ජාතික නිදහස් දින ලැයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Lua දෝෂය in Module:Redirect at line 58: could not parse redirect on page "නිදහස් දිනය".

සඳහා නිදහසට සම්බන්ධ නොවන දේශමාමක දින, බලන්න ජාතික දිනය.
  නිදහස-සබැඳි ජාතික දිනය
  වෙනත් ජාතික දිනය
  නිල ජාතික දිනයක් නැත

නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් හමුදාමය අධිවාසයක් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.

ලැයිස්තුව[සංස්කරණය]

පහත දැක්වෙන්නේ, ලොව පුරා රටවල නිදහස් දිනයන්ගේ අර්ධ ලැයිස්තුවකි:

රට දිනය වසර නිදහස සිද්ධිය
 අබ්ගාසියාව ජූලි 4 1993 1933 දී ජෝර්ජියා වෙතින් තත්වාකාර නිදහස. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1999 දීය. එ.ජ. නිදහස ප්‍රකාශ කළ දිනදීම එය සිදුකෙරුණු මුත් එ.ජ. නිදහස ප්‍රකාශ කළේ 1776 දීය.[1] (අර්ධ වශයෙන් පිළිගැනුමක් පමණයි.) 1992-1993 අබ්ගාසියාවේ යුද්ධය නිම වීම; "විමුක්ති දිනය" ලෙසින්ද හැඳින්වෙයි.
 ඇෆ්ගනිස්තානය අගෝස්තු 19 1919 ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු පිළිබඳ එක්සත් රාජධානියේ පාලනය වෙතින් 1919 දී නිදහස. ඇෆ්ගනිස්තාන නිදහස් දිනය
 ඇල්බේනියාව නොවැම්බර් 28 1912 1912 දී ඉස්මයිල් කිමාලි විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සියවස් පහක ඔටෝමාන් පාලනයේ නිමාව සනිටුහන් කළේය. ඩිටා ඉ පවරසිසෙ
 ඇල්ජීරියාව ජූලි 5 1962 1962දී ප්‍රංශය වෙතින් නිදහස.
 ඇන්ගෝලාව නොවැම්බර් 11 1975 1975දී පෘතුගාලය වෙතින් නිදහස ලැබීම.
 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා නොවැම්බර් 1 1981 1981දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ආර්ජන්ටිනාව ජූලි 9 1816 1816දී ස්පාඤ්ඤ අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කරන ලදි.
 ආර්මේනියාව මැයි 28 1918 1918දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම.
 ආර්මේනියාව සැප්තැම්බර් 21 1991 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස. ජාතික දිනය
 ඔස්ට්‍රියාව ඔක්තොම්බර් 26 1955 1955දී ස්වෛරීත්වය යළි ස්ථාපනය. ජාතික දිනය
 අසර්බයිජාන් මැයි 28 1918 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස සහ ජනරජය ප්‍රකාශයට පත් කිරීම ජනරජ දිනය
 අසර්බයිජාන් ඔක්තොම්බර් 18 1991 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි නිදහස් දිනය
 බහාමාස් ජූලි 10 1973 1973දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 බහරේන් අගෝස්තු 15 1971 1971දී එක්සත් රාජධානිය වෙතින් නිදහස බහරේන් නිදහස් දිනය
 බංග්ලාදේශය මාර්තු 26 1971 පකිස්තානය වෙතින් නිදහස ප්‍රකාශ කරන ලද අතර මේ නිසා මාස-නවයක් පුරා පැවති යුද්ධය නිමා වූයේ දෙසැම්බර් 16, 1971 දිනදීය. බංග්ලාදේශයේ නිදහස් දිනය
