තාරකාවේදය-අගහරුගේ කක්ෂය සහ භ්‍රමණය

විකිපීඩියා වෙතින්
(අගහරුගේ කක්ෂය සහ භ්‍රමණය වෙතින් යළි-යොමු කරන ලදි)

අගහරුගේ සිට සූර්යයාට සාමාන්‍ය දුර දළ වශයෙන් කිලෝමීටර මිලියන 230 ක් වන අතර එහි කක්ෂගත වීමේ කාලය පෘථිවි දින 687 ක් වේ. අගහරුගේ සූර්ය දිනයක් පැය 24 මිනිත්තු 39 තප්පර 35.244 ක් වන බැවින් එය පෘථිවියේ සූර්ය දිනයකට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. අගහරුගේ වසරක් පාථිවි වර්ෂ 1.8809 කට නැතිනම් වසරක් දින 320 ක් සහ පැය 18.2 කට සමාන වේ.

අගහරුගේ අක්ෂයෙහි අංශක 25.19 ක ආනතියක් ඇති අතර එය පෘථිවි අක්ෂයේ ආනතියට ආසන්න වශයෙන් සමාන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අගහරු ග්‍රහයාගේ ද පෘථිවියේ මෙන් සෘතු දක්නට ලැබෙන අතර අගහරු ග්‍රහයාගේ වර්ෂය පෘථිවි වර්ෂයට වඩා දීර්ඝ බැවින් එහි සෘතු කාල පරාසයන් ද දීර්ඝ වේ. අගහරු ග්‍රහයා සූර්යයාට සමීපතම ලක්ෂයට 2007 ජුනි මාසයේ දී පැමිනුන අතර සූර්යයාගෙන් දුරස්තම ලක්ෂයට පැමිනුනේ 2008 මැයි මාසයේ දීය.

අගහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රියතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමීණ. කෙසේ නමුත් අතිතයේ දී අගහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රියතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අගහරැ පෘථිවි වක්‍රය වන වසර 100,000 සමග සසදන විට අගහරු ග්‍රහයාගේ විකේන්ද්‍රියතාවන චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහ ලෝක වන ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අගහරැ ග්‍රහයාගේ විකේන්ද්‍රිය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අගහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ.