මැක් (Mac) OS X

Wikipedia වෙතින්

(Mac OS X වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, ගවේෂණය

මැක් OS X යනු ඇපල් සමාගම මගින් ගොඩනංවා, වෙළඳ පොළට ඉදිරිපත්කර විකිණීම සිදු කරන ලියාපදිංචි වෙළඳ නාමයක් යටතේ විකුණනු ලබන චිත්‍රක මෙහෙයුම් පද්ධතියකි. එහි නවතම සංස්කරණය දැනට නැව්ගත කර ඇත. සියලු මැකින්ටෝෂ් පරිගණකවල අන්තර්ගත කර ඇත. මැක් OS X , 1984 සිට ඇපල්හි මූලික මෙහෙයුම් පද්ධතිය වූ මැක් OS ට වූ අනුප්‍රාප්තිකය විය. එහි පූර්ව ගාමිකයා මෙන් නොව මැක් OS X යුනික්ස් මෙහෙයුම් පද්ධතියක් වන අතර 1980 සිට 1977 දී ඇපල් සමාගම විසින් එම සමාගමත් මිළ දී ගන්නා තෙක් නෙක්ස්ට් (NeXT) සමාගම මගින් දියුණු කරන ලද තාක්ෂණයක් මත ගොඩනගා ඇත. 1999 දී මෙහෙයුම් පද්ධතිය මූලින්ම මැක් Mac OS X සර්වර් 1.0 ලෙස නිකුත් විය. 2001 මාර්තු මස වැඩතල දෙසට හැඩගැසුණු (මැක් Mac OS X v10.0) සංස්කරණයක් ද නිකුත් විය. එතැන් සිට මැක් OS X හි වඩා වෙනස් “පරිශීලක” හා “සේවාදායක” මෙහෙයුම් පද්ධති සංස්කරණ පහක් නිකුත් වී ඇත. මෙයින් වඩාත්ම මෑතක දී නිකුත් වූයේ මැක් (Mac) OS X v10.5ය. ඒ 2007 ‍ඔක්තෝබර් මාසයේ දීය. මැක් OS X නිකුත්වීම නම් තබා ඇත්තේ බළල් පවුලේ විශාල සාමාජිකයන්ගේ නම්වලිනි. මැක් OS X v10.5 ඇපල් හා එහි පරිශීලකයන් විසින් හඳුන්වනු ලබන්නේ “දිවියා” ලෙසය. සත්කාරක සංස්කරණයවන මැක් OS X සර්වර් (Server) සැලසුමෙන් වැඩතල සංස්කරණයට සමාන වන නමුත් සාමාන්‍යයෙන් ධාවනය වන්නේ ඇපල්හි මැකින්ටෝෂ් සත්කාරක දෘඩාංග මතයි. මැක් OS X සර්වර් හි ක්‍රියාකාරී පරිගණක සමූහ කළමණාකරණය හා පරිපාලනයට මෘදුකාංග මෙවලම් අන්තර්ගත වේ. එම මෙවලම්, ලියුම් හුවමාරු නියෝජිතයේ , සැම්බා සත්කාරක , LDAP සත්කාරක , වසම් නාම සත්කාරක හා අනෙකුත් වැදගත් ජාල සේවාවලට පහසු ප්‍රවේශ සලසයි.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Operating_systems#Mac_OS_X



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A_(Mac)_OS_X" වෙතින් නැවත ලබාගන්නා ලදි