Wikipedia:Current events
From Wikipedia
'''ලෝක බෞද්ධ සංඝ සමුළුවට ශ‍්‍රී ලංකාවෙන් දෙසියනමක් වඩිති'''
තායිලන්තයේ දී පැවැත්වෙන ලෝක බෞද්ධ සංඝ සභාවේ සිවු වැනි සමුළුව සඳහා භික්ෂුන් වහන්සේලා 200 නමක් ශී‍්‍ර ලංකාවෙන් සහභාගි වෙති.
ලෝක බෞද්ධ තරුණ සංඝ සභාවේ මහ ලේකම් මුගුණවෙල අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි ලංකාවේ සියලුම දිස්ති‍්‍රක්ක නියෝජනය වන සේ මෙම භික්ෂුන් වහන්සේ තෝරාගනු ලැබ තිබේ.
මෙම සමුළුව සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළු ලොව සියලුම බෞද්ධ රටවල භික්ෂුන් වහන්සේලා දෙදහසක් පමණ සහභාගි වෙති.මෙම තායිලන්ත භික්ෂු සමුළුවට සහභාගි වන සියලුම භික්ෂුන් වහන්සේලා ගේ සාකච්ඡාවක් හෙට (9) හෝකන්දර ධර්මායතනයේ දී පැවැත්වෙන අතර, ඊට සියලු හිමිවරුනට සහභාගි වන ලෙස ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මාධ්‍ය ලේකම් විතාරන්දෙණියේ වජිරවංස හිමියෝ දන්වා සිටිති.