 බාබඩෝස් නොවැම්බර් 30 1966 1966දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 බෙලාරූස් ජූලි 3 1944 වසර කිහිපයක් පැවති ජර්මානු අධිවාසයට පසුව 1944 දී මින්ස්ක් මුදවා ගැනීම.
 බෙල්ජියම ජූලි 21 1831 1830 ඔක්තොම්බර් 4 දිනදී නෙදර්ලන්තය වෙතින් නිදහස (බෙල්ජියානු විප්ලවය). 1831 ජූලි 21 දිනදී සැක්ස්-කෝබර්ග්-සාල්ෆෙල්ඩ්හී ලියෝපෝල්ඩ් රජ පළමු බෙල්ජියානුවන්ගේ රජ ලෙස දිවුරුම් දුනි. ජාතික දිනය
 බෙලීස් සැප්තැම්බර් 21 1981 1981 සැප්තැම්බර් 21 දිනදී එක්සත් රාජධානිය වෙතින් නිදහස. සැප්තැම්බර් උත්සව
 බෙනින් අගෝස්තු 1 1960 1969 දී ප්‍රංශය වෙතින් නිදහස.
 බොලිවියාව අගෝස්තු 6 1825 1825 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
 බොස්නියා සහ හර්සෙගොවිනා මාර්තු 1 1992 1992දී යුගෝස්ලාවියානු සමාජවාදී ෆෙඩරල් සමූහාණ්ඩුව වෙතින් නිදහස. නිදහස් දිනය (බොස්නියා සහ හර්සෙගොවිනා)
 බොට්ස්වානා සැප්තැම්බර් 30 1966 1966දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 බ්‍රසීලය සැප්තැම්බර් 7 1822 1822 සැප්තැම්බර් 7 දිනදී පෘතුගාලය වෙතින් නිදහස. පිළිගැනුම, 1825 අගෝස්තු 29 දිනදී. නිදහස් දිනය (බ්‍රසීලය)
 බෲනයි ජනවාරි 1 1984 1984දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ජාතික දින උත්සව පැවැත්වෙනුයේ පෙබරවාරි 23 දිනදීය.
 බල්ගේරියාව සැප්තැම්බර් 22 1908 1908දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස.
 බර්කිනා ෆාසෝ අගෝස්තු 5 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 බුරුමය ජනවාරි 4 1948 1948දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය (බුරුමය)
 බුරුන්ඩි ජූලි 1 1962 1962දී බෙල්ජියම වෙතින් නිදහස.
 කාම්බෝජය නොවැම්බර් 9 1953 1953දී ප්‍රංශය වෙතින් නිදහස
 කැමරූන් ජනවාරි 1 1960 1960දී ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 කේප් වර්ඩ් ජූලි 5 1975 1975දී පෘතුගාලය වෙතින් නිදහස.
 මධ්‍යම අප්‍රිකානු ජනරජය අගෝස්තු 13 1960 1960දී ප්‍රංශය වෙතින් නිදහස .
 චෑඩ් අගෝස්තු 11 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 කොලොම්බියාව ජූලි 20 සහ අගෝස්තු 7 1810 1810දී ස්පාඤ්ඤය වෙතින් නිදහස .
 කොන්ගෝ, ජනරජය අගෝස්තු 15 1960 1960දී ප්‍රංශය වෙතින් නිදහස .
 ඉක්වදෝරය අගෝස්තු 10 1809 1809, අගෝස්තු 10 දිනදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලද මුත්, 1810, අගෝස්තු 2 දින වන විට ව්‍යාපාරයේ සියළුම කුමන්ත්‍රණකරුවන් මරණයට පත් කරන ලදින් අසාර්ථක විය.
 එස්ටෝනියා අගෝස්තු 20 1991 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශයට පත් කෙරිණි
 ගැබෝන් අගෝස්තු 17 1960 1960දී ප්‍රංශය වෙතින් නිදහස .


 ඉන්දියාව අගෝස්තු 15 1947 1947 දී එක්සත් රාජධානියෙන් නිදහස ලැබීම. නිදහස් දිනය (ඉන්දියාව)
 ඉන්දුනීසියාව අගෝස්තු 17 1945 1945, අගෝස්තු 17 දිනදී, නෙදර්ලන්තය වෙතින්, නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (හරි ප්‍රොක්ලමාසි කමර්ඩේකාන් ආර්.අයි.). 1949 දී නෙදර්ලන්තය විසින් ඉන්දුනීසියානු නිදහස සහ ස්වෛරීත්වය පිළිගන්නා ලදි. 2008 දී ඕලන්ද රජය විසින් විධිමත් ලෙසින් පිළිගත්තේ ඉන්දුනීසියානු නිදහසෙහි එකම සත්‍ය දිනය 1945, අගෝස්තු 17 දිනය බවයි [2]
 අයිවරි කෝස්ට් අගෝස්තු 7 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
 ජැමෙයිකාව අගෝස්තු 6 1962 1962දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 කොරියාව, දකුණු අගෝස්තු 15 1945 ( ක්වොංබුක්ජයිල්) 1945දී ජපානය වෙතින් නිදහස. (ජපානය වෙතින් නිදහස, 1919, මාර්තු 1 දිනදී ප්‍රකාශයට පත් කෙරිණි. 1945, අගෝස්තු 15 යනු, කොරියාවේ නිල විමුක්ති දිනයයි.)
 කුර්දිස්තානය අගෝස්තු 31 1991 1991දී එසොසස වෙතින් නිදහස .
 මලයාව අගෝස්තු 31 1957 (හරී මර්ඩේකා) 1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස (1963, සැප්තැම්බර් 16 දිනදී, උතුරු බෝර්නියෝව (සාබා), සාර්වක් සහ සිංගප්පූරුව හා සමගින් එකතුව මලයාසියානු සන්ධීය රාජ්‍යය පිහිටුවීය).
 මෝල්ඩෝවා අගෝස්තු 27 1991 (නිදහස් දිනය) 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම. ජාතික දිනය
 නයිජර් අගෝස්තු 3 1960 1960දී ප්‍රංශය වෙතින් නිදහස.
 උතුරු බෝර්නියෝව අගෝස්තු 31 1963 1963දී එක්සත් රාජධානිය වෙතින් නිදහස (1963, සැප්තැම්බර් 16 දිනදී, මලයා සන්ධීය රාජ්‍යය, සාර්වක් සහ සිංගප්පූරුව හා සමගින් එකතුව මලයාසියානු සන්ධීය රාජ්‍යය පිහිටුවීය). පසුව සාබා ලෙසින් නම් කෙරිණි.
 පකිස්තානය අගෝස්තු 14 1947 1947, 27 රමඩාන් අල් මුබාරික්, අගෝස්තු 14දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. යෝම්-ඊ-අසාඩී
 පෙරූ ජූලි 28 1821 1821දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. ෆියෙස්ටාස් පැත්‍රියාස්
 රුවන්ඩා ජූලි 1 1962 1962 දී බෙල්ජියම වෙතින් නිදහස.
 සිංගප්පූරුව අගෝස්තු 9 1965 1965දී මලයාසියානු සන්ධීය රාජ්‍යය වෙතින් නගර රාජ්‍යයේ ඉවත්වීම/නෙරපාහැරීම සිහිකෙරෙයි. නිදහස් දිනය (සිංගප්පූරුව)


 සොලොමන් දිවයින් ජූලි 7 1978 1978දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ශ්‍රී ලංකාව පෙබරවාරි 4 1948 1948දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය (ශ්‍රී ලංකාව)
 ස්වාසිලන්තය සැප්තැම්බර් 6 1968 1968දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අගෝස්තු 31 1962 1962දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
 උරුගුවේ අගෝස්තු 25 1825 1825 දී බ්‍රසීලය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම (ඩෙක්ලරසියොන් ඩි ලා ඉන්ඩිපෙන්ඩෙන්සියා)
 සැම්බියාව ඔක්තොම්බර් 24 1964 1964දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.


ආශ්‍රිත[සංස්කරණය]

සාමාන්‍ය
විශේෂිත