෙරිකාවේ වෙසෙන අප‍්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොවේ. එය බි‍්‍රතාන්‍ය දූපත් සිට කැරිබියානු දූපත් දක්වා විසිර සිටින සමස්ත අප‍්‍රිකානු ඩයස්පෝරාව පිළිබඳ අධ්‍යයනය කි. මෙම ක්‍ෂෙත‍්‍රය අප‍්‍රිකානු අමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය දේශපාලනය ආගම හා ආගම් අධ්‍යයනය සමාජ විද්‍යාව සහ වෙනත් බොහෝ සමාජ විද්‍යාත්මක හා මානව ශාස්ත‍්‍ර විෂය පථයේ කොට්ඨාස හරහා විහිද ඇත .

සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රාන්තයේ කළු ජාතික අධ්‍යයන වල පස් මසක වැඩ වැරුමෙන් ඇරඹී අන්තර් වාර්ගික සිසුන් විශ්ව විල පද්ධති තුල ගෙනගිය බොහෝ ක‍්‍රියාකාරකම් හේතුවෙන් 1960 හා 1970 දශක වල දී බොහෝ විශ්ව විද්‍යාල වල අප‍්‍රිකානු අමෙරිකානු අධ්‍යයන සඳහා පාඨමාලා හා පීඨ නිර්මාණය විය. 1968 පෙබරවාරි මස දී සැන් ෆ‍්‍රැන්සිස්කෝ ප‍්‍රාන්තය නේදන් හෙයාර් නම් සමාජ විද්‍යාඥයා පළමු කළු අධ්‍යයන පාඨමාලාව සම්බන්ධීකරණය කිරීමටත් පළමු කළු ජාතිකයන් පිළිබඳ අධ්‍යයන පීඨය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටත් සහභාගි කර ගත්තේ ය. 1968 දී පීඨය ඇරඹුනු අතර 1969 වසන්තයේ පැවති පස් මස් වැඩ වැරුම අවසානයේ දී නිල වශයෙන් ක‍්‍රියාත්මක විය. කළු ජාතික අධ්‍යයන පිළිබඳ පීඨ හා පාඨමාලා ආරම්භ කෙරුම පිළිබඳ ඉල්ලීම් හා උද්ඝෝෂණ සුළුතර ශිෂ්‍ය ප‍්‍රජාව හා ඔවුනගේ සහයෝගීන් අතර සුළභ විය. තම සංස්කෘතීන් හා විෂය පථයන් සාම්ප‍්‍රදායික අධ්‍යාපනික රාමු නිසා පසෙකට වී ඇති බව ඔවුනගේ මතය විය.

කළු ජාතික අධ්‍යයන යනු ලෝකයෙහි වෙසෙන කළු ජාතික ජනතාව පිළිබඳ කෙරෙන ක‍්‍රමානුකූල අධ්‍යයනයකි. එයට ඔවුනගේ ඉතිහාසය සංස්කෘතිය සමාජ විද්‍යාව සහ ආගම ආදිය ඇතුලත් වේ. එය කළු ජාතික අත්දැකීම් පිළිබඳ අධ්‍යයනයක් වන අතර ඔවුනගෙන් සමාජයටත් සමාජයෙන් ඔවුනටත් සිදුවූ බලපෑම් පිළිබඳ විග‍්‍රහයකි. මෙබඳු අධ්‍යයනයක් බොහෝ වාර්ගික ඒකාකෘතීන් විනාශ කිරීමෙහි ලා වැදගත් විය හැකිය.

අප්‍රිකානු ඇමරිකානු අධ්‍යයනයන්හී විද්වතුන්[සංස්කරණය]